saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3640 hours ago

LATEST

සමූපකාර රක්ෂණ සමාගමේ නව සභාපති බැසිල්

calendar_today 2023 ජුනි 13 - 09:49 remove_red_eye - 1936  

සමුපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ඒ. බැසිල් සේනාධීර මහතා පත් කොට තිබේ.

රුපියල් ශක්තිමත් වීම සැලකිල්ලට ගෙන අද (13දා) දින සිට නිෂ්පාදනය කරන අභ්‍යාස පොත් ඇතුළු සියලු පාසල් උපකරණ මිල හා අනෙකුත් කඩදාසි නිෂ්පාදන මිල 20%ත් 25%ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට තීරණයකළ බව සමස්ත ලංකා කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

Read More

හෙද පුහුණුවෙන් පසු පැවැත්වූ අවසන් විභාගයට පෙනී සිටි2595 දෙනෙකුගෙන් සමත් වී තිබෙන්නේ 844 දෙනෙකු බව ඒකාබද්ධ හෙද සේවා සංගමය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (trial at bar) පත් කරන ලදි.

Read More

වසර 23 ක සේවයෙන් පසුව යළිත් ප්‍රංශය වෙත භාර දීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 330 - 200 පළමු ගුවන් යානය සූදානම් කර තිබේ.

Read More

මඩකලපුවල සිට්ටන්ඩි ප්‍රදේශයේ යුද හමුදා භට පිරිස් විසින් මෙහෙයුම් අවශ්‍යතා සඳහා මෙතෙක් භාවිතා කළ ප්‍රදේශයේ අක්කර 8.6 ක ඉඩමක් පසුගියදා නිදහස් කර නැවත බාර දුන් බව යුද හමුදාව පවසයි.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත වලංගු රැකියා අනුමැතියකින් තොරව දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් අයකර, අයදුම්පත් රැස්කර සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ පේරාදෙණිය Upcountry Manpower ආයතනයේ හිමිකරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.06.10 දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, ගල්කන්ද ප්‍රදේශයේදී විදුහල්පතිවරයෙකු දුම්රියක ගැටීම හේතුවෙන් ඊයේ (11) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

Read More

බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ පොලිස් බලප්‍රදේශ 5 ක් ආවරණව වන පරිදි අද (12) අලුයම සිදුකළ පැය 3 ක විශේෂ මෙහෙයුමකින් හොරොයින් , අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 35 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගාත්මක කාලවකවානුව කළමනාකරණය කර ගනිමින් මේ වන විට එය වඩාත් සාධනීය තැනකට ගෙන එමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි මාස දෙක තුළ ඖෂධ හිඟය අවම කිරීමටත්, බෙහෙත් මිල පහළ දැමීම ඇතුළු කටයුතු රාශියක් 90% කින් පමණ ප්‍රමාණයකින් සාධනීය තැනකට ගෙන ඒමට හැකි වෙතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Read More

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර තිබේ.

Read More

අම්බලන්තොට වලවේ ගඟට දිය නෑමට ගිය කාන්තාවක් කිඹුලෙක් අද (12) පස්වරුවේ ඩැහැගෙන යෑමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි.

Read More

මෙහිදී ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටියේ, ’ඔබතුමා මට ඉතිහාසය උගන්වනවද? නැත්නම් මම ඔබතුමාට ඉතිහාසය උගන්වන්නද?’ යනුවෙනි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන මාසයේදී ඉන්දියාවේ සංචාරයකට එක්වීමට නියමිත අතර ඊට පෙර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විදුලි බල ජාල සම්බන්ධතාව ඇතිකර ගැනීම වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ඉදුරුව ඇටවලවත්ත ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් පහරදී ඝාතතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් අද (12දා) උදේ ඇයගේ නිවස ඉදිරිපිට තිබී සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙ කඩා වැටීමක් අද දිනයේදි දක්නට ලැබුණි. ඒ අනුව පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේදී මෙම කඩා වැටීම දක්නට ලැබුණි.

Read More

දස හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේ වැසිකිලිය තුල දි රෙදි පටියකින් ගෙල වළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා පැවසිය.

Read More

යුද්දෙන් පසුව නැවත පදිංචි වූ වැසියන් වෙනුවෙන් යාපනය යුධ හමුදා කදවුරු සීමාවන්ට අයත්ව තිබු යාපනය, කන්කසන්තුරය මාන්කොල්ලෙයි වෛරව හින්දු කෝවිල් ඉඩම සිවිල් වැසියන් වෙතට ලබාදීමට පියවර ගෙන තිබුණි.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙතට ජුලි 01 වනදා සිට සතියේ සිකුරාදා සහ ඉරිදා දිනයන්හි උපකාරක පන්ති නොපවත්වන ලෙසට යාපනය දිසාපති ඒ. සිවපාලසුන්දරම් මහතා දැනුම් දී ඇත.

Read More

ජනතාවට බදු සහන ලබා දෙන්නේ කෙසේදැයි මේ දිනවල රජය සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

වීරකැටිය කැප්පිටියාව ගම්මානයත් තරුණ කෘෂිව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ඊයේ (11) ආරම්භ විය.

Read More

කොරියානු නැව් ඉදිකිරීම් රැකියා සදහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය සහ කොරියානු ක්ලූලයිෆ් ආයතන අතර අවභෝධතා ගිවිසුමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද අත්සන් කළේය.

Read More

කොළඹ කුරුණෑගල මාර්ගයේ වරකාපොල පොලිස් වසමේ තුල්හිරිය ප්‍රදේශයේ ත්‍රි රෝද රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

එළඹෙන මහ කන්නයේ සිට යූරියා පොහොර මිටියක් රුපියල් 5000කට අඩු මුදලකට ගොවින්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

මීගොඩ ගැමුණු මාවත ප්‍රදේශයේදී බත්තරමුල්ල සමුපාකාර රක්ෂණ සමාගමේ උප සභාපතිවරයාට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර සමුපාකාර රක්ෂණ සමාගමේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ලෝක ටෙස්ට් ශූරතාව ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. එංගලන්තයේ ඕවල් පිටියේ පැවැති තරගයේ ලකුණු 444ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 234ක් පමණි.

Read More

අනාරක්ෂිත ලෙස ක්‍රියාත්මක කළ තණකොළ කපන මැෂිමේ තලය කුඩා දරුවකුගේ උදර ප්‍රදේශයේ ගැටී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ සීයා ඊයේ (10දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නවක සිසුන් පිරිසකට නවක වදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්එම පීඨයේ දෙවන වසරේ සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කළ බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනිදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට වසර 80 ක් සපිරීම නිමිත්තෙන් ජූලි මස 01 වැනි දින පෙරවරු 10.00 සිට මහජනතාවට විවෘත දිනයක් ලෙස එහි පාලන අධිකාරිය ප්‍රකාශයට පත් කොට තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.