විස්සයි20 පිටියේදී ශ්රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම කඩුලු 100 ලබාගත් පන්දු යවන්නා ලෙස ශ්රි ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග වාර්තා අතරට එක්වීය.
ඒ ඊයේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගයේදී කඩුලු දෙකක් දවා ගනිමින් ඔහු ලංකාව වෙනුවෙන් කඩුලු 100 සම්පූර්ණ කිරීමත් සමගිනි. වනිඳුට ඒ සඳහා වැය වී ඇත්තේ විස්සයි20 තරග 63කි. කෙසේ වෙතත් මීට පෙර එම වාර්තාවට හිමිකම් කී ලසිත් මාලිංග තරග 76කදී එම දක්ෂතාව දක්වා තිබුණි.
එසේම විස්සයි 20 පිටියේදී වේගයෙන්ම කඩුලු 100ට ළඟා වූ ක්රීඩකයන් අතර වනිඳු දෙවැනි ස්ථානයේ පසුවන අතර අෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන් මෙහි පෙරමුණේ පසුවෙන්නේ ඔහුට එම කඩයිම පසුකර යාමට තරග 53ක් පමණක් වැය වීම හේතුවෙනි.