වමේ ව්‍යාපාරය නියෝජනය කරන ප්‍රබල චරිතයක් මෙන්ම ප්‍රකට ලේඛකයෙකු වූ නීතිඥ එස් ජී පුංචිහේවා මහතා විසින් රචිත පොත්පත් ඇතුළු වසර හැට පහක් පුරා එක් රැස් කළ පොත්පත් සහිත පුස්තකාලයක් ජාතික ජන බලවේගයට පරිත්‍යාග කිරීම ඉකුත් (19) දා කොට්ටාව රුක්මල්ගම බාලිකා නිවාස පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදී පැවැත්වුණි.
නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාගේ සම්බන්ධීකරණය ඇතුව සිදුවූ මෙම සත්කාරය සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් ටිල්වින් සිල්වා , ලාල් කාන්ත , හා නීතිඥ උපුල් කුමරප්පෙරුම , මහරගම නගර සභාවේ හිටපු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මෙහිශීඅදහස් දැක්වූ නීතිඥ එස් . ජී. පුංචි හේවා මහතා අදහස් දක්වමින් මෙසේ කීය.
“ මට දැන් වයස අවුරුදු 91 යි. ඉන් වසර 65 තිස්සේ එක්රැස් කළ විවිධ විෂයන්ට අදාල පොත්පත් රැසක් මා සතුව තිබුණා. එම පොත්පත් පොදුවේ පාවිච්චියට ගන්න පුළුවන් හොඳම කණ්ඩායම කවුද කියලා පසුගිය කාලේ මම කල්පනා කළා. එහිදී මට තේරුම් ගියේ ඒ සදහා ඉන්න හොඳම කණ්ඩායම ජාතික ජන බලවේගය කියලයි.
මේ ජාතික ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ විසින් නිර්මාණය ඉතා විශිෂ්ඨ නිර්මාණයක්. ජාතික ජනබලවේගයේ ඉතා විශාල විද්වතුන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය නිකන්ම නිකන් විද්වතුන් නෙවෙයි. ඔවුන් මහජනතාව කෙරෙහි බැදුණු ආකල්පයක් තිබෙන අය. අන්න ඒ දෙසා තමයි මම මේ පරිත්‍යාගය කරන්න හිතුවෙ " යනුවෙන් එස්.ජී. පුංචිහේවා මහතා පැවසීය.
මෙම අවස්ථාවට සහභාගී වූ ජානතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් ටිල්වින් සිල්වා " එස් ජී පුංචිහේවා සහෝදරයා වාමාංශික දේශපාලන කඳවුරේ ප්‍රබල චරිතයක්. ඔහු දීර්ඝ කාලීනව රචිත විවිධ විෂයයන්ට අයත් පොත්පත් හා වසර 65 ක් තිස්සේ එක් රැස් කළ පොත්පත් ඇතුළත් පුස්තකාලයක් අද ජාතික ජන බලවේගයට පරිත්‍යාග කර තිබෙනවා.
ඒ සඳහා ජාතික ජන බලවේගය තෝරා ගැනීම පිළිබඳව අප සියලු දෙනාගේ ස්තුතියි පුද කරන අතර මෙම පුස්තකාලය ජාතික ජන බලවේගයට පරිත්‍යාග කිරීමෙන් එස් ජී පුංචිහේවා මහතා අපේක්ෂා කළ අරමුණු සාක්ෂාත් කිරීමට කැපවන බව මෙහිදී පොරොන්දු වෙනවා.යැයි පැවසීය. ශාන්ත ප්‍රදීප්