ආරච්චිකට්ටුව ආනවිළුන්දාව මයියාව දුම්රිය හරස් මාර්ගයෙ දී 19 දින දහවල් කොළඹ සිට පුත්තලම දක්වා ගමන් ගනිමින් තිබු දුම්රියක යතුරු පැදියක් ගැටිමේන් මව, පුතු හා දියණීය එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව අඩිප්පල ප්රදේශයෙ පදිංචි 37 හැවිරිදි ඒ.එම්.ශානීකා දිල්රුක්ෂී හා ඇගේ වැඩිමහල් පුතු වන 9 හැවිරිදි කේ.සසත් මංජුල හා 8 හැවිරිදි දියණීය වු සිසුම්ශා නේවින්දී නැමති මව හා දරුවන් බව කියයි.
ආනවිළුන්දාව මයියාව ප්රදේශයෙ දියණියෙගේ බාහිර උපකාරක පංතියකට සහභාගි වි රැගෙන ඒමට යතුරු පැදියෙන් ගොස් නැවත නැවත ආරච්චිකට්ටුව බලා ඒමට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදි මෙලෙස අවාසනාවන්ත ලෙස දුම්රියේ ගැටි මරණයට පත්ව ඇති බව කියයි.
දුම්රියෙ ගැටුන මව පුතු හා දියණිය මිටර් 300 කට ආසන්න දුරකට සිරුරු ඇදි ගොස් තිබු බවත් මොවුන් තිදෙනාම අනතුර සිදුවු ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබෙ.
මයියාව දුම්රිය හරස් මාර්ගයෙ දුම්රිය ගෙට්ටු මුරකරුවකු සති කිපයක සිට නොමැති බවත් කලින් සේවය කල මුරකරු සේවයෙන් ඉවත් වීමට පෙර එය දුම්රීය බළධාරීන් දැනුවත් කර තිබු බවද පැවසෙයි.
නමුත් මෙම අනතුර වනතුරුම අදාල දුම්රිය හරස් මාර්ගයට මුරකරුවකු යෙදීමට දුම්රිය බළධාරීන් කටයුතු කර නොතිබු බවත් නිරන්තරයෙන් අනතුරු වන ස්ථානයක් වන මෙම ස්ථානය ගැන කිසිදු තැකිමක් දුම්රීය බළධාරීන් යොමු කර නොමැති බව ප්රදේශ වාසින් පවසයි.
දුම්රීයෙ ගැටුන කාන්තව තම සැමියා සමග ඇදුම් සැකසිමේ ස්ථානයක් පවත්වාගෙන යමින් හැලඹවටවන පාසල ඉදිරිපිට මෙම යුවලගේ ඇදුම් සැකසිමේ ස්ථානය පිහිටි බවත් එම ස්ථානයෙ සිට දියණිය රුගෙන ඒමට ගොස් ඇති බවද කියයි.
පුතුට භාහිර උපකාරක පංති නොතිබුනද ඔහුද මව සමග යතුරු පැදියෙ ගමන් කර ඇති බව කියයි.
අනතුරීන් මරණයට පත් මව පුතු හා දියණීය යන තිදෙනාගේ සිරුරු මොවුන් අනතුරට ලක්වු දුම්රියෙම දමාගෙන මුන්දලම දුම්රීය ස්ථානයට රැගෙන විත් ඇති අතර ඉන් පසුව නැවත එම ස්ථානයෙ සිට සිරුරු හලාවත මහ රෝහලට වෙනත් වාහනයකින් රැගෙන යාමට කටයුතු කල බව කියයි.
අනතුර සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු අරඹා තිබේ .



