saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3562 hours ago

LATEST

විදුලි ගාස්තු පහළට

calendar_today 2023 ජුලි 01 - 11:59 remove_red_eye - 680  

අද (01) සිට ක්‍රියාත්මක වනපරිදි විදුලි ගාස්තු සියයට 14.2කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ජුනි මාසයේ දී සියයට 12.0 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

Read More

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුවට (Department of Government Information) ඊයේ (30දා) සයිබර් ප්‍රහාරයක් එල්ල විය. මේ අනුව එම ෆේස්බුක් පිටුව වෙත යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවීමටද කටයුතු කළේය.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (30දා) මධ්‍යම රාත්‍රීයේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ තුළින් පොලී අනුපාත අඩුවීමක් සිදුවන නිසා මූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයන්ට සහනයක් හිමිවන බවයි.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල යෝජනාවලට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය අද (30) හිමිවිය.

Read More

ලියාපදිංචි වීමට නොහැකි වූවන්ට අගෝස්තු මාසයේ දී යළිත් අවස්ථාව. ලිඛිත අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ජූලි 10වනදා තෙක් අවස්ථාව.

Read More

පූනාගල සිට කොස්ලන්ද දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීවිල් රථයක් අද 30 කොස්ලන්ද දෙමළ මහා විදුහල ආසන්නයේදී බස් රථයක පිටුපස හැපි නැවත අඩි තිහක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පාසල් දරුවන් පස් දෙනෙකු සහ තීරෝද රථ රියදුරු තුවාල ලබා කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලීසිය කියයි.

Read More

කින්නියා පොලිස් වසමේ සුරංගල්, තඹලගමුව මාර්ගයේ රතු පාලම ආසන්නයේ යතුරු පැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ අයිනේ තිබූ බෝක්කුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 5ක් වන දැරියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More

ප්‍රියංකරගම, අධිරාණිගම ප්‍ර දේශයේ නිවසක තනිව ජීවත් වූ යුද හමුදා සෙබෙලෙක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි. අවුරුදු 31ක් වන පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කළ සෙබෙලෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඉඟිනියාගල, වාවින්න ප්‍ර දේශයේදී කොස් ගෙඩියක් කැඩීම සඳහා කොස් ගසකට නැගි පුද්ගලයෙක් කොස් ගසින් වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

Read More

නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක සැඟවී සිටි අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයෙකු සමඟ යුදහමුදාකපිතාන්වරයෙක් ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි.

Read More

දිවයිනේ නිරිත දිග කොටසට බලපා ඇති වැසිබර තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

82 හැවිරිදි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු විසින් යාබද ඉඩමේ තිබූ ඇහුලු බව පවසමින් පිස්තෝල ගිනි අවියක් සහ ජිව උණ්ඩ විසි හතරක් අඩංගු මැගසිනයක් මොරටුව පොලිසිය වෙත භාරදී ඇතැයි ගල්කිස්ස කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය’

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ. මේ සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එම ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වෙයි.

Read More

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පත්කරනු ලැබ තිබේ.

Read More

මෙරටට ලැප්ටොප් පරිගණක ගෙන්වා බෙදාහැරීමේ කොල්ලුපිටිය මල් පාර ප්‍රධාන සමාගමකට රාත්‍රී කාලයේදී හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ නවයකට ආසන්න ලැප්ටොප් පරිගණක සොරාගත් වැඩ තහනමට ලක් වූ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවට මේ වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 6 සීමාව ඉක්මවා ගියේය. ඒ මේ මාසයේදී මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 84000ක් පැමිණීමත් සමගිනි.

Read More

නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා ජුනි 30 වනදා පත්කිරීමට නියමිතව තිබේ මෙරට 19වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ඔහු එම ධුරයේ වැඩභාර ගැනීමට නියමිතය.

Read More

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා තරු හතර එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. ඔහුගේ උසස්වීම අද (29දා) සිට ක්‍රියාත්මක වෙයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරී මහත්මිය ගමන් ගත් වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් මන්ත්‍රීවරිය ඇතුළු තිදෙනෙකු රෝහල් ගත කර ඇතැයි මුන්දලම පොලීසිය සඳහන් කරයි.

Read More

2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වල වලංගු කාලය වසර දෙකකින් දීර්ඝ කරමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මේ වසර අගදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සත්කාරක ඉන්දියාව සහ එංගලන්තය පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අනාවැකි පළ කළේය.

Read More

මෙරට රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දීමේ වැඩ පිළිවෙළ පිළිබඳව නීතිමය වශයෙන් ඇතැම් පරිසර සංවිධාන විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා දැනට එම වැඩ පිළිවෙළ නැවතී ඇත. නමුත් චීනයේ පුද්ගලික සමාගමක් තවමත් එම සතුන් ලබා ගැනීම සදහා ඉදිරිපත් ව සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව වෙත හා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සාමාජිකයන් පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදල වෙත බලපෑමක් ඇති නොවන බවත් ඒ සඳහා ලබාදෙන සියයට 9ක පොලිය සහතික කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා පැවැසීය.

Read More

බදු අය කර ගැනීමේදී මතුවන නෛතික ගැටලු කඩිනමින් විසඳීම සඳහා විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීම ඇතුළු විශේෂ යෝජනා මාලාවක් නුදුරේදීම ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Read More

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව අද (29දා) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබේ. මෙම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සහාය වශයෙන් හා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.