saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3545 hours ago

LATEST

දුවගේ රන් මාලය හා ටේලර් කාඩ්පතින් රු 18000ක් සොරා ගත් මාමා සෙයා විමර්ශන

calendar_today 2023 ජුලි 05 - 13:20 remove_red_eye - 352  

තරුණියක් සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනවා රන් මාලයක් සහ ටේලර් කාඩ් පතක් සොරකම් කර, එම කාඩ්පත් භාවිතා කර රුපියල් 18,000කට වැඩි මුදලක් සොරකම් කළ එම තරුණියගේ මාමා, අත්අඩංගුවට ගැනීමට ඊයේ ( 4දා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීළි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අද (05) උදෑසන බාධා එල්ලවී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

වයස අවුරුදු 15-44 අතර ආර්ථික වශයෙන් ඵලදායී වයස් කාණ්ඩයේ මරණ වලට ප්‍රධානතම හේතුව සහ එම වයස් කාණ්ඩයේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව අනතුරු වන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය අනාවරණය කරයි.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන (SAPP- Small Scale Agri- Business Participation Project) යටතේ ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගාව සඳහා දිස්ත්‍රික්ක පහක් තෝරාගෙන එහි ගොවීන්ට අවශ්‍ය සහන රැසක් ලබා දීමට පියවර ගෙන තිබේ.

Read More

සෝමාවතිය රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට පැමිණි හිමිනමක් වන අලි ප්‍රහාරයකින් අද (05) උදෑසන මරුමුවට පත්ව ඇතැයි පුලස්තිපුර පොලිසිය පවසයි.

Read More

සියම් රජතුමා දළදා මාලිගාවට පූජා කළ තායි රාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාමට උත්සාහ කළහොත් ඇතාගේ නඩත්තුවට ගිය වියදම ඉල්ලා තමන් නඩු පවරන බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා පවසයි .

Read More

මෙම වසරේදී මෙරට අපනයන ආදායමෙන් 25%ක් පමණ අඩුවනු ඇතැයි පුරෝකථනය කර ඇති බව වාර්තා වෙයි. යුරෝපයෙන් මෙරටට ලැබුණු ඇනවුම් අඩුවීම ඊට හේතු වී ඇති බව වාර්තා වේ.

Read More

ලෝක බැංකුව විිසින් ශ්‍රී ලංකාවට ලබාදීමට අනුමත කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක ණය අධාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් නිදහස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

වැඩි වශයෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස බඳවාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී.සේනානායක මහතා, ජපානයේ IRO ආයතනයේ සභාපති Norikai Suga මහතාගෙන් ඉල්ලා සිටියේය.

Read More

ශ්‍රී ලංකාවේ සිට නැවතත් තායිලන්තයට ගෙන්වා ගත් මුතු රාජ හෙවත් තායිලන්තය තුළ සක් සූරීන් ලෙස හඳුන්වන ඇතාගේ ප්‍රතිකාර සඳහා මුදල් එකතුකරන බවට සඳහන්ව සමාජ මාධ්‍ය ජාලාවල සිදුවන වංචාවලට හසුවීමෙන් වළකින ලෙස තායිලන්ත ලැම්පෑන්ග් පළාතේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානය එරට මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වූ ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය සඳහා පැවති ඡන්දය විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සහභාගී වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

Read More

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බැංකු වලට තිබුණා රුපියල් බිලියන 200ට වැඩි ණය ප්‍රමාණයක්. නමුත් මේ අවුරුද්දේ අප්‍රේල් මාසයට වන විට බැංකු දෙකට ගෙවිය යුතු සියලුම ණය මුදල් ගෙවලා අවසන් කරලා තියෙනවා.

Read More

ශ්‍රී ලංකාවෙන් යළිත් තායිලන්තයට ගෙන්වා ගත් මුතු රාජා හෙවත් සක් සුරීන් ඇතා තම භාරයට ගැනීම තායිලන්ත රජු එකඟ වී ඇති බව එරට පරිසර අමාත්‍ය වරාවුත්ය සිල්වා ආර්චා මහතා පැවැසීය.

Read More

උඩවලව ජලාශයේ පෝෂක ප්‍රදේශයට බලාපොරොත්තු වු වැසි නොලැබීමෙන් වලව මහවැලි කලාපයේ වගාබිම් හෙක්ටයාර් 25300ක් සහ පුද්ගලයින් 278000ක් පානීය ජල ගැටලුවකට ලක්වීමේ දරුණු අනතුරක් ඇති බව මහවැලි අධිකාරියේ වලව කලාපයේ නේවාසික කළමනාකාර එල්.එම්.එන්.ප්‍රියන්ත 04දා උඩවලවේ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.

Read More

ගැස් මිල අඩු කලද බිත්තර සහ ආහාර පිසිමට යොදා ගන්නා අනෙකුත් ආහාර ද්‍රව්‍ය මිල අඩු මිලට නොලැබෙන නිසා තමන්ට ආහාර පාන අඩු මිලට පාරිභෝගිකයන්ට ලබාදිය නොහැකි බව හැටන් නගරයේ ආපනශාලා හිමියන් කියයි.

Read More

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04 ක් තම සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක් 07/04 දින උදෑසන ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම ආරක්ෂක අංශයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.

Read More

අයි.සී.සී. කාන්තා එක්දින කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක එකේ ස්ථානයට පත් ශ්‍රී ලංකාවේ පළමු හා එකම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු වාර්තා අතරට එක්වූවාය.

Read More

ප්‍රංශ රජයේ සහන ණය යෝජනා ක්‍රමය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය විසින් කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්තශාලා 06ක් ස්ථාපිත කිරීමට නියමිතය. ඉන් පළමුවැන්න අද (04) දින වාරියපොළ මින්හෙට්ටිය ප්‍රදේශයේ දී විවෘත කෙරිණි.

Read More

මෙරටට පැමිණෙන ඇතැම් විදේශීය සංචාරකයන් ඉතාමත් සුක්ෂම ලෙස මහාපරිමාණ ජාන මංකොල්ලකෑම්වල නිරතවන අවස්ථාවන් කළින් කළට වාර්තාවේ. තවත් එවැනි විශාල ජාන මංකොල්ලයක නිරත වු ඉරාන ජාතික විදේශිකයන් තිදෙනෙකු හා ලාංකිකයෙකු සිංහරාජ වනාන්තරයේදී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් ඉකුත් සතියේ වාර්තාවිය.

Read More

අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන පිරමීඩ ජාවාරමකට හසු වූ වලස්මුල්ල ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු පාසල් ක්‍රීඩා කාමරය තුළ ගෙල වැළලාගෙන ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි.

Read More

මේ පිළිබඳව බද්දේගම ප්‍රාදේශීය සභාවේ ලේකම්ගෙන් කළ විමසීමේදී ඇය පැවසුවේ මෙහි ඉදිකිරීම් ආරම්භ කළේ පසුගිය පාලන සමයේදී බවත්, තමා අභිනවයෙන් මෙම තනතුරේ වැඩ බාරගන්නා අවස්ථාව වනවිට ඒ සඳහා රුපියල් 3 280 000 මුදලක් වැයකර ඇති බවත්ය.

Read More

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 2,982කි.

Read More

හඟුරන්කෙත පොලිස් ස්ථානය අසළ කලහකාරී ලෙස හැසිරුණ සැකකාරියක් හා සැකකුරුවන් තිදෙනෙක් හඟුරන්කෙත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නුගේගොඩ දෙල්කඳ හංදියේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරිකින් රු. 180000 වටිනා කිරි බෝතල් තොගයක් සොරා ගත් සැකකරුවන් සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි

Read More

මහනුවර ජාතික රෝහලේ ගැබිණි වාට්ටු අසල ඇති අපජලය බැහැර කරන කාණුවක තිබී මාස අටක් පමණ වයස ඇති මිනිස් කලලයක් සොයා ගෙත් බව පොලීසිය කියයි .

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරියේදී රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

චීන ජාතික ගුවන් සේවය වන ’’ එයා චයිනා ’’ (Air China ) ගුවන් සේවය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ගුවන් යානය ඊයේ (03දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

රෝගයකින් පීඩා විඳි පුද්ගලයකු තම නිවසට රැගෙනවිත් ප්‍රතිකාර කර සුව කල විශ්‍රාමික මහාචාර්යවරයෙකුගේ නිවසේ තිබූ, මුදල් රුපියල් ලක්ෂ 15 ක් සහ ලක්ෂ 5ක් වටිනා රත්‍රන් භාණ්ඩ සොරකම් කර, එම පුද්ගලයා ( රෝගියා) නිවසින් පලා ගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් කිරීමට සූදානම් බව චයිනා හාබර් ඉන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා සඳහන් කළ බව පැවසූ අමාත්‍යවරයා චීනයේ සයිනොපැක් සමාගම මෙරට ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ ඇති සූදානම ද දන්වා සිටි බව පැවසීය.

Read More

බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.