ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ඊයේ (08දා) ධාවන වූ රාත්‍රි තැපැල් දුම්රියේ පලුගස්වැව දුම්රියස්ථානයට ආසන්නයේදි අලි දෙදෙනෙකු ගැටිමෙන්දුම්රිය එන්ජිම පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
නවීන පන්නයේ, ස්වයංක්‍රීය වී මොල් ලබාදෙන බව පවසා, මොණරාගල දිස්ත්‍රික්කයේ විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 03කට ආසන්න මුදලක් වංචාකළ බව කියන ව්‍යාපාරිකයකු, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් පසු ලබන අප්‍රේල් මස 18දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට, මොණරාගල මහේස්ත්‍රාත් සජිනි අමරවික්‍රම මහත්මිය ඉකුත් 07දා නියෝග කලාය.
Read Moreමාතලේ පලාපත්වල තොටගමුව වෙල්යාය අසළදි (08)දා අලුයම ජිප් රථයක් රියදුරුට පාලනය කර ගැනිමට නොහැකිවි මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි සිදුවු අනතුරින් තරුණයෙකු මරණයට පත්ව එහි ගමන් ගත් තරුණයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
Read Moreමෙතෙක් අප රටින් වාර්තා වූ වැඩිම වී අස්වනු ප්‍රමාණය මෙය වන අතර ඔවුන් විසින් හෙක්ටෙයාර් එකකට ලද වී අස්වැන්න මෙට්‍රික් ටොන් 10 ඉළක්කය ඉක්මවා තිබීම ද විශේෂත්වයක් බව බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට ඇතුළු වීමට නියමිත විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.
Read Moreතම බිරිදගේ මව ගෙල පාගා ඝාතනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරික්ෂණ පවත්වයි. පොල්පිතිගමදී ඊයේ සිදුවූ මෙම ෂිදුවීමෙන් මියගොස් ඇත්තේ පොල්පිතිගම අලුත්වැව ගෙදර පංදිංචිව සිටි 59 හැවැරිදි කාන්තාවකි.
Read Moreප්‍රමාද වීමකට සහ පසුව කාර්මික දෝශයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ සිටි ගුවන් මගීන් වෙනත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත් කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය.
Read Moreහික්කඩුව තොටගමුව මොළපු ඔයේ පාලම ආසන්නයේ අභිරහස් අයුරින් මියගොස් පාවෙමින් තිබූ විදෙස් කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (8) පස්වරුවේ සොයා ගත් බව හික්කඩුව පොලීසිය කියයි.
Read Moreපස්යාල - මීරිගම මාර්ගයේ කල්එළිය ප්‍ර දේශයේදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් මාර්ගයේ නවතා තිබූ ත්‍රි රෝද රථ හයක්, මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථ දෙකක්, මෝටර් රථයක් හා මොපේඩ් යතුරුපැදියකට හානි සිදුව තිබේ.
Read Moreකෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 2023 යල කන්නයේ දී වී වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 570,000ක් වුවත් මඩ පොහොර නොමිලයේ ලබා දීමත් සමග වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 07 දක්වා ඉහළ යා හැකි බව කෘෂිකර්ම අංශ අවධාරණය කරයි.
Read Moreහපුතලේ ඉදල්ගස්හින්න අතර දී අද 8 රාත්‍රී දුම්රිය මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටී අවහිර වී තිබීම ක්ෂණික ව ක්‍රියාත්මකවූ පුද්ගලයකු උපක්රමශීලීව දැනුම් දීම නිසා සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බව කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියේ රියදුරු සහයක එම් බී නිරෝෂන් මහතා පැවසීය.
Read Moreසමස්ත ජනතාවම දැඩි ආර්ථික අපහසුතාවයකට මුහුණු දී සිටින මොහොතක සිංහල හින්දු අලූත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් ඊට සමගාමීව දිවයින පුරා ඇති සමෘද්ධි බැංකු 1074 හි අවුරුදු උත්සව පැවැත්වීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා පවසයි.
Read Moreපැය 15 කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඩුබායි බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීමෙන් අනතුරුව අද (08දා) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.
Read Moreබස්නාහිර , සබරගමුව හා දකුණු පළාත්වල සවස් කාළයේදී හෝ රාත්‍රී කාළයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ,
Read Moreබේරුවල හෙට්ටිමුල්ල මංසන්ධියෙ වෙළෙඳ සලක් පවත්වාගෙන යන බේරුවල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ භාර්යාවට තියුණු උල් ආයුධ කින් ඇණ බරපතළ තුවාල සිදුකර තිබෙන සැකකාර පුද්ගලයෙකු ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
Read Moreපසුගිය දිනකිහිපයේදි ඇදහැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ එක් අංගනයකට ඇතිවු හානිදායක තත්වය යථා තත්වයට පත් කිරිම සදහා කඩිනමින් පියවර ගන්නා බව මාතලේ නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත මාදුවගේ මහතා පැවසිය.
Read Moreමත් කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 600ක් යතුරුපැදියකින් ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි කොකාවැව පොලිසිය පවසයි.
Read Moreඉපලෝගම පොලිස් වසමේ, හිරිපිටියාගම, විවින් පාරේදී අද (08) අලුයම කාන්තාවක කපා කොටා ඝාතනය කර ඇත.
Read Moreකටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන සහ ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා කීපයක ප්‍රමාද වීම් සහ අවලංගු කිරීම් වාර්තා වී තිබේ .
Read Moreසත්කාරක නවසීලන්තය සමගින් පැවති තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ ලකුනු 183 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට ඒය හඹා යාමට හැකිවූයේ පන්දුවාර 19 කදී කඩුළු6 ක් දැවී දැඩි අසීරුවෙනි.
Read Moreමාතලේ, තොටගමුව වෙල්යාය අසලදී ජීප් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් අවුරුදු 19ක තරුණයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසත්කාරක නවසීලනත්ය සමගින් පැවති තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 ට කඩුළු 6 ක් දැවී ලකුනු 182 ක් රැස් කලේය.
Read Moreමේ වසරේ අප්‍රේල් මස 6දා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 13.1කින් ශක්තිමත් වී ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකුව සඳහන් කරයි.
Read Moreජල සම්පාදන සේවකයින් මාර්තු 01 දින සිට තමන්ගේ ඉතිරි වෛද්‍ය නිවාඩු වලට ගෙවීම් අහිමි කිරීමට එරෙහිව ගෙන ගිය වෘත්තිය ක්‍රියාමාර්ගය ජයග්‍රහණයකින් අවසන් කළ බව එම වෘත්තිය සමිති සඳහන් කරයි.
Read Moreගල්ඔය සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වු මගි දුම්රියක් අද (07) ප.ව 1.30ට පමණ ගල්ඔය අග්බෝපුර අතර පිහිටි කි.මි. 153 1/4 කනුව අසලදි පීලි පැන එක් මැදිරියක් පෙරළී යෑමෙන් එහි ගමන් ගත් 16 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුලත් කල බව අග්බෝපුර පොලිසිය කියයි.
Read More’’අපේ රට බංකොළොත් කළ හොරාකාපු දුෂිත මේ ආණ්ඩුවට සමගි ජන බලවේගයේ කිසිම මන්ත්‍රිවරයෙක් යන්නේ නෑ, යන්න අනුමැතියත් අවසරයත් මම දෙන්නේ නෑ.ර ජය කරන හොද වැඩ අපි විවේචනය කරන්නේ නෑ. අද ආණ්ඩුවේ ඉන්න මහින්දානන්ද ඇතුළු හිටපු ඇමතිවරුන්ට මේ ආණ්ඩුවේ ඇමතිකම් නොළබීම ගැන මම දකින්නේ දිට්ඨදම්ම කර්මය පටිසන් දුන්නා කියලයි.දැන් ජන්දයක් තියලා ජනතාවට කැමති රජයක් පත්කරගන්න ඉඩ දෙන්න’’
Read Moreඇල්පිටිය ඇත්කදුර දිවිතුරවත්ත වැව රවුම ඇඹිලකන්ද් කටුපොළ වගා භූමියක ඝාතනය කොට වළ දැමූ බව කියන විසි එක් හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් අද (7දා)පස්වරුවේ සොය ගත් බව් ඇල්පිටිය පොලීසිය කියයි.
Read Moreසිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල මෙවර පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ සිට ඉහළ නිලධාරීන්ට ලබා නොදීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
Read Moreත්‍රිකුණාමලය පොලිස් වසමේ විජිතපුර සහ පඩික්කෙයි යන ගම්මාන දෙකක ධීවරයින් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා, එම ගම්මානවල නිවාස 11 ට හානි සිදුවී, ඇති බව ත්‍රිණාමලය පොලිසිය පවසයි.
Read Moreයුරෝපය වෙත පැන යාමේ අදහසින් කූඨ ලෙස සකස් කළ ඩොමිනිකානු ජනරජයේ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ ඉරාක ජාතික තරුණයෙකු සහ ඔහුගේ පියා අද (07දා) උදෑසන ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.
Read More