විශ්ව විද්‍යාල සිසුන් ඉලක්ක කර පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලයි
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ කිසිදු ලියාපදිංචියක් නොමැතිව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගොස් ඇති මෙම සම්බාහන මධ්‍යස්ථානය වටලන අවස්ථාවේදීද එහි විශ්ව විද්‍යාල සිසුන් සිට පලා
ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවද පේරාදෙණිය පොලිසිය කියයි.
එම සම්බාහන මධ්‍යස්ථානයේ සිට ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැක කරන වයස අවුරුදු 25, 28 සහ 30 වයසේ කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහි කළමනාකරු පලාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කොට ඇති බවද පොලිසිය කියයි.
මහනුවර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපුකොටුව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

