යතුරුපැදි සොරාගෙන විකුණා කුඩු පානය කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට
ඔහු කාලයක සිට හෝකන්දර උතුර ප්රදේශයේ තවත් පුද්ගලයෙකු සමග එක්ව සිදුකළ යතුරුපැදි සොරකම් හයක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
ඒ අතර සැකකරුවන් දෙදෙනා එක්ව ඉකුත් මස 8 වෙනි දින බොරලැස්ගමුව සෝමරත්න මාවතේ නිවසක් ඉදිරිපිට නතර කර තිබූ යතුරුපැදියක් සොරා ගැනීම සම්බන්ධයෙන් හා මිරිහාන මහරගම දෙහිවල ගල්කිස්ස හා හෝමාගම ආදී පොලිස් වසම් සිදු කළ තවත් යතුරු පැදි සොරකම් පහක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව විමර්ශන පවත්වන නිලධාරියකු පැවසීය.
සැකකරුවන් දෙදෙනා එක්ව සොරාගන්නා ලද යතුරුපැදි ලියාපදිංචි සහතික නොමැති යතුරුපැදී විකිණීම සඳහා අන්තර්ජාලයේ තිබෙන සමූහයකට එක්කර ඉතා අඩු මුදලට විකුණා තිබියදී මීගමුව මිරිහාන බොරැල්ල මාලඹේ ආදී ප්රදේශවල දි සොයාගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 23 හා 26 පසුවන තදින්ම හොරයින් මත්කුඩු පානයට ඇබ්බැහි වුවන් වන අතර හෝකන්දර උතුර පදිංචිකරුවන්ය.
සැකකරුවන් නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
