saravita-anim2

2025 මැයි මස 25 වන ඉරිදා

2025 මැයි මස 25 වන ඉරිදා

Latest News - timelapse 3229 hours ago

LATEST

පේරේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට ඇති චෝදනා විමර්ශනය මණ්ඩලයක්

calendar_today 2023 මැයි 16 - 17:12 remove_red_eye - 489  

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාට එරෙහිව නැගෙන චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශ්ව විද්‍යාලයේ පාලක සභාවේ අනුමැතිය සහිතව රජයේ අනුමත සාමාජිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් පත් කොට ඇති බව එහි උප කුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පවසයි .

ජාත්‍යන්තර අධ්‍යාපනයේ මට්ටමට සමගාමී ව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ද නගා සිටු වීමේ අරමුණින් තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ සිට 6-9 දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය ජුනි මස අග දී තෝරාගත් පාසල් 20 ක ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

ජාතික පොලිස් කොමිෂම පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා එහි සභාපති ලෙස පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක හා ශ්‍රී කළ්‍යාණවංශ මහා නිකායේ මහානායක ධූරන්ධර , රාජගිරිය කලපළුවාව ශ්‍රී ගෝතම තපෝවනය හා තදීය ශාඛාවන් හා ප්‍රධා‍න අනුශාසක, කම්මට්ඨානාචාර්ය, ශ්‍රීකල්‍යාණවංශාවතංස,අමරපුර ගණපාමොක්ඛාචරිය, අභිධජ මහා රට්ඨගුරු, අග්ගමහා පණ්ඩිත, අතිපූජණීය දොඩම්පහල ශ්‍රී චන්දසිරි අභිධාන අස්මද් උපාධ්‍යාචාර්ය උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රි ජයවර්ධන පුර රෝහලයේ දි අද 2023.05.16 දින අපවත් වි වදාළහ.

Read More

හිඟුරක්ගොඩ හා පොලොන්නරුව දුම්රිය ස්ථාන අතර සැතපුම් 156 දම්වැල් 08 දරණ ස්ථානයේ පිහිටි ගල්වල පාරේ දුම්රිය හරස් මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2023 මැයි 20 හා 21 වැනි දිනවල අළුත්වැඩියා කරනු ලබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ නව මහලේකම් ලෙස කේ.ඒ. රෝහණධීර මහත්මිය පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

වත්මන් ආණ්ඩුව වෙනස් කිරීමට ජාවාරම් කරුවන්ට අවශ්‍යවී තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

කතරගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කළේ, රික්ටර් පරිමාණ 2.5ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවය.

Read More

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

වි‌දෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවත් වසරකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල කඩින් කඩ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් පහල බැස තිබු කාසල්රි ජලාශයේ ජල මට්ටම අඩි 15 කින් ඉහල ගොස් ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

ඉන්දියාවේ සිට ලංකාවේ උතුරු මුහුදු සීමාවවට එවීමට සූදානම් කර තිබූ කේරල ගංජා කිලෝ 2090 ක් සමග පුද්ගලයින් 6 දෙනෙකු සහ වාහන දෙකක්ද ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ කීරෙයිතුරෙයි පොලිසිය පවසා සිටියි.

Read More

2023 යල කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් සත්ව ආහාර සඳහා දැනට පවතින සහල් තොග යොදා ගැනීමට නිර්දේශ ලබා නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (15) නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එරට නීතිරීති උල්ලංඝනය කරමින් අනීතිකව එරට රැදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 32 දෙනෙකු අද අලුයම එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට දී තිබෙන තිත්ත බෙහෙත් බිව්වද 2019 වසරේ තිබු තත්වයට මෙරට පත්වීමට 2028 දක්වා කාලයක් ගත විය හැකි බවත් එම කාලය තුළ මහා සංඝරත්නය ඇතුළු මෙරට ඉපදීමට සිටින දරුවන් පවා සෑම වසරකම රුපියල් 350,000 ක මුදලක් අහිමි කර ගන්නා බවද පැවසීය .

Read More

මගී ජනතාවට වැඩි පහසුකම් සහිත ප්‍රවාහන සේවාවක් ලබා දීම වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස කවුරු කැමති වුනත් අකමැති වුනත් ප්‍රවාහන ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Read More

දිස්ත්‍රික් සංවර්ධන සළැස්මක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දි මාස තුනක් ඉක්ම ඇතත් ඒ පිළිබඳ දළ සැලැස්මක් හෝ ඉදිරිපත් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරු කටයුතු කර නැතැයි කී අග්‍රාමාත්‍යවරයා යුහුසුළුව හා කඩිනමින් එම සැලසුම ඉදිරිපත් කරන්නැයි අවධාරණය කළේය.

Read More

පළාත් තුනක ‌ආණ්ඩුකාරවරුන් එම ධුරයන්ගෙන් ඉවත් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

මේ අනුව හෙට (16දා) දිනයේදී නැගෙනහිර හා උතුරු පළාත්වලත් මොණරාගල හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්කය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

රජය ගෙන ඒමට සූදානම්, නියමිත කාලයට ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමේ යෝජනාවට විපක්ෂයක් ලෙස පූර්ණ සහාය ලබා දෙන බවත් එය ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය අණපනත් රෙගුලාසි ගෙන ඒමට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවත් ජනාධිපතිවරණ අභියෝගය බාර ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තකට නොරොච්චෝල විදුලි බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රය ජුනි 03 දා සිට දින 100ක කාලයක් අක්‍රීය කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More
සතොසින් සහන
15 05 2023 16:23:00
0 494

ලංකා සතොස මගින් අලෙවිකරන කිරිපිටි හා සීනි මිල අඩු කිරිමට එම ආයතනය කටයුතු කර තිබේ. මේ අනුව සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 60 කින් සහ සීනි කිලෝවක් රුපියල් 6 කින් පහත දමා තිබේ.

Read More

යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක වාර් ෂික පැවත්වෙන් දේව මංගල්ලයක් වෙනුවෙන් එහි භාරකාර මණ්ඩලය හින්දු බැතිමතුන්ගේ මහත් භක්තියක් වූ දෙවිවරුන් විදුලි බුබුලුවලින් අලංකාරය කිරීමට පියවර ගෙන තිබුණි.

Read More

වව්නියාවේ සිට දකුණු ඉන්දියාවේ නෙල්ලෙයි, ප්‍රදේශයේ කංගෙයිකොන්ඩාන් නමැති සරණාගත කඳවුර තුළ වාසය කළ ලාංකිකයෙක් තියුණු ආයුධවලින් පහරදි ඝාතනය කර ඇතැයි ඔහුගේ ඥාතීන් පවයි.

Read More

මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් පූනොචිමුණ සහ කාතාන්කුඩි එත්තු කාල් ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇති වූ දැවැන්ත මුහුදු රළ හේතුවෙන් ඇතැම් ධීවර බෝට්ටු කැඩී අලාභහානි සිදුව ඇති බව ධීවරයින් පවසයි.

Read More

රට තුළ ඊනියා අරගල සිදු කර රට අස්ථාවර කිරීමට යළි ඉඩ නොදෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

වසර 10ක කාලයක් තුළ සිය නීතී්‍යානුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා වසර 06ක කාලයක් ගතවී ඇතත් මේ දක්වා නඩුු විභාගය ආරම්භ කිරීමට නොහැකි වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට අද (15) දැනුම් දුන්නේය.

Read More

මෙම වසරේ ඉතිරි ඉදිරි මාස හයක කාලය තුළ ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා විවිධ අංශවලින් සහන රැසක් ලබා දීම කෙරෙහි රජය විසින් සාකච්ඡා කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.