saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 3069 hours ago

LATEST

ලංගම සේවකයන් රු. 20000ක දීමනාවක් ඉල්ලා පාරට

calendar_today 2023 ඔක් 23 - 15:07 remove_red_eye - 383  

ජීවන බර දරා ගත නොහැකි බවත් ඒ අනුව රු. 20000ක දීමනාවක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් සමස්ත ලංකා ප්‍රවහන සේවක සංගමය උද්ඝෝෂණයක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

කටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක සිය සේවා කාළය නිමා කර ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී , ගුවන් යානය තුළම මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

Read More

වැඩිමහල් සොහොයුරාගේ රියදුරු බලපත්‍රය අවභාවිතා කරමින් වාහන පැදවූ බාල සොහොයුරකු අත්අඩංගුවට ගෙන ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

Read More

වත්මන් බංකොලොත්භාවයෙන් රට ගොඩ ඒමට නම් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැගිය යුතු බවත් දැනුම උගත්කම බුද්ධිය කේන්ද්‍ර කර ගෙන මේ වැටි සිටින ප්‍රපාතයෙන් ගොඩඒමට සිදුවිය යුතු වුවත් අද සිදුවන්නේ දැනුම උගත්කම හා බුද්ධිය විනාශ කරන රාජ්‍ය පාලනයක් ක්ෂය කරන හා ශූන්‍ය කර රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වීම බවත් උසස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කාබාසිනියා කරන රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ජීවන බර දරා ගත නොහැකි බවත් ඒ අනුව රු. 20000ක දීමනාවක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

Read More

නැගෙනහිර පළාත තුළ ඉරිදා හා පෝය දිනවල පෞද්ගලික උපකාරක පංති පැවැත්විම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

Read More

අද පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යධුර කිහිපයක සංශෝධනයන් සිදු කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

කෙසේ වුවද තමන්ට සතුන්ට හානි කිරීම සඳහා පතරොම් තුවක්කු ලබා දිය නොහැකි බව සඳහන් කළ අමාත්‍යවරයා මෙම වායු රයිෆල් සතුන් මරා දැමීමට නොව ඔවුන් පළවා හැරීමට පමණක් උපයෝගි කර ගන්නා ලෙසත්, කිසිදු අවස්ථාවක මිනිසුන් සදහා මෙම වායු රයිෆල් භාවිතා නොකරන ලෙසත් ගොවීන්‌ෙගන් ඉල්ලා සිටියේය.

Read More

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව 2022 වර්ෂයේ මාර්තු මාසයේ නොපැවැත්වීම නිසා එම සමුළුවේ සත්කාරක කටයුතු සඳහා අවශ්‍ය කාර්යයන් සංවිධානය කර ගැනීමට වැය කරනු ලැබූ රුපියල් එකොළොස් කෝටි පනස් දෙලක්ෂ හැට හතර දහස් හයසීය දහ නවයක මුදලක් (115,264,619) ශ්‍රී ලංකා රජයට ආර්ථික වියදමක් බවට පත්ව ඇති බව ඉකුත් 18 දින නිකුත් කරන ලද විගණන වාර්තාවකින් හෙළිවේ.

Read More

සෑම ආගමකටම සමානව සැලකීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තියයි. ඊශ්‍රායල – හමාස් ගැටුමේදී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත කරන්නේ නැහැ. ගැටුම් නවත්වා සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙනවා – ජනපති අවධාරණය කරයි.

Read More

රුපියල් කෝටි විසි තුනක් (මිලියන 230 ක් ) වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , කුඩා දරුවන් කියවන ලොකු ඉංග්‍රීසි අකුරු සහිත ළමා කතාන්දර පොත් 08 ක , පිටකවර තුළ සගවා , විදේශීය කාන්තාවක විසින් ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 10/22 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබුණි.

Read More

එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සිටින සියලුම දෙනාට යළි මහ ගෙදරට පැමිණෙන ලෙසත් එක්සත් ජාතික පක්ෂය පවුලේ පක්ෂයක් නොවන බවත් කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා.

Read More

ඇතුන් මරා ලබාගන්නා ලද දුර්ලභ වර්ගයේ ගජමුතු දෙකක් ඇතුළු ගජමුතු හයක් රුපියල් කෝටි 60 කට විකිණීමට පැමිණි වෙළඳ ව්‍යාපාරිකයෙකු අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

Read More

වසර හැත්තෑ පහක් තිස්සේ මේ රටේ සංවර්ධනය සෙක්කුවක් මෙන් කරකැවී තිබුණු බවත් ඉදිරියේදී රටේ සංවර්ධනය වෙනුවෙන් පීඩාකාරී වේදනාකාරී තීන්දු තීරණ රැසක් ගැනීම්ට අකමැත්තෙන් වුවද සිදු වන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (22දා) දඔඹුල්ලේ දී පැවසීය.

Read More

මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51 කට ආසන්න මුදලක් නගරසභා ගිණුමට බැර නොකර තම පෞද්ගලික කටයුත්තක් සඳහා යොදාගත් බව කියන නිලධාරිනියකට එරෙහිව නාගරික කොමසාරිස්වරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

Read More

කිලිනොච්චිය තිරුනගර් ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධානය විසින් වෑළදැමුවේ යැයි කිය රත්තරන් හා ආයුධ තොගයක් සොයා ඊයේ (21) දින කිලිනොච්චිය පොලීසිය විසින් කැනීමක් සිදු කළද කිසිවක් හමු නොවීය.

Read More

හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය ගිය කොටස දෙපස අද 22 අලුයම සිට නැවතත් නාය යාමට පටන් ගෙන ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය.

Read More

සාලියවැව පොලිස් වසමට අයත් නිළබැම්ම ප්‍රදේශයෙ වගා බිමක කිසියම් හේතුවක් මත ඇතෙකු හදිසියෙ මරණයට පත්ව ඇති බව කරුවලගස්වැව අඩවි වනජීවි නිළධාරී කාර්යාල පවසයි.

Read More

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ගම්පහ මහ නගර සභාවේ විදුලි බිල බින්දුවට පත් කිරීමට හැකිව ඇති බවත් මෙය නගර සභාවට විශාල සහනයක්ව ඇති බවත් නාගරික කොමසාරිස් ලෝචනා බාලසූරිය මහත්මිය සදහන් කරන්නීය.

Read More

නිවසක මාසික විදුලි බිල ගෙවීම සදහා දැනට ලබා දී ඇති දින 40 ක කාලය දීර්ඝ කරන ලෙසත් විදුලි බිල කොටස් වශයෙන් ගෙවීම සදහා ක්‍රමවේදයක් සකසන ලෙසත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.

Read More

නුවරඑළිය දිශාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.උපාලි ප්‍රියන්ත ජයසිංහ මහතාගේ වසර 39 ක සේවා කාලය අවසන් කරමින් විශ්‍රාම ගැනීමේ උත්සවය ඊයේ (21) දින නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

Read More

කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍රයක් භාවිතා කර එක්සත් රාජධානිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු 10/20 දින කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

රුපියල් මිලියන 4000 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට අධික තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05 ක් දෙවුන්දර දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

ලෝකයේ බලවතුන් අතර පවතින මෙම යුද්ධමය වාතාවරණය අපේ රටටත් බලපා තිබෙනවා. කතාවක් තිබෙනවා ලෝකයේ ධනවත් රටවල්වලට සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන කොට දුප්පත් රටවලට නියුමෝනියාව හැදෙනවා කියළා. ඒ වගේ රුසියාව හා යුක්රේණය අතරත්, ඊශ්‍රායලය හා පලස්තීනය අතරත් ඒට ගත් යුද්ධය නිසා ආනයනය කරන භාණ්ඩ මිල ඉහළ යාමේ අවදාමක් තිබෙනවා.

Read More

ඊසාන දිග මෝසම් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දු ලංකා මගී ප්‍රවහන නෞකා සේවයේ පලමු අදියරේ මෙහෙයුම් කටයුතු අවසන් කල බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.

Read More

මේ වනවිට රටවල් කිහිපයක් අතර ඇතිවී තිබෙන යුධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙදපළෙහි යුරියා පොහොර ඇතුළු සියලු පොහොර මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතී. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනු මැයි මාසයේ දී මෙම පොහොර මිල දී ගැනීමට කටයුතු කළේ නම් ඉතාමත් අඩු මිලකට යුරියා පොහොර මිල දී ගැනීමට හැකියාව තිබිනි. ඒ වනවිට ලෝක වෙළෙඳ පලේ යුරියා මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 350කට පමණ මිල දී ගැනීමට හැකියාව තිබු අතර යුධමය තත්ත්වය නිසා මේ වනවිට එම මුදල ඩොලර් 650ත් ඉක්මවා ගොස් ඇත.

Read More

අහුංගල්ල, ගල්වෙහෙර ප්‍ර දේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරික පවුලට වෙඩි තබා ඇත්තේ කුරුඳු ඉඩමක සැගවී සිටි පුද්ගලයෙක් ටී. 56 ගිනි අවියක් භාවිත කරමින් බව පොලීසිය කියයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්ත කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ඒ නෙදර්ලන්තය සමගින් පැවැති තරගය කඩුලු පහකින් ජය ගනිමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.