saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 3088 hours ago

LATEST

සෞඛයේ ගැටළු නොවිසඳීමෙන් රෝගී සත්කාර සේවා අඩපණ වෙනවා

calendar_today 2023 ඔක් 19 - 09:00 remove_red_eye - 152  

සෞඛ්‍ය පද්ධතිය තුළ දිනෙන් දින උග්‍ර වන ඖෂධ හිඟය, ඖෂධ මිල ඉහළ යාම සහ ඖෂධ ප්‍රමිතිය පිළිබඳ ගැටලු විසඳීමට කටයුතු නොකිරීම නිසා රෝගී සත්කාර සේවා අඩපණ වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි,

මෙම වසරේ මේ දක්වා මී උණ රෝගීන් 7,000ක් වාර්තා වී ඇති අතර, රෝගීන් සම්බන්ධයෙන් සිදු කරමින් පවතින විමර්ශන අවසන් වන තෙක් රෝගයෙන් මියගිය සංඛ්‍යාව සඳහන් කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

කොස්ලන්ද, මීරියබැද්ද පැරණි නාය ගිය ස්ථානය දෙපස අධිඅවදානම් කලාපයේ සිටින පවුල් 16 ක් ඉවත් කර හෙට 19 දින උසාවියට ප්‍රගතිය වාර්තා කරන ලෙස බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් කෙනෙත් ද සිල්වා මහතා ඊයේ( 18දා) නියම කළේය.

Read More

පාස්කු ඉරුදින ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ස්වයං ඝාතක ඉන්සාෆ් අහමඩ් හා ඉල්ලාම් අහමඩ් ත්‍රස්ත සහෝදරයන්ගේ පියාට පනවා ඇති ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (18දා) තීරණය කළේය.

Read More

විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

පසුගිය දිනවල රු.980- රු.1050 අතර මුදලකට අලෙවි වූ කුකුළු මස් කිලෝවක මිල ඊයේ (18දා) රු.1200- රු.1300 දක්වා ඇතැම් ප්‍රදේශවල ඉහළ ගොස් තිබේ. කොළඹ අවට ප්‍රදේශ සැලකීමෙහිදීත් සමහර වෙළෙඳ සැල්වල හම රහිත කුකුළු කිලෝවක් රු.1200-රු.1250අතර මිලක් ගෙන තිබූ අතර හම සහිත කුකුළු මස් කිලෝවක් රු 1150-රු. 1200 අතර මිලකට අලෙවි විය.

Read More

දෙහි, මාළු මිරිස්, අමු මිරිස් අදියේ මිල හැර අනෙකුත් සෑම එළවළු වර්ගයකම මිල විශාල ලෙස අඩු වීම හේතුවෙන් ගොවිජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව තිබේ.

Read More

රාගම ප්‍රදේශයේ මවක බිහි කළ දරුවන් හය දෙනාගෙන් එක් දරුවකු අද පස්වරුවේ මිය ගොස් තිබේ.

Read More

මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතාගේ ඉල්ලා අස්වීමට සාධාරණයක් ඉල්ලා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහිම එළඹෙන 20වැනිදා පූර්ණ හර්තාලයකට සහාය ඉල්ලා එම පළාත්හි දේශපාලන නියෝජිතයන් විසින් ඉල්ලීමක් කර තිබේ.

Read More

පාද සම්බාහන ආයතනයක් ලෙස පුවරු ප්‍රදර්ශනය කර දීර්ඝ කාලයක් තිස්සේ ධනකුවේරයින් හා කෝටිපති ව්‍යාපාරිකයන් සඳහාම මුදලට කාන්තාවන් සැපයූ නුගේගොඩ නාවල පාරේ ආයතනයක් වටලා කාන්තාවන් 14 දෙනෙකු සහ ඔවුන් මෙහෙය වු කළමනාකාරවරිය අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.

Read More

ඩුබායි බලා ගුවන් ගත වීමට පැමිණි ගුවන් මගියෙකුගෙන් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් මිශ්‍ර ජෙල් පැකට් දෙකක් ලබා ගත් කටුනායක ගුවන් තොටුපොළට අනුයුක්ත කර සිටි සංචාරක පොලිස් කොට්ඨාසයේ සැරයන්වරු දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සෘජු හා සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා හා ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකට අගමැතිවරණ ආරාධනා කර ඇති බවත් පළාත් පාලන මැතිවරණ, පලාත් සභා මැතිවරණය සහ මහ මැතිවරණය කල් දමමින් ජනතාවගේ මැතිවරණ අයිතිය හා මූලික අයිතිය උල්ලංඝනය කර ඇති වත්මන් රජය සමඟ සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ සාකච්ඡාවකට නොයෙන බවත් යම් හෙයකින්

Read More

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශ නාගරීකරණය වී අවසන්... නාගරික ජනගහන ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්කය - කොළඹ, අඩුම දිස්ත්‍රික්ක - මුලතිව්... මෙම සමීක්ෂණ වාර්තාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට... ජනාධිපතිවරයාට සහ සියලුම දිස්ත්‍රික් කමිටුවලට මෙය ඉදිරිපත් කර කඩිනමින් අනුමැතිය ලබා ගන්න....

Read More

උඩරට දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් සිදු වෙමින් පවතින දුම්රිය පීලී පැනීම් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට ලක් ව ඇති බවත්, පසුගිය මසක වැනි කාලයක් තුළදී පමණක් අවස්ථා හතරකදී මෙසේ දුම්රියන් පීලී පැනීමට ලක්ව ඇතැයි උඩරට දුම්රිය මගීහු චෝදනා කරති.

Read More

“රජයේ පත්වීම් ලක්ෂයක් ලබා දීමේ වැඩසටහනේදී පෙර පාසල් ගුරුවරුන්ටත් එහිදී මූලිකත්වයක් දෙන්න තිබුණා. ඒ අපිට වැරැදුනු තැනක්. එහෙම වුණා නම් ගොඩක් වැදගත් වෙනවා. නමුත් මේ වනවිට ඇමතිතුමා කැබිනට් පත්‍රිකාවක් සකස් කරගෙන යනවා පෙර පාසල් ගුරුවරුන් සඳහාත් යම්කිසි දීමනාවක් ලබා දෙන්න. ඉදිරියේදී මේ රටේ පෙර පාසල් ක්ෂේත්‍රයට එය යහපත් දෙයක් වේවි”

Read More

එක් තීරයක් එක් මාවතක් රටවල නායකයින් අතර පැවැත්වෙන සමුළුවට එක්වීම සඳහා එම වැඩසටහනට සම්බන්ධ රටවල නායකයින් පිළිගැනීමේ උත්සවයක් චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් චීනයේදී පැවැත්වීය.

Read More

රාජකාරි නිමාවා නිවසකරා යමින් සිටී පොලිස් සැරයන් වරයෙකුට පිය පුතු යුවලක් පහරදීම සම්බන්දයෙන් සැරයන් වරයා රෝහල් ගතකර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .

Read More

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු අර්ධ ගෝලයේ හා දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බෙලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කිරුළපන පොලිස් වසමේ කිරුළපන මාවත ප්‍ර දේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අහසට වෙඩි තබා පළාගොස් ඇති බව කිරුළපන පොලීසිය කියයි.

Read More

දෙළුම් ආනයනය සඳහා වසරකට රු.මිලියන 900ක් පමණ වැය වන බවත්, ඒ අනුව එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අක්කර බාගයකින් රු. ලක්ෂ 60ක් පමණ උපයා ගතහැකි දෙළුම් ප්‍රභේද 02ක් හඳුන්වා දීමට නියමිත බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

තරගකාරි හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රි ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ව්‍යාපාරිකයන්ට ආරාධනා කර සිටියේය.

Read More

ඉන්දියාවේ බැංගලෝර් නුවර ඉකුත් 10 දින පැවැත් වූ දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ දී ( South Asian Travel Award - 2023 ) ශ්‍රී ලන්කන් ගුවන් සේවය දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ඇගැයීමට ලක් වී තිබේ.

Read More

මහියංගන රජමහ විහාරයේ පෙරහරකට සම්බන්ධ වීමට ගොස් සිටියදී වනජීවී නිලධාරීන්ගේ වෙඩි පහරකට ලක් වූ සීතා ඇතින්නට සිදුකළ සැත්කමකින් ඇතින්නගේ ශරීර අභ්‍යන්තරයේ සෙන්ටි මීටර් තුනක් කිඳා බැස තිබූ ජීව යකඩ උණ්ඩයක් පිටතට ගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැවසීය.

Read More

ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ දැමීමට පාදක කර ගන්නා සාධක හා දත්ත දෝෂ සහිතව බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Read More

අපරාධ රැසකට සම්බන්ධ අරබවෙලගේ දොන් ගයාන් ජයසිංහ නොහොත් ගයියා නැමැත්තා රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග බොරැල්ල මැනිං ටවුන් ප්‍රදේශයේ දී අත්අඩංගුවටගත් බව බොරැල්ල පොලිසිය කියයි.

Read More

හෝමාගම ගොඩගම සුභාරතී විද්‍යාලයේ හය වසරේ ඉගෙනුම ලබන එකොළොස් හැවිරිදි පාසල් දැරියක් සර්පයකු දෂ්ට කිරීමෙන් (16) දා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි (Huawei) තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හුවාවි ආසියා පැසිෆික් කලාපීය සභාපති සයිමන් ලින් (Simon Lin) මහතා පැවසීය.

Read More

රුපියල් කොටි 30 ක පමණ වටිනාකමකින් යුත් දුර්ලභ ඝණයේ වාලම්පූරියක් සමග පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත්බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි .

Read More

කාසල් වීදිය කාන්තා රෝහලේදී මවක විසින් හය නිවුන් දරු උපතක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

Read More

සම්පූර්ණ කොටස් අයිතිය රජය සතු මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල් මේ වන විට ඉන්දියානු අමුල් සමාගම සමඟ ඒකාබද්ධ සමාගමක් ලෙස ස්ථාපිත කිරීමට රජය සූදානම් බවත් මෙම ආයතනය සතු සම්පත් තුළින් උපරිම ඵලදායිතාවක් ලබා ගැනීමට රාජ්‍ය කළමනාකාරීත්වය අපොහොසත් වී ඇති මොහොතක සුදුසු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාර ආකෘතියක් හදුනා ගැනීමෙන් තොරව බොහෝ රාජ්‍ය ව්‍යවසායකයන් විදේශ සමාගම් වෙත විකුණා දැමීමට කටයුතු කිරීමෙන් මෙරට මහජන සම්පත් නිසි ඇගයීමකින

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.