saravita-anim2

2025 මැයි මස 24 වන සෙනසුරාදා

2025 මැයි මස 24 වන සෙනසුරාදා

Latest News - timelapse 3144 hours ago

LATEST

උඩදියලුම වන අලි ප්‍රහාරයට පෙම්වතා රිමාන්ඩ්

calendar_today 2023 ජුනි 04 - 09:00 remove_red_eye - 1451  

කොස්ලන්ද උඩදියලුම රක්ෂිතයේදී කූඩාරමක් තුළ සිටි යුවළකට එල්ල වූ වන අලි ප්‍රහාරයෙන් තරුණියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණියගේ පෙම්වතා බව කියන තරුණයා සැකපිට අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ක

වසර තුනකට පසු පොසොන් උත්සවය සාර්ථකව පැවැත්වීම ගැන රජය වශයෙන් අප සතුටු වෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ඒ සමගම බළලා ජම්බු කොට්ටෝරු පැටිය සිය මුවෙන් උගේ කකුල් අස්සට තල්ලු කර ගෙන පැටියා ලෙව කෑවේ ජැක්ෂන් මහතාගේ දෙනෙත් පුදුම කරවමිනි.දෑස් නොපෙනෙන ජම්බු කොට්ටෝරු පැටියාද බලලාට තව තවත් තුරුලුයේ ඉපදුණු දා සිය මව් කිරිල්ලියගේ අත්තටු අස්සට රිංගා උණුහුමට ගුලි වන්නාසේය.

Read More

ලිට්‍රෝ ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 ට ආසන්න මුදලකින් හෙට (4) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිත බව වාර්තා වේ. එසේම එයට සාපේක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල මිල ද අඩුවන බව එම සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ආහාර සම්බන්ධ ප්‍රචාරණය සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි පැනවේ.1980 අංක 26 දරණ ආහාර පණත යටතේ නිකුත්වීමට නියමිත මෙම නව රෙගුලාසි ශ්‍රී ලංකාවේ ආහාර සම්බන්ධ ප්‍රචාරණ ක්‍රියාවලිය දැඩි නියාමනයකට ලක් කිරීමට නියමිතය.

Read More

සාලියවැව පොලිස් වසමේ පුත්තලම - ත්‍රිකුණාමලය මාර්ගයේ 18 කණුව ප්‍ර දේශයේදී කැබ් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අද අලුයම සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදි දිවයින හරහා ස්ථාපිත වෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අනුරාධපුර එප්පාවල නගරයේ පිහිටි දිවයිනේ සුප්‍රසිද්ධ දේශීය ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන දිව්‍ය ශක්ති වෙද මැදුර ප්‍රථම වරට සංවිධානය කළ ඖෂධ දන්සලක් පොසොන් පෝ දින (03) එම ආයතනයේදී සිදු කෙරිණි.

Read More

ලබන සතිය වන ආසන්න වශයෙන් භාණ්ඩ 200 හෝ 300 ක ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් වන බව මුදල් රාජ්‍යය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරයේ පැවති උත්සවයකදීය.

Read More

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව, 20 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරයේ දී ඊයේ ( 2 දා) ආරම්භ කෙරිණි.

Read More

දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 59 වන කණ්ඩායමට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (2023.06.02 දින) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය.

Read More

මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරැළී සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගෙන එම බස් රථයෙහි ගමන් ගත් 50 ට අධික මගී ජීවිත බේරා ගැනීමට කටයුතු කළ යුද හමුදා සාමාජිකයාගේ වීර ක්‍රියාව අගයමින් ඔහුට යුද හමුදාපති ප්‍රශංසනාත්මක පදක්ක්කම පිරිනැමීමට ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා කටයුතු කළේය. මෙලෙස ඇගයීමට ලක් කළේ 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න මහතායි.

Read More

ආනයන කරනු ලබන භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයකට පනවා ඇති ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. මෙම සීමා ලිහිල් කිරීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් පිරිසක් වෙත පොසොන් පොහොයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ සමාවක් ලබාදී තිබේ.

Read More

මේ වසරේ පළමු වතාවට මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂයේ සීමාවෙන් පහළට ගොස් තිබේ. එසේම ජනවාරි හා මැයි යන කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන්ගේ ප්‍රමාණය 524 486 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

වරකාපොල, නාංගල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන ගිය ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ඉගෙනුම ලබමින් සිටි සිව් හැවැරිදි දැරියකට බරපතල ලිංගික අතවර කළ බව කියන එම ළමා සුරැකුම් මධ්‍යස්ථාන පාළිකාවගේ සැමියාට එරෙහිව ප්‍ර දේශවාසීන් විරෝධතාවක් පැවැත්වීය.

Read More

ලෝකයේ ප්‍රකට ව්‍යාපාරික එලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පත්ව තිබේ. ඒ සුඛෝපභෝගී භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රභල ව්‍යාපාරයක් වන LMVH හි ප්‍රධානියා වන බර්නාඩ් ආර්නෝල්ට් දෙවැනි ස්ථානයට පත්කරමිනි.

Read More

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන්නේය.

Read More

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා වෙනුවෙන් බදු ලිපිගොනුවක් විවෘත කළත් ඒ සියලු දෙනාගෙන් බදු අයකිරීමක් සිදු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට සිමෙන්ති, යකඩ ඇතුළු අමුද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් ප්‍රගමනය වෙනුවෙන් රජයට ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිත සංගම්, යකඩ හා සිමෙන්ති ආනයනකරුවන් හා නිෂ්පාදකයන් සමග වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පසුගිය (30) වනදා හා ඊයේ (01දා) පැවැති සාකච්ඡා කිහිපයකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලදී.

Read More

විදේශීය වශයෙන් සත්ව හුවමාරු වැඩ සටහන යළි ක්‍රියාත්මක කරමින් 2023 .01. 26 වන දින නෙදර්ලන්තයේ ’’ බෙස්ට්’’ සත්වෝද්‍යානය හරහා ශ්‍රී ලංකාවට ලැබුණු ජගුවර් යුවළ ඊයේ (01දා) සිට මහජන ප්‍රදර්ශනයට යොමුකර තිබේ.මෙම ජගුවර් යුවළට ශ්‍රී ලංකාවෙන් දඩුලේනු ජෝඩු දෙකක් නෙදර්ලන්තයට ලබාදී තිබේ.

Read More

ශ්‍රී ලංකාවට වැඩි ප්‍රතිලාභ අත්වන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය බලාපොරොත්තු වන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා පැවසීය.

Read More

අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඉකුත් 31 දින අලුයම ගුවන් ගත වීම සදහා සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් වෙත පැමිණ ඇති බවත්, උන්වහන්සේ කටුනායක ගුවන් තොටුපොළ තුළ ගුවන් යානයක් නොමැතිව සිටියදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය උදව් කළ බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.

Read More

මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බව පැවසීය.

Read More

රටේ ආර්ථිකය පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ ක්‍රියාදාමයට අවශ්‍ය තාක්ෂණික සහ තිරසර ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරලීම සඳහා පුද්ගලික අංශයේ යෝජනා ලබා ගැනීමට සංඝායනා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් පැවසීය.

Read More

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු වුවත්,ත්‍රිරෝද රථ ගාස්තුව කිසිදු මුදලකින් අඩු නොකරන බව ත්‍රිරෝදරථ රියදුරන්ගේවෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේය.

Read More

බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200 ක මූල්‍ය පහසුකම මේ වසරේ අගෝස්තු - සැප්තැම්බර් අතර කාලයේදී ආපසු ගෙවීමට හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන මූල්‍ය අර්බුදයෙන් ක්‍රමයෙන් ගොඩ එමින් පවතින බවත් ඒ අනුව පොලි අනුපාත පහළ යාම ඉදිරියේදීත් සිදුවෙනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.