saravita-anim2

2025 මැයි මස 24 වන සෙනසුරාදා

2025 මැයි මස 24 වන සෙනසුරාදා

Latest News - timelapse 3160 hours ago

LATEST

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

calendar_today 2023 මැයි 31 - 16:17 remove_red_eye - 439  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (1) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

නීතිවිරෝධි කටයුකු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට ආණ්ඩුව පසුබට වන්නෙ නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඇමෙරිකානු ඩොලර් මිලියන 5.2ක කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ කොරියානු සමාගම්වල ඉදිකිරිම මත සිදු කරන ජලය මත පාවෙන සුර්ය බලාගාර දෙකක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් කිරීම සහ එහි කටයුතු ආරම්භ කිරීම අද උදෑසන සිදු කරනු ලැබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

රූපවාහිනී නාලිකා ශ්‍රේණිගතකිරීමේ ක්‍රමය (Rating) නිවැරදි නොවන බවත් එය අක්‍රමවත් සහ පක්ෂග්‍රාහී ආකාරයකට සිදුවන්නක් බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පැවසීය.

Read More

අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිටුපස අබිලි ද්‍රව්‍ය ගොඩගසා ඇති කුටියේ තිබු ටී 56 පතරොම් ගැබ් 3 ක් ඇතුළු විවිධ වර්ගයේ උණ්ඩ තොගයක් යකඩ බඩු වෙළෙඳ සැළකට අලෙවි කළ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවය කරන කම්කරු සේවකයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

බැංකු පනත උල්ලංගණය කරමින් ශ්‍රී ලංකාව තුළ පිරමීඩාකාර ව්‍යාපාරවල යෙදෙන නීති විරෝධී ආයතන කිහිපයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජනතාවට අණාවරණය කර තිබේ.

Read More

වයඹ පළාතේ ගවයින් අතර පැතිර යන සමේ රෝගය මේ වන විට මධ්‍යම පළාතේ ද පශු වෛද්‍ය නිලධාරිකොට්ඨාස කිහිපයකින්ම වාර්තා වී ඇති බැවින් රෝගය පාලනය කිරිම සඳහා අවශ්‍ය ක්‍රියාමර්ග ගෙන ඇති බව මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජුනි මස 15 වෙනි දින සිට රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රු.9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යනු ලබන ප්‍රයත්නයට චින රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චින විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong) මහතා අවධාරණය කළේය.

Read More

ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වී සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් අද (31දා) අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර සිටියද, උන්වහන්සේ අදාළ ගුවන් යානය වෙත රැගෙන නොයාම නිසා පැය 12 කට අධික ප්‍රමාද වීමකින් පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත්කර හැර තිබේ.

Read More

එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැළසුම් කර තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා සඳහන් කළේය.

Read More

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

Read More

කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි තරුණ යුවළක් විසින් කුලුන මත ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය දී එහි ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තඹුත්තේගම ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට වට්ස්ඇප් මාර්ගයෙන් අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ බව කියන එම පාසලේම ගුරුවරයෙක අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඩීසල් මිල අඩුවීම පදනම් කරගෙන ඉදිරියේදී බස් ගාස්තු අඩුවීමකට යා නොහැකි බවත්, මේ නිසා අමතර කොටස් මිල ටයර් මිල පහළ දැමීමට වැඩපිළිවෙළ අවශ්‍ය බවත් සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඉදිරි මාස 03 තුළදී පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් ජුනි මස 19 වැනි දින සිට ජූලි මස 04 වැනි දින දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි බලපත්‍ර ලත් සියලු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට අදාළ පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (29) එම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.

Read More

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාළ සීමාව තුළ දී බාහිර පාර්ශවයකට ඇතුළුවීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි.

Read More

වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තු වලට අමතරව අතිවාස කාල සීමාව සඳහා අයකරනු ලබන ඇමරිකානු ඩොලර් 500 ක දඩ මුදල සංශෝධනය කිරීම සඳහා ආගමික හා විගාමික පනත යටතේ මහජන ආරක්ෂක අමාත්යිවරයා විසින් සාදන ලද නියෝග වලට මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්යාං ශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ආගෝස්තු මාසයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කීය.

Read More

රටක ආර්ථිකයට සෘජු ව ම බලපාන වාණිජ හා ව්‍යාපාර අධ්‍යයන විෂයන් හදාරන සිසුන් ඉදිරියේ දී ඒ විෂය දැනුම පිළිබඳ න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික ව වෘත්තීය වශයෙන් භාවිතයට ගැනෙන බැංකු වැනි ආයතනවලට ගොස් සෛද්ධාන්තික විෂය දැනුමේ ප්‍රායෝගික භාවිතය පිළිබඳ විෂයගෝචර අද්දැකීම් ලබා ගත යුතු යැයි තමන් යෝජනා කරන බවත් ඒ සඳහා අවශ්‍ය ලිඛිත අවසරය චක්‍රලේඛනයක් මාර්ගයෙන් ලබා දීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට මෙවර අයි.පී.එල්. තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ක්‍රීඩක මතීෂ පතිරණ නම් කර තිබේ.

Read More

ආගමික සමගියට බාධා වන ආකාරයට කටයුතු කරනු ලබන අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය පැවතියත් අන් අයගේ ආගම් සදහා අගෞරව කරන්න කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය‍

Read More

නැගෙනහිර මහනගර සංවර්ධන සැලැසුම සකස් කිරීමේදී සංචාරක, ධීවර, කර්මාන්ත සහ ආයෝජන යන ක්ෂේත්‍ර පිළිබදව වැඩි අවධානයක් යොමු කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි.

Read More

ශ්‍රී ලංකාවට ආනයනය කරන කරවල ,හාල්මැස්සන් හා පළතුරු සමහර තොග වල බැර ලෝහ හා ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගුවන බව හෙලිවෙයි.

Read More

පාසල් යන වයසේ නව යොවුන් පෙම් යුවලක් උපකාරක පන්තිය හමාර වීමෙන් පසු ඒ අසළ පාළු මාවතක පෙම් සුව විඳිමින් ගමන් කරමින් සිටිදි තරුණයා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියගේ මව පියා සහ පියාගේ මිත්‍රයෙකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තලවතුගොඩ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක රථ ගාලේ නවතා තිබූ බැංකු නිලධාරියෙකුට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය සොරා ගත් සැකකරුවන් දෙදෙනා පැය විසි හතරක් තුළ දී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

Read More

ජලයේ ගිලිණු පුද්ගලයන් සෙවීම සහ ජලයේ ගිලීමෙන් ජීවිතක්‍ෂයට පත් පුද්ගලයන්ගේ මෘත ශරීර ගොඩගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කිමිදුම් සහය ලබාදීම නිරතුරුව සිදුකරනු ලබන අතර, පසුගිය 2022 වර්ෂයේ මැයි මස 22 සිට 2023 වර්ෂයේ මැයි මස 22 දක්වා ගතවූ වසරක කාලය තුල නාවික හමුදාව මඟින් විවිධ හේතූන් මත ජලයේ ගිලීමෙන් ජීවිතක්‍ෂයට පත් පුද්ගලයන්ගේ මෘත ශරීර 148 ක් සොයා ගැනීම සඳහා කිමිදුම් සහය ලබාදීමට කටයුතු කර ඇත.

Read More

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීම සඳහා කඩිනමින් ඒකාබද්ධ සැලැස්මක් සකස් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබා දෙන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.