දින තුනක් පුරා අඛණ්ඩව පැවැති කොට්ටාව බොරැල්ල (174) හා කොට්ටාව , ගල්කිස්ස (255) පෞද්ගලික බස්රථ වර්ජනය අවසන් කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය .
මෙම මස 30 වැනි දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කරයි. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා මෙම නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreනවය වසරේ සිසුවෙකුට කන පැලෙන්න පහරදුන්නේ යයි කියන අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ කීඩාභාර ආචාර්යවරයෙකු ඊයේ (22) රෑ වතුගෙදර දෙල්ගහහන්දිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් සහල් ආනයනය කිරීමට රජය වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 350ක පමණ මුදල රටට ඉතිරි කර ගැනීමට හැකි වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් පෙරේදා (21) මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවා තිබේ .
Read Moreවෙඩි වැදි මියගිය පුද්ගලයා සහ බොරැල්ල ඝාතකයාගේ සහෝදරයා ද එක සමාන හැඩරුවෙන් යුක්ත වුවන් බවට පොලිසිය කියයි. බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි
Read Moreබස්නාහිර පළාත සහ දකුණු පළාත තුල සිදුවන මිනීමැරුම් මැඩලීම සම්බන්ධයෙන් වහාම දැඩි ක්‍රියාමාර්ග ගන්නයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස් ප්‍රධානීන්ට නියෝග කරනු ලැබීය. ඇත. අමාත්‍යවරයා එම නියෝගයක් ලබාදී ඇත්තේ, පොලිස් ප්‍රධානින් සමග ඊයේ (21දා) සිදුකල සාකච්ජාවකදීය.
Read Moreඅත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව ගෙන්වීමට මුදල් අමාත්‍යාංශයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව වැ.බ.මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
Read Moreවිදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර් දේශය සහ කළමනාකරණ සේවා දෙපාරතමේන්තුවේ අනුමැතිය ලබා නොගෙන කාරය මණ්ඩලය සඳහා දිරි දිමනා ,ප්‍රසාද දිමනා ගෙවල් කුලි දිමනා සහ භාවිතයට නොගත් නිවාඩු සඳහා දිමනා ලෙස රුපියල් දාහතර කෝටි දහඅට ලක්ෂ විසිපන් දහස් අටසිය තිහක් (141825830)ගෙවා ඇති බව ජාතික විගණන දෙපාරතමේන්තුවේ නිලධාරියෙකු සමග කරන ලද මාධ්‍ය සාකචඡාවකදි අනාවරණය විය.
Read Moreඅණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොද්දල පොලිසියේ නිලධාරීන් විසින් අද (22දා) වෙඩි තබා ඇත.
Read Moreශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැපවී සිටින බව එහි ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය සඳහන් කරයි.
Read Moreපේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක විශේෂිත ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය වයස අවුරුදු දෙකහමාරක දරුවා මිය යාමට එම දරුවාට ලබාදුන් නිර්වින්දන එන්නතේ කිසිදු බලපෑමක් නොමැති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසයි.
Read More’’අපි දන්නවා සංචාරක ඇමති කෙනෙක් ඉන්නවා. හැමදාම රටින් පිට ඉන්නේ. ඉන්දියාවේ සුමාන දෙකක් ගත කරලා ආවා මිලියන 140ක්ද කොහෙද වියදම් කරලා. එයා අරහේ මෙහෙ ගිහිල්ලා බැනර් අල්ලාගෙන හිටියාට සංචාරකයෝ එන්නේ නෑ. යටිතල පහසුකම් වර්ධනය කරන්න කිසිම දෙයක් කරලා නෑ’’
Read Moreපොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යැයි පවසමින් පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැලිපැන්න බොන්දුපිටිය නිවසට ගිනි අවි රැගෙන කඩාවැදී දේපළ කොල්ලකෑ කණ්ඩායමේ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreමුහුණු පොත හරහා ගැහැණු ළමයෙකු ලෙස පෙනී සිටිමින් කතාබහ කොට 14 හැවිරිදි පිරිමි දරුවෙකු ගම්පහ ප්‍රදේශයට ගෙන්වා ගෙන ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාල පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreඅන්තර් පාසල් වයස 15න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේදී තමා මුහුණදුන් තරග දෙකෙන්ම පිට පිටම කඩලු ත්‍රිත්වයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පාසල් වාර්තාවක් තැබීමට බලපිටිය සිද්ධර්ථ විද්‍යාලයේ දිලුක දුශේන් මෙන්ඩිස් සමත්වූයේය.
Read Moreඇල්පිටිය නවදගල විදුහල් කීඩාංගණයේ ඊයේ (21) පැවති වෙළද ,ප්‍රදර්ශණ හා සැණකෙළියේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකදී හිසට පොලු පහරක් වැදුණු පොලිස් නිලධාරියෙකු ඇතුලු සිව් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.
Read Moreසෞඛ්‍ය අංශය වෙනුවෙන් අවශ්‍ය නොලැබෙන්නේ නම් තවදුරටත් අමාත්‍යධුරයේ රැදී සිටීම පිළිබදව තීරණයක් ගැනිමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreයුද හමුදාවට පවරාගත් ස් රථයක් අද (22) අළුයම ස්කූටරයක ගැටී තුන් හැවිරිදි දැරියගේ හිස මතින් ධාවනය වීමෙන් දැරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.
Read Moreකොළඹ වරායට පැමිණි බහාලුමක් තුළ සගවා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ රුපියල් හැට හතර කෝටි හැත්තෑ හත් ලක්ෂ විසි දහසක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 16 යි ග්‍රෑම් 193 ක් 06/22 දින කොළඹ වරාය පාලන අංශයේ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
Read Moreකුර්දිස්ථානයේ ශ්‍රි ලංකා කන්සියුලර් ජනරාල් ආචාර්ය අහමඩ් ජලාල් (Dr. Ahmad Jalal) මහතා ඇතුළු විශේෂ නියෝජිතයින් පිරිසක් 2023.06.21 දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි අසීස් මහතා හමුවිය.
Read Moreකෘෂිකාර්මික නිෂ්පාදනයන් හි ගුණාත්මකභාවය තහවුරු කිරීමට හදුන්වා දී ඇති යහ කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම සඳහා ගොවීන් 10,000කට හරිත මුද්‍රාව සහතික ලබා දීමේ වැඩ සටහනක් කෘෂි ආංශික නිපුණතා සභාව ආරම්භ කර තිබේ.
Read Moreදඹගල්ල පොලිස් වසමේ මඩුල්ල ප්‍රා දේශීය සභා ක්‍රීඩාංගණයේ පැවැති සැණකෙළියක මාරක ළිඳේ පඩිපෙළකින් ඇද වැටී තුවාල ලැබූ ළදරුවෙක් මොණරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (21දා) අලුයම් කාලයේදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
Read Moreඉන්දියානු බල ශක්ති සමාගමක්වන පෙට්‍රොනෙට් එල්.එන්.ජි. (PetronetLNG) සමාගමේ නිලධාරීන් විසින් විදුලිබල මණ්ඩලයේ ද්‍රව ස්වභාවික වායු (LNG) අවශ්‍යතාව සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සැලසුමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreදැනට ආයතන අතර පවතින ප්‍රශ්න හේතුවෙන් අතරමැද නවත්වා ඇති ව්‍යාපෘති 11 ක් සඳහා රු. මිලියන 56,388/= ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති බවත්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් රු. මිලියන 2,531ක් වැය කර තිබුණද, තවදුරටත් ගෙවීම සඳහා රුපියල් මිලියන 14,23ක හිඟ බිල්පත් පවතින බවත් මෙහිදී අනාවරණය විය. එසේම රුපියල් මිලියන 56,999ක මුදලක් ව්‍යාපෘතිවල වැඩ නිමකිරීම සඳහා තවදුරටත් අවශ්‍යව ඇති බවත් මෙහිදී හෙළි විය.
Read Moreමෙරට තුළ ළමා ක්ෂය රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, ඉන් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා අවධාරණය කරයි.
Read Moreරජයේ රෝහල් සතුව තිබෙන සී.ටී ස්කෑන් යන්ත්‍ර 12 ක්, එම්. ආර්. අයි. ස්කෑන් යන්ත්‍ර දෙකක්, හෘද කැතීටර යන්ත්‍ර තුනක් හා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර දෙකක් අක්‍රිය වී තිබේ.
Read Moreදේවගැති ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම පෙත්සම්කරු විසින් අද (21දා) ඉල්ලා අස්කර ගනු ලැබීය.
Read Moreනිර්වින්දන එන්නතක ඇති වූ සංකූලතා හේතුවෙන් පේරාදෙණිය ළමා රෝහලේ දී කුඩා ළමයකු මියයාමේ සිද්ධිය ප්‍රතික්ෂේප කරන බවත් සංකූලතා ඇතිවීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කරන ලද එම නිර්වින්දන එන්නත කිසිසේත්ම කුඩා ළමයින්ට භාවිතා නොකරන්නක් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read More