saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2886 hours ago

LATEST

ප්‍ර දේශවාසීන්ගෙන් පහර කෑමට ලක්වූ හිමිවරුන් දෙනමක් රෝහලට

calendar_today 2023 දෙසැ 03 - 18:57 remove_red_eye - 1343  

වැල්ලව නගරයේ මත්පැන් අලෙවි සැලක් ආරම්භ කිරීම සඳහා විහාරාධිපති හිමිනමක් අනුමැතියක් ලබා දුන් බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රදේශවාසින් පිරිසක් සමඟ ඇතිවූ ආරාවුලකින් පසුව පහර කෑමට ලක්වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් සමග පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ මහනුවර උසස් බාලිකා විදුහලේ 08 වසරේ සිසුවියක ඉහළ ප්‍රථිඵල ලබාගෙන තිබේ .

Read More

නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින විවෘත කෙරිණි.

Read More

මෙරට තිබෙන විද්‍යාපීඨ දහ නමය විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ පනත ලබන වසරේ ගෙන එන බවත් 2028 වසරේදී ඉන් පිටවන උපාධිධාරීන් ගුරුවරුන් වශයෙන් පාසල් පද්ධතියට එක් කොට පාසල් දරුවන්ට හොඳ ගුරුවරයෙකු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

Read More

එකම පවුලේ සාමාජිකයින් පිරිසක් ගමන්ගත් මෝටර් අද දහවල් බෙලිඅත්ත සිට අනුරාධපුර බලා ගමන්ගත් රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියේ ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

Read More

ඉන්දියාවේ සිට මාලු බෝට්ටු තුළ සඟවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ලිංගික උත්තේජක තොගයක් සමග ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

අපවත් වී වදාල ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය අනිද්දා (05) ගාල්ල, යටගල රාජ මහා විහාරස්ථ ආදාහන මළුවේදී සිදුකරන බව සිතුල්පව්ව රාජමහා විහාරස්ථ දායක සභාව කියයි.

Read More

වෛද්‍ය සැපයුම් අංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාත් ,

Read More

ශ්‍රී ලංකාවේ දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකිරීමට රජය සැලසුම් කර තිබේ. එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත අතර එහි ඉදිකිරීම් කටයුතු 2026 වසරේදී අවසන් කිරීමට නියමිතව ඇත. මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට අලුතින් එකතු වන විදුලි ධාරිතාවය මෙගාවොට් 350 කි. එය ඉදිකිරීමට වැය වන මුදල රුපියල් මිලියන 750 ක් ලෙස සඳහන් වේ.

Read More

‍තණමල්විල ජාතික පාසලේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු 2022 අපොස සාමාන්‍යපෙළ විභාගයට ඉදිරිපත්වී විෂයයන් නවයටම A සාමාර්ථයන් ලබාගෙන ඇත. මෙලෙස A සාමාර්ථ නවයක් ලබාගෙන ඇත්තේ තණමල්විල ගඟේයාය පදිංචි ඩබ්ලිව්.ආර්.එම් අකිල ජයලංකා විජේතුංග නැමති ශිෂ්‍යයායි. අකිලට නියමිත පරිදි සාමාන්‍ය පෙළට ඉදිරිපත්වීමට තිබුණේ 2024 වර්ෂයේදීය. එසේ තිබියදී විදුහල්පතිවරයාගේ අවසරය මත ඔහු 2022 අපොස සාමාන්‍යපෙළ විභාගයට ඉදිරිපත්වී මෙම ජයග්‍රහණය ලබාගෙන තිබේ.

Read More

කොලඹ වරායේ ඉදිවන විශාලතම පර්යන්තය වන නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතින බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.

Read More

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළු විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “දේශගුණික යුක්ති සංසදය” එළිදැක්වීම COP 28 සමුළුවට සමගාමීව ඊයේ (02) සිදු කළේය.

Read More

වත්මන් තරුණ පරපුර අනාගත ලෝකයට ගැළපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

Read More

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලින් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට මහනුවර මහමායා බාලිකා විදුහලේ සමාධි අනුරාධා රණවක සිසුවිය සමත්ව සිටී.

Read More

අවුකන රාජමහා විහාරයේ වාර්ෂික කඨින පිංකමට සමගාමීව අවුකන බුද්ධ ප්‍රතිමාවට පැය කිහිපයකට සිවුරක් පැළඳවා පූජා පැවැත්වීමට කටයුතු කළ බව අවුකන රාජමහා විහාරාධිපති හිමියෝ ප්‍රකාශ කරති.

Read More

තඹලගමුව පොලිස් වසමට අයත් මොල්ලිපොතාන යුනිට් 10 ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ජලය බැස යන කාණුවකට වැටුණු දැරියක් ඉකුත් 01 පස්වරුවේ මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

Read More

මත් පැන් බෝතල්වල අලවන ව්‍යාජ ස්ටිකර් පරීක්ෂා කිරීමට ගැනීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනයකින් වැඩිවී ඇති බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට අනාවරණය කරන ලදි.

Read More

විනයගරුක රියදුරන් ඇතිකිරීම සහ රිය අනතුරු අවම කිරීම සඳහා කඩිනමින් රියදුරු බලපත්‍ර අනුව ක්ෂය වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 02 දින පස්වරුවේ දඹුල්ලේ දී පැවසීය මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්න දෙකකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

ළඟ එන උත්සව සමය හේතුවෙන් දෙසැම්බර් මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

Read More

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. මාස 13ක කාලයක් සඳහා එනම් ඊයේ (01දා) සිට ලබන වසරේ දෙසැම්බර් 31 තෙක් බලපැවැත්වෙන පරිදි මෙම බද්ද පනවා තිබේ.

Read More

2022/2023 අධ්‍යන වර්ශය සඳහා විශ්වවිද්‍යාල සඳහා සිසුන් 42147ක් බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි. මෙය 2021/2022 අධ්‍යන වර්ෂ සඳහා සැසදීමේදී සිසුන් 540ක බදවා ගැනීමේ වර්ධනයක් බවද කොමිෂම පවසයි.

Read More

2024 අයවැය යෝජනා මඟින් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට අවධානය යොමු කර ඇති බවත්, එමඟින් ඖෂධ ආනයනයේදී සිදුවන දූෂණ අක්‍රමිකතා ඇතුළු අනෙකුත් ප්‍රශ්නගත සිදුවීම් වළක්වා ගැනීමට අවස්ථාව හිමිවන බවත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.

Read More

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Read More

මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 20කට ආසන්න ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගුටිබැට හුවමාරුවකට සම්බන්ධ සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට වරප්‍රසාද සහ ආචාර ධර්ම පිළිබඳ කමිටුව පාර්ලිමේන්තුවට අද (1දා) නිර්දේශ කළේය.

Read More

ඒ අනුව, බොරැල්ල, වැල්ලවත්ත, හැව්ලොක් ටවුන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන්, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස, නුගේගොඩ, සීතාවකපුර යන තැපැල් කාර්යාල මෙසේ පැය 24 පුරා විවෘතව තබනු ඇත.

Read More

2023/12/01 සිකුරාදා රාත්‍රී 9.00 සිට 2023/12/4 සඳුදා උදෑසන 6.00 දක්වා, 2023/12/08 සිකුරාදා රාත්‍රී 9.00 සිට 2023/12/11සඳුදා උදෑසන 6.00 දක්වා, 2023/12/15 සිකුරාදා රාත්‍රී 9.00 සිට 2023/12/ 18 සඳුදා උදෑසන 6.00 දක්වා,

Read More

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ අද (01) සිට ආරම්භ වන බවත් ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයින් සඳහා නව ජපන් රැකියා අවස්ථා විවෘත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සමගාමීව මේ වන විට ශ්‍රි ලංකාව තුළ ඉන්ධන සිල්ලර ව්‍යාපාරයේ නිරතව සිටින ලංකා අයි.ඕ.සී. සමාගම හා සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.