ඛණිජ තෙල් නීති ගත සංස්ථාව විසින් 2022 වර්ෂයේ බොරතෙල් මිලදී ගැනීමේ දී මිල තීරණය කිරිම සඳහා වෙනස් මිල දර්ශකයක් යොදා ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 17,876 ක අතිරේක පිරිවැයක් සංස්ථාවට දැරීමට සිදු වී ඇති බව පසුගිය26 දින ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් අද (29) අළුයම වස්කඩුව කොස්ගස්හන්දිය ප්‍රදේශයේඅනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් දුම්රිය රියදුරු සහ සංචාරකයින් දෙපලක් තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
Read Moreහිඟ බදු ගෙවීමේ කොන්දේසි කඩ කිරීම නිසා ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ රන්දෙණිගල යන මත්පැන් නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
Read Moreලංකා ධීවර සංස්ථාව විසින් සංස්ථාවේ අභ්‍යන්තර චක්‍රලේඛ, උපදෙස්වලට පටහැනිව ණය පදනම මත මසුන් අලෙවි කිරීම හේතුවෙන් 2021 වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් 31 දක්වා කාල සීමාව වන විට රුපියල් විසි හය කෝටි විසි ලක්ෂයක (26,20,00000) මුදලක් සංස්ථාවට අහිමි වී ඇති බව ජාතික විගණන කාර්යාලය පසුගිය26 දින නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreරටක් ලෙස වැටුණු තැනින් අප ඉදිරියට පැමිණ තිබුණද, තවම ගමන අවසන් නැති බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට නම් සියලුදෙනා එක්ව ඉතා ඉවසීමෙන් යුතුව ඉදිරියට යා යුතු බව පැවසීය.
Read Moreජලයේ ගුණාත්මකභාවය රැකගැනීම සහ පිරිවැය අඩු කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති නමුත් ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිඳු අදහසක් නොමැති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
Read Moreවිදේශගත ශ්‍රමිකයින්ට බැංකු ණය දෙන්න කැබිනට් අනුමැතිය දුන්නත් බැංකුවලට ඒක ක්‍රියාත්මක කරන්න බැරි වෙලා
Read Moreඇඹිලිපිටිය, පනාමුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මඩුවන්වෙන නින්දගම වත්ත නැමති ඉඩමෙන් අක්කර 87, රූඩ් 3 පර්චස් 25ක කොටසක් වන වගා ව්‍යාඵෘතියක් වෙනුවෙන් දීර්ඝ කාලීනව අවුරුදු 30ක බදු පදනම යටතේ සීමා සහිත ලංකා දුම්කොළ සමාගම වෙත වන වගා ව්‍යාපෘතියක් වෙනුවෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමෑත කාලයේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම හොරකමට එරෙහිව ඒකමතිකව එකතු වූ අවස්ථාවක් ලෙස ක්‍රිකට් පරිපාලනයට විරුද්ධ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම හැඳින්විය හැකි වුවත් මේ වන විට මේ යෝජනාවට පයින් ගසා හොරකම හෙළිදරව් කළ පුද්ගලයා ඉවත් කර හොරකම් කළ කණ්ඩායම රැක ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreආසියානු සංවර්ධන බැංකු ණය අරමුදල් මත ක්‍රියාත්මක කරන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (අයි රෝඩ්) යටතේ නිම කළ යුතු ව්‍යාපෘති කඩිනමින් නිම කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ.
Read Moreනව වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය අද පෙරවරුවේ මහවැලි අධිකාරි ගොඩනැගිල්ලේ පිහිටි අමාත්‍ය කාර්යාලයේ දී වැඩ බාර ගන්නා ලදි. පත්වීම බාර ගැනීමෙන් අනතුරුව එම ලිපිය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා වෙත බාර දෙන ලදී .
Read Moreමේ විද්‍යාලයේ සදරු දෙනුවන් ශිෂ්‍යයා ලකුණු 175 ක්ද පුසාද් දෙනුවන් ශිෂ්‍යයා ලකුණු 169 ක්ද කවිෂා මල්ශානි ශිෂ්‍යාව ලකුණු 163 ක් ද විශේෂ අවශ්‍යතා සිසුවෙකු වන තරුෂිත නිම්සර ශිෂ්‍යයා ලකුණු 78 ක් ද ලබා ගනිමින් විද්‍යාලයට කීර්තියක් ලබා දී ඇත.
Read Moreමෙරට ධිවර කර්මාන්තයේ නියැලෙන බහු දින යාත්‍රා සදහා සහන මිලට ඉන්ධන ලබා දිමට අවශ්‍ය වැඩ පිලිවෙලක් සකස් කිරිම පිලිබද විශේෂ සාකච්ඡාවක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ඉන්දියන් ඔයිල් සමාගමේ (ioc) නියොජිතයන් අතර ධීවර අමාත්‍යංශයේදි පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය සම්බන්ධයෙන් අභිනව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ස්ථාවරය දෙසැම්බර් මස 05 වැනිදා දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (28දා) දැනුම් දුන්නේය.
Read Moreමහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 51 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියක මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්‍ය සේවකයන් බවත් 2019 වර්ෂයේ දී සංවර්ධන නිලධාරීන් 20,000කට පමණ විශේෂයෙන් පළාත් පාසල්වල පුහුණු වීමට අවස්ථාව ලබාදී ඇති බවත අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreසිය මුණුපුරන් දෙදෙනා නංවාගෙන සිවුදරු පියෙක් පදවාගෙන ගිය ත්‍රී රෝද රථයක් බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ දී ලොරි රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි
Read Moreඇය ඇඹිලිපිටියට යාම සඳහා බස් රථයක් පැමිණෙන තෙක් කඩුවෙල අධිවේගී පිවිසුම අසල රැඳී සිටියදී ඇඹිලිපිටිය දෙසට ගමන් ගන්නා මෙම කන්ටේනර රථය පැමිණ කාන්තාව එම රථයට නංවාගෙන කඩුවෙල සිට ඇඹිලිපිටිය දෙසට යමින් සිටියදී කොට්ටාව අතුරුගිරිය අතර කිලෝමීටර් 03 කනුව අසල ටයරයක ඇති වූ කාර්මික දෝෂයක් යථා තත්ත්වයට පත් කරමින් තිබූ තවත් කන්ටේනර් රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබේ.
Read Moreඅමාත්‍ය මණ්ඩල අනුමැතියට සමගාමීව සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා නියමු වැඩසටහනක් ලෙස දියත් කරමින්, 2024.03.31 දින දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreලෝක ප්‍රකට සූපවේදී , ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් ( Gary Mehigan ) මහතා ශ්‍රී ලංකාවේ සත් දින වැඩමුළු කීපයක් සදහා ඊයේ (27දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreදංඕවිට හොරගස්මංකඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රබර් ශල්‍ය අත්මේස් හා සාමාන්‍ය රබර් අත් මේස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නක් හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි දංඕවිට පොලිසිය සඳහන් කරයි.
Read Moreපුරාවිද්‍යාත්මක වටිනාමකමක් සහිත දෙස් විදෙස් සැදැහැවතුන්තේ වන්දනාවටපාත්‍රවන අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමාවට චීවරයක් පැලඳවීමට පිරිසක් කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දූෂිතයන්ට එරෙහිව සටන් කළ රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම පිටුපස අදිසි හස්තයක් තිබෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreකළුතර මහ රෝහලේ සහ කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සී.ටී. යන්ත්‍ර අක්‍රීය වීම නිසා අදාළ පරීක්‍ෂණ පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට රුපියල් කෝටි පහමහාරකට අධික මුදලක් මේ වනවිට වියදම් කර තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreකිසියම් පුද්ගලයකු විසින් සාත්තු කර තිබු කේරල ගංජා පැල දෙකක් මතුගම පැලවත්ත පදික වේදිකාවේ තිබී ගලවා ඉවත්කිරීමට මීගහතැන්න පොලිසිය කටයුතු කර තිබුණි.
Read Moreශ්‍රී ලංකාවේ පළමු පිඩේ චෙස් ක්‍රීඩා උපදේශිකාව වීමේ ගෞරවය සුනීතා විජේසූරිය හිමිකර ගත්තාය. ඒ අන්තර් ජාතික චෙස් සම්මේලනය විසින් සුනීතා විජේසූරියට පිඩේ චෙස් ක්‍රීඩා උපදේශක තනතුර පිරිනැමීමත් සමගමය.
Read Moreහරීන් ප්‍රනාන්දු මහතාට දැනට දරන අමාත්‍යධුරවලට අමතරව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යධුරයත්, පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට දැනට දරණ අමාත්‍යධුරවලට අමතරව වාරි මාර්ග අමාත්‍යධුරයත් ලබාදී තිබේ.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු හැරීමටවිශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කොට තිබේ.
Read Moreවන සතුන් දඩයම් කරමින් සාද පැවැත්වු පුත්තලම නගරයෙ කෝටිපති ව්‍යාපාරිකයකු, පුත්තලම සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයා සමග දඩයම් වලට එක්වු තවත් සැකකරුවන් දෙනෙකු සමග කැබ් රථයක් හා තවත් උපකරණ රැසක් වනාතවිල්ලුව හා කරුවලගස්වැව වනජීවි කාර්යාල වල නිළධාරීන් ඒකාබද්ධව සිදු කල මෙහෙයුමකදී පුත්තලම 4 කනුව ආසන්නයෙදී 26 දින අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.
Read Moreචීන රජයේ ආධාර මත අඩු ආදායම්ලාභීන්, කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තැබේ.
Read More