මෙරටට අවශ්‍ය ඖෂධවලින් 20%ක් මේ වනවිට රට තුළ නිෂ්පාදනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
තලාතුඔය ,රටේමුල්ල ,ගලහ ,හොරණ, ගාල්ල ආදී ප්‍රදේශවල විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් හා අනෙකුත් භික්ෂූන් මෙම හිමිනම අපයෝජනයට ලක් කර තිබේ. මෙම හිමිනම බොහෝ කාලයක සිට විඳි පීඩාව මවට පැවසීමත් සමගම එම මවගේ පැවිදි වී සිටින අනෙක් පුතා සිටින හොරණ විහාරස්ථානයකට මෙම සාමණේර හිමි බාරදී තිබේ. මෙම හිමියන්ගේ වැඩිමහල් සහෝදරයා විසින්ද මෙම කුඩා හිමිනම අපයෝජනයට ලක්වී තිබේ.
Read Moreපසුගිය කාලයේදී තත්වයෙන් බාල ඖෂධ නිසා මියගිය, ඇස් අන්ධ වූ හා අසාත්මික වූ සිද්ධීන් පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදුකර සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලා අද(05දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.
Read Moreඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් මිල්කෝ ආයතනයට අයත් අඹේවෙල කර්මාන්ත ශාලාව සඳහා පසුගිය වසර 08ක කාලසීමාව තුළ (2015 වර්ෂයේ සිට 2022 අගෝස්තු 31) දක්වා නිකුත් කරනු ලැබූ රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ නමදහස් හාරසිය හැටහතක් වටිනා ඩීසල් ලීටර් 165,300ක් මිල්කෝ ආයතනයේ කර්මාන්ත ශාලාවේ තෙල් ටැංකිවලට ගොඩබෑමේ කටයුතු සිදු වී නොමැති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
Read Moreමේ මාසයේ ගෙවීගිය දින 4ක කාලය තුළදී ඩෙංගු රෝගීන් 999ක් වාර්තා වී තිබෙන බවත්, රෝගීන් 16 ක් මිය ගොස් තිබෙන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreබාලවයස්කාර සාමණේර හිමිනමක් වසර තුනක් පුරා බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ ප්‍රදේශ කීපයක විහාරස්ථානවල වැඩිහිටි භික්ෂූන් වහන්සේලා දස නමක් සොයා ගම්පොල පොලිස් කොට්ඨාසට අයත් ගලහ පොලීසිය පරීක්ෂණක් අරඹා තිබේ.දහතුන් හැවිරිදි මෙම සාමනේර හිමිනම වයස අවුරුදු 11 සිට මෙසේ අපයෝජනයට ලක්ව ඇතැයි පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
Read Moreයුද හමුදාවේ සේවය කරන දෙදෙනෙක් එකම දිනයක එකම ආකාරයට ගම්පොල සිය නිවෙස් තුළ සියදිවි හානිකරගෙන තිබේ.විසිඑක් හැවිරිදි තෙල්ගේ ලසන්ත පීරිස් ගම්පොල උනම්බුවේ නිවසේත් 42 හැවිරිදි ජයසිංහ දේවලයාගේ චන්ද්‍රපාල පල්ලේ දෙල්තොට සිය නිවසේත් මෙසේ සියදිවි හානිකර ගෙන තිබුණි.
Read Moreමෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreරුපියල් 65000/= ක් වටිනා විදේශීය මත්පැන් බෝතලයක් සොරාගත් රුසියන් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි.
Read Moreමෙහිදී කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නිලධාරීහු මහජනතාව තුළ ඔවුන්ගේ ආයතනය පිළිබඳව (CRIB) නිවැරදි අවබෝධයක් නොමැති බව පෙන්වා දුන්හ. ඒ සඳහා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) ක්‍රියාවලිය පිළිබඳව පුළුල් ලෙස මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. ඉදිරියේදී CRIB යන යෙදුම වෙනස් කිරීමටද අවධානය යොමුව ඇති බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
Read Moreශ්‍රී ලංකාවට පනවා තිබෙන ක්‍රිකට් තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.)තමන්ට දුරකථනයෙන් තහවුරු කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳව අද (04දා) පැවති අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී පිළිතුරු කතාව ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Read Moreජාතික ක්‍රීඩා කවුන්සිලයේ නව සභාපති ලෙස වෛද්‍ය මයියා ගුණසේකර මහතා පත්කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තමන් වෙත පැවරී ඇති බලතල අනුව නව ක්‍රීඩා කවුන්සිලය නම් කර තිබේ.
Read Moreඅධික වර්ෂාවක් ලැබෙන මොහොතක ජල විදුලි උත්පාදනයේ ඉහළ යාමක් තුළ විදුලි බල මණ්ඩලය අධික ලාබයක් ලබා ගත් නිසා විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ වු බවත් එම විරුද්ධතාව නොතකා විදුලි බිල වැඩි කළත් මේ වන විට ලක්ෂ 5කට අධික ජනතාවගේ විදුලිය විසන්ධි කර ඇති බවත් තවත් දශලක්ෂ ගණනාවකට විදුලි කප්පාදු කරනවා කියා රතු නිවේදන යවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසිය.
Read Moreහිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. කෙසේ වෙතත් එහි සෙසු සාමාජිකයන් කවුදැයි අමාත්‍යවරයා සඳහන් නොකළේය.
Read Moreබණ්ඩාරගම කළුතර පාරේ කර්මාන්තශාලාවක ඉඳිකරමින් පවතින ගොඩනැගිල්ලක වහලයකින් වැටී 24 හැවිරිදි හිටපු කොමාන්ඩෝ සෙබළෙකු මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
Read Moreකැලණිය විශ්වවිද්‍යාලය තාවකාලිකව වසාදැමීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
Read Moreහිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreරාජ්‍ය හා පෞද්ගලික අංශ එකතුවකින් සමන්විත මෙරට ආරම්භ කිරීමට යෝජිත ප්‍රථම ඖෂධ නිෂ්පාදන කලාපය වන “ඔයාමඩුව සුවසිරිපුර” ඖෂධ නිෂ්පාදන කලාපයේ යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධන කොට ආයෝජකයින් වෙත ලබා දීමට අවශය පියවර ගන්නා ලෙස ඔයාමඩුව ඖෂධ නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ (CPMO) නියෝජිතයින් හමුවේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේය.
Read Moreලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ගෘහ සේවයේ නිරත වී සිටි 35 දෙනෙකු 12/04 දින උදෑසන එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
Read Moreමරණයට පත් පුද්ගලයා මෑතකදී යූටියුබ් නාලිකාවක් ආරම්භ කර ඇති බවද එය ජනප්‍රිය කරවීමේ අරමුණින් නිරුවත් කාන්තා ජායාරූප එක් කරමින් සිටි අයෙකු බවද පොලිස් විමර්ශන වලදි අනාවරණයවී තිබේ. ඒ සඳහා ඔහු අවස්ථා කීපයදීම තම එකම දියණියගේද නිරුවත් ජායාරූප ගැනීම සඳහා උත්සාහ දරා ඇතත් දියණියගේ සහ බිරිඳගේ දැඩි විරෝධය මත එම කාර්යය ඉටුකර ගැනීමට ඔහුට හැකියාවක් ලැබී නැත.
Read Moreපාසල් දරුවන්ට පෙළපොත්, නිල ඇඳුම්, දිවා ආහාර සහ පාවහන් ලබාදීම දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා අතර පවතින බවත්, ඇතැම් පාර්ශව විසින් ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීම් සිදුකරන අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට තමා යෝජනා කර ඇති බවත්, එහෙත් ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව දෙන්නේ නම් පවත්නා ආර්ථික වාතාවරණය හමුවේ දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා ඉටුකිරීමට අසීරු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු හා වයඹ පළාත් සඳහා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
Read Moreරට පුරා දූෂණය, වංචාව, හොරකම සහ නාස්තිය ක්‍රියාත්මක වන බවත් බංකොලොත් රටෙත් දුෂිත ගනුදෙනු හරහා සුන්නත්දූලි කරන ව්‍යපෘති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සෙවනැල්ලේ සරණේ සිට ක්‍රියාත්මක කරන බවත් රට ඩිජිටල්කරණය වීම තුළ මෙකී දූෂණය වංචාවට තිත තැබිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreගාල්ල උඩුගම අධ්‍යාපන කලාපයේ ගෝණදෙනිය කනිෂ්ඨ විද්‍යාලයේ ඩබ්ලිව්.එම්.රුවනි වාසනා දියණිය උපතින්ම දෙපා අහිමි දියණියක්. ඇය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී විශිෂ්ඨ සම්මාන හතක් සමග (ඒ 7 බී 1 සී 1) විභාගය ඉතා විශිෂ්ට අන්දමින් සමත්වී ඇත.
Read Moreකූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර යොදා ගනිමින් කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු සහ තරුණියක 12/03 දින අලුයම කටුනායක ගුවන් පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අද (4දා) උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.
Read Moreසිය සැමියාගේ ඇසට මිරිස් කුඩු ගසා පසුව තියුණු ආයුධයකින් පහරදී තම සැමියා ඝාතනය කළ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreදේශගුණික විපර්යාස මැඩලීමේදී ශ්‍රී ලංකාවට සහාය දක්වන බව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් (Bill Gates) මහතා පැවසීය.
Read Moreමාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ ගිනි අවි සොරාගෙන සංවිධානාත්මක අපරාධකරුවන් වෙත මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ අධිකරණයේ බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනකු ඇතුළු පස් දෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය.
Read Moreකල්මුණ ඉස්ලාම්බාද්හි පිහිටි ළමා ආරක්ෂන නිවස්නයක රඳවා සිටි ළමයෙක් එහි පාලිකාවකගේ පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read More