saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2871 hours ago

LATEST

සජබ මන්ත්‍රී වඩිවේල්ට ජනාධිපති උපදේශක තනතුරක්

calendar_today 2023 දෙසැ 07 - 12:29 remove_red_eye - 418  

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් තම ගමන් මල්ලේ සගවා ගෙන තුර්කිය වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය මගින් 12/07 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

හිටපු නායක මෙන්ම හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මේ සඳහා සනත් ජයසූරිය වෙත ඉහළ වැටුපක් ගෙවීමට ක්‍රිකට් ආයතය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට නියමිත බව වාර්තා වේ. ප්‍රතිසංවිධාන කටයුතු යටතේ නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට නියමිතය. එය දෙසැම්බර් 15වැනිදා සිදු කිරීමට නියමිත බවත් වාර්තා වේ.

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු රුසියා - ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඒ පිළිබඳව තවමත් අවසන් තීරණවලට එළඹ නොමැති බවයි.

Read More

වරාය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට අදාළව සිදුවන වැටුප් ගිවිසුම් ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියා මාර්ග සිදුකරන බවත්, පළමු ක්‍රියා මාර්ගය ලෙස අද(07දා) වරාය සේවකයන් කෑම පැයේදී විරෝධතා ව්‍යාපාරයක් සිදුකරන බවත් වරාය වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

Read More

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු මාස 10 තුළ පමණක් එහි විදුලි පාරිභෝගිකයන් 544,488 කගේ විදුලි සැපයුම විසන්ධි කළ බව විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ළමුන්ගේ පෝෂණය සඳහා වන භාණ්ඩ, සුවසැරි වැනි ගිලන් රථ, වෛද්‍ය උපකරණ සහ පොහොර ඇතුළු විශාල ප්‍රමාණයකට අලුතින් වැට් බදු අය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත්, ඒ සඳහා සහනයක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

මෙරට බෝනොවන රෝග (NCD) පාලනය හා ඒ හේතුවෙන් සිදුවන මරණ අඩු කිරීමේ අරමුණින් ජපන් ජනතාව විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත යෙන් මිලියන 500 ක් වටිනා නවීන වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනෙහි පළමු අදියර වශයෙන් යෙන් මිලියන 49 ක වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරිම අද (06) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී සිදු කෙරිනි.

Read More

මෙරට ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයා සියළු දෙනාගේ සහයෝගය ලබාගත හැකි අයෙකු වීම අනිවාර්ය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ගාලු කොටුව නැරඹීමට එන සංචාරකයින්ගෙන් කිසිදු මුදලක් අය කර නොගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය ගිවිසුමක් වෙත පිවිසීම වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

සිවිල් ආරක්ෂක නිලධාරීන්ට කැමති නම් වන්දි මුදලක් ලබාගෙන සේවයෙන් ඉවත්වීමට වැඩපිළිවෙලක් ළඟදීම හඳුන්වා දෙන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

Read More

සතියක් ඇතුළත අයි එම් එෆ් දෙවනි වාරිකය මෙරටට ලැබෙන බව තමා විශ්වාස කරන බවද චීනය, ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල් නිල වශයෙන් ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට එකඟතාවය පළකර ඇතැයි ද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

නිසි ප්‍රමිතියක් නොමැතිව ලුණු නිෂ්පාදනය කර අලෙවි කල පුත්තලම නගරයෙ ව්‍යාපාරිකයකුට චෝදනා ගනනාවක් සම්බන්ධයෙන් වරදකරු කරමින් මාස හයක ලිහිල් සිර දඩුවමක් නියම කර එය වසර පහක කාල සිමාවකට අත් හිටුවමින් රුපියල් 12500 ක දඩ මුදල් ගෙවිමට නියම කිරීමට ආණමඩුව මහෙස්ත්‍රාත් නිරෝෂා එම්. පටබැදිගෙ මහත්මිය නියෝග කර තිබුණි.

Read More

දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රි ලාංකික තරුණයකු ඔහු සමග සිටි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

පාසල්වල අබලන් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීමට කඩිනමින් පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

ප්‍රභූ ඝාතන කුමන්ත්‍ර යකට අදාළව චෝදනා මත පවරා තිබූ නඩුවෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.

Read More

සයින්දමරුදු ප්‍රදේශයේ මද්‍රාසා පාසලක සිසුවෙක් ගෙල වැලලාගෙන ගෙන ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් හේතුවෙන් කෝපයට පත් ප්‍ර දේශයෙ මහජනතාව ඊයේ (05) රාත්‍රියේ මද්‍රාසා පාසලට අසලට විත් විරෝධතාවය පළ කළේය.

Read More

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට ජලාශ 37ක් වාන් දමමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමෙන්තුව පවසයි.

Read More

බදුල්ල නගරයේ දී ඉතා වටිනා දුර්ලභ ගනයේ වාලම්පුරියක් රුපියල් කෝටි 3ක මුදලකට විකිණීමට ගිය පුද්ගලයකු ඊයේ (5) රාත්‍රි නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

ත්‍යාග හෝ ණය මුදල් ලබා දෙන බව පවසා ජනතාවගෙන් මුදල් එකතු කරන ජාවාරමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙම පුද්ගලයන්ට හසු නොවන ලෙසත් විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් පොලීසිය පවසයි.

Read More

මුදල් ආරවුලක් මත පුද්ගලයෙක් මෝටර් රථයක් සමග පැහැරගෙන ගොස් මෝටර් රථය කොල්ල කෑ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මේ වන විට ස්ථාන 03ක පිහිටි මධ්‍යම බස් නැවතුම්පොළ, කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානගත කර දැනට බස් නැවතුම්පොළ පිහිටි ඉඩම් වාණිජමය කටයුතු සඳහා පෞද්ගලික අංශය සමඟ එක්ව සංවර්ධනය කිරීම, කොළඹ නගරයේ පිහිටි අනාරක්ෂිත ගස් ඉවත් කර ඒ වෙනුවට සුදුසු ගස් වර්ග නැවත සිටුවීම, කොළඹ නගරයේ අත්හැර දමන ලද වල් බිහිවී ඇති ගොඩනැගිලි හඳුනාගෙන ඒවා නඩත්තු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සැකසීම, කොළඹ නගරයේ රථ වාහන ධාවනය, මගීන් නංවාගැනීම හා නතර කිරීම සම්බන්ධව නියාමන සැලැස්මක

Read More

තායිලන්තයේ පැවති යොවුන් ලෝක ස්ක්‍රැබල් (Scrabble ) තරගාවලියේ දී ලෝකයේ දක්ෂතම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව (Best Team) පත් කරමින් , එම තරගාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගත් ක්‍රීඩකයින් දෙදෙනා 12/05 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

හිටපු නායක උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් මෙම තේරීම් කමිටුව ශ්‍රි ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ආරම්භක පිතිකරු උපුල් තරංග, දඟ පන්දු යවන ක්‍රීඩකයන් වන ඩිල්රුවන් පෙරේරා හා අජන්ත මෙන්ඩිස් පත්කර තිබේ.

Read More

ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාරයේ දී අද (05) සිදු විය.

Read More

වෛද්‍ය වට්ටෝරුවක් නොමැතිව ඖෂධ අළෙවි කළ බවටත්, ලියාපදිංචි ඖෂධවේදියෙකු නොමැතිව ඖෂධ හලක් පවත්වා ගෙන ගිය බවටත්, බල පත්‍රයක් නොමැතිව ඖෂධ සන්තකයේ තබා ගත් බවටත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි පුද්ගලික ඖෂධ හල් හිමියන් දෙදෙනෙකු එකී චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුනට මුදලින් රුපියල් පන් ලක්ෂ හතළිස් දහසක දඩයක් කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් විමල් වීරසිංහ මහතා නියම කළේය.

Read More

ස්වදේශ කටයුතු අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ඊ-ජනගහනය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය හෙවත් ‘ජාතික උප්පැන්න සහතිකය’ නිකුත් කිරීම කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (5) ආරම්භ කළේය.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉදිරිපත් කළ 2024 අයවැය පරාජයවීමෙන් අනතුරුව සභාපතිවරයා විසින් යළි සභාව පවත්වාගෙන යාමට උත්සාහ කළත් මන්ත්‍රිවරු 22 දෙනෙකු ඊට විරෝධය පළකිරීම නිසා දින නියමයක් නැතිව සභාව කල්‍තැබීමට සභාපතිවරයා කටයුතු කරනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.