උතුරු පළාතේ දිස්ත්‍රික්කවලින් දෛනිකව එකතුවන දියර කිරි ලීටර් 14,000 ක් වෙනත් පළාත්වලට ප්‍රවාහනය කෙරෙන හෙයින් එම දියර කිරි උතුරේම කිරි ආශ්රිත නිශ්පාදන සඳහා යොදගැනීමේ වැඩසටහනක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් ආරම්භ කර ඇත.
මෙරට තුළ බුදු දහම ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය වූ ඓතිහාසික මිහින්තලය පුදබිම ආසන්නයේ මත්පැන් හලක් විවෘත කිරීමට, රජය පියවර ගැනීමට විරෝධය පළ කරමින් පළ කරමින් මිහින්තලේ අවට ජනතාව ඊයේ 10 දා උදෑසන ම දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.
Read Moreලෝකයේ ඇති වූ අරගල හමුවේ බොහෝ රාජ්‍යයන් බිඳ වැටී වසර ගණනාවක් අරාජිකව පැවතුණද, ශ්‍රී ලංකාව වසරක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය හේතු වූ බව පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
Read More’’අපිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීම නීති විරෝධියි කියලා අභියාචණාධිකරණය ශුන්‍ය බල රහිත කර තිබෙනවා. එම නිසා ලබන 14 දින පවත්වන මධ්‍යම කාරක සභාවටත්,15 දින පවත්වන විධායක සභාවටත් අපි යනවා නැවත අපි පක්ෂයේ හිටපු තනතුරු වලට ඇවිත් පක්ෂයත් රැකගෙන රටත් රැකගෙන යන්න කටයුතු කරනවා’’ යැයි වරාය හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා බදුල්ලේදි පැවසීය,
Read Moreමෙරට මුහුදු තීරය වටා පිහිටි ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
Read Moreවන්දනා නඩයක් රැගත් බස්රථයක් අද (10 දා) අලුයම 3.20 ට පමණ අඹන්පොල නගරයේ නවතා තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව තුවාල ලැබූ 12 දෙනෙකු රෝහල් ගතකර ඇති බව පොලීසිය පවසයි.
Read Moreතායිලන්තයේ ’’ සියම් උපාලි ’’ තෙරුන්වහන්සේ විසින් ශ්‍රී ලංකාවට උපසම්පදාව රැගෙන මහනුවර අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ උපෝසතාගාරය වෙත පැමිණ ශ්‍රී ලංකාවේ උපසම්පදාව ආරම්භ කර වසර 270 ක් සපිරීම සිහිපත් කරමින් තායිලන්තයේ සිට බෞද්ධ දූත පිරිසක් ඊයේ (09දා) දින සවස කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
Read Moreකපුටෙක් ජනාධිපතිතුමාට කොටන්න පටන් අරගෙන, ජනාධිපතිතුමා රට ගොඩ ගැනීම සදහා ගෙන යන වැඩපිළිවෙලට බාධා කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසුවේය. කැළණිය ටයටර් හංදියේදී අපේ කම- අපේ රට - ඔබේ වගකීම මැයෙන් ජනතා හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.
Read Moreමෙරට එළු පාලනය විදිමත් කිරීමටත්, අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමත් අරමුණු කරගනිමින් වසර පහක් තුළ එළුවන් 70,000ක් බෙදාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ග්‍රාමීය සංවර්ධන අංශය සඳහා මෙම කටයුතු වෙනුවෙන් රජය විසින් මෙම වසර සඳහා රුපියල් මිලියන 150ක මුදලක් වෙන් කර ඇත.
Read Moreතායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් , ඍජු ගුවන් ගමන් සේවාවක් 07/09 දින රාත්‍රී සිට ආරම්භ විය. ඒ අනුව එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව්.- 140 දරන මංගල ගුවන් යානය 07/09 දින රාත්‍රී 10.10 ට තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
Read Moreත්‍රිකුණාමලය - මඩකලපුව මාර්ගයේ කොකුවිල් හංදිය අසළදී ත්‍රි රෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ඉවතට පැන තාප්පයක ගැටී පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් එම ත්‍රි රෝද රථයේ ගමන් කළ අවුරුදු එකයි මාස 2ක් වන බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
Read Moreපොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය ඔයට බසයක් පෙරලීයාමෙන් 10 දෙනෙකු මියගිය බව මනම්පිටිය පොලිසිය ප්‍රකාශ කරයි.
Read Moreපාර්ලිමේන්තුව ගිනි තැබීමට ආ පිරිසගෙන් කට උත්තරයක්වත් ලබාගැනීමට වත්මන් ආණ්ඩුවට නොහැකිවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
Read More’’ඔයාට සුභම සුභ උපන්දිනයක් ’’ යැයි ජංගම දුරකථනයකට පැමිණ තිබූ කෙටි පණිවිඩයක ට ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව විවාහ කරගැනීමට සිටි විවාහක පෙම්වතියට සහ ඇයගේ පියාට උල් පිහියකින් ඇනීමෙන් පියා මියගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.
Read Moreනව පොලිස්පතිවරයෙක් පත්කර ගැනීමට නොහැකි තත්වයකට අද වන විට පොලිසියේ විනය පිරිහී ඇති බවත් පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් අංක එකේ සිට හතර දක්වා නිලධාරීන්ට විවිධ විනය චෝදනා එල්ල වී ඇති බවත් එලෙසින්ම අංක අටේ සිට පහලටද එවැනි තත්ත්වයක් දක්නට තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.
Read Moreඡන්ද ලබාගැනීමේ අපේක්ෂාවෙන් විටන් විට ගෙනවිත් තිබූ පැරණි කම්කරු නීති වෙනුවට, රට දියුණ කළ හැකි රටේජනතාවගේ දියුණුව වෙනුවෙන් වන කම්කරු නීති පද්ධතියක් සදහා වන යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, එහිදී දේශපාලන වාසි බලාගෙන කටයුතු කර නොමැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
Read Moreඑක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේ පැවැති තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ අවසන් තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 128ක ජයක් හිමිකර ගනිමිනි.
Read Moreමේ වන විට හිස්ව ඇති පොලිස්පතිධුරය සඳහා හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මාස තුනක කාලයක් සඳහා වැඩ බලන පොලිස්පති ලෙස පත්කර තිබේ.
Read Moreපන්විල පොලිස් වසමේ මඩොල්කැලේ ප්‍ර දේශයේ පිහිටි හෝටලයක සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට 119 තොරතුරු මධ්‍යස්ථානය මගින් ලද පණිවිඩයක් මත පන්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රංගල හා වත්තේගම පොලිස් ස්ථානවල නිලධාරීන්ගේසහාය ඇතිව වැටලීමක් සිදුකළ බව පොලීසිය පවසයි.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ පළමු වසරේ සිසුවකු ඔහු නැවතී සිටි නේවාසිකාගාරය තුළ දී ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය පොලීසිය විමර්ශන ආරම්භ කොට තිබේ.
Read Moreකඩුවෙල පොලිස් වසමේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ස්ථාපිත කර තිබූ කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්ථාන සියල්ල අද (9) වසා දැමීමට පියවර ගත් බව කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රි ලංකාවේ ප්‍රථම වරට self loading knuckle boom වර්ගයේ ට්‍රේලරයක් දුම්රිය මැදිරි නිශ්පාදනයටද අතගසා තිබෙන දේශීය කර්මාන්තකරැවකු වන තන්ත්‍රි ට්‍රේලර්ස් පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කර ඇත.
Read Moreපුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු, ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් මෙම ජූලි 31 දිනට පෙර ඒවා ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලා සිටී.
Read Moreඑකම අංකය සහිත ලියාපදිංචි අංක තහඩු සවි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් පොලිස් භාරයට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
Read Moreමහරගම අපේක්ෂා රෝහලේ නවාතැන්ගෙන සිටින රෝගීන්ගේ ආහාර සකස් කිරීම සඳහා ගබඩා කර තිබු රුපියල් 13000/= පමණ වටිනා වියලි ආහාර තොගයක් සොරාගත් රෝහලේ අරක්කැමියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියක් සඳහා එක්වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreරාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ “විසුම්පාය” සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට යයි.
Read Moreදියර කිරි නිෂ්පාදනයට මෙන්ම භාවිතය සඳහා රටේ ජනතාව තුළ උනන්දුවක් පවතින බවත්, දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමට ද හැකියාව ලැබී තිබෙන බවත් පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඩී.බී හේරත් මහතා පැවසීය.
Read MoreHIV අවදානම අවම කිරීමේ ඖෂධ නොමිලේ ලබාදීමේ විශේෂ සායනය විශේෂ සායනය අද (09) ඉරිදා - සේරම් පෙදෙස ,කොළඹ 10 - ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ප්‍රධාන සායනයේදී,පෙරවරු 08.30 සිට පස්වරු 02.00 දක්වා සිදුකරන බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ජාතික වැඩසටහනේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසයි.
Read Moreරිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් 900ක් අතුරින් සතුන් 485 දෙනෙකුගේ ස්ත්‍රීපුරුෂ බව හෝ හඳුනාගෙන නොමැති බව පාර්ලිමේන්තුවේදී අණාවරණය විය.
Read More