මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයට නොකඩවා ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් අනුරාධපුර නගරයට සහ පූජා නගරයට ඇති වන ගංවතුර තත්ත්වය මග හැරීමට අවශ්‍ය පියවර ගෙන තිබුණද මල්වතු ඔය, යාන් ඔය සහ කලා ඔය දෙපස සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස, අනුරාධපුර දිස්ත්‍රික් වාරි මාර්ග අධ්යක්ෂ කාර්යාලය නිවේදනයක් නිකුත්
අනුරාධපුර , ගල්පොත්තේගම, කරුක්කන්කුලම ප්‍රදේශයේ ඵලදාව නෙලීමට ආසන්න බඩ ඉරිඟු වගාව තුල සීඝ්රයෙන් පැතිරී යන හඳුනා නොගත් දිලීර රෝගයක් හේතුවෙන් මේ වන විට වගා කර ඇති බඩ ඉරිඟු අක්කර 500ක පමණ ප්‍රමාණයක් විනාශයට පත්ව ඇතැයි ගොවීහු පවසති.
Read More2024 අයවැය යෝජනා අනුව රාජ්‍ය නිලධාරීන් වෙත ලබන අප්‍රේල් මස සිට ගෙවීමට නියමිතව තිබූ වැඩිකල රුපියල් 10000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5000 ක් මෙම ජනවාරි සිට ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙන් අමාත්‍ය මන්ඩලය ගත් තීරණයට අදාල චක්‍රලේඛය ඊයේ (10) රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කෙරිණි.
Read Moreකුරියර් සේවාව හරහා මත්කුඩු ගෙන්වන ලද මත්කුඩු උතුර මැද පළාතේ මහා පරිමානයෙන් ජාවාරම් කල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ගේ පුත්‍රයෙකු වන සෝනි නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු රුපියල් ලක්ෂ 35 ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.
Read Moreදේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
Read Moreකරාපිටිය රෝහලට මෙම වසරේ අත්‍යාවශ්‍ය උපකරණ සදහා රුපියල් බිලියනයක ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
Read Moreපිතිකරුවෙක් ලෙස දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානකව සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි අද පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගයේදී කණ්ඩායමෙන් ඉවත් කිරීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වෙයි.
Read Moreවිපක්ෂය අපේක්ෂා කළ ආකාරයේ බරපතළ තත්ත්වයක් වැට් බද්ද හේතුවෙන් රට තුළ තවමත් සිදු වී නොමැති බවට පාරිභෝගික සේවා අධිකාරිය මගින් සිදු කළ සමීක්ෂණ වාර්තාවක් පාරිල්මේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (10දා) ප්‍රකාශ කළේය.
Read Moreචමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට ’පාරේ බැස යාමට’ ප්‍රශ්නයක් ඇති බව පැවසුවත් සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ’පාරේ යෑමට’ හැකියාව පවතින බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
Read Moreපවතින ආර්ථික තත්ත්වයට සහනයක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රවාහන , පැමිණ සිටීමේ හා නිදි බාධක දීමනාව රුපියල් 35,000 කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය විරෝධවක් නොමැති මුත් පවතින තත්ත්වය හමුවේ හෙද සේවාවට ලබාදෙන විශේෂ රාජකාරී දීමනාවද රුපියල් 35,000 කින් ඉහළ නැංවීමට රජය පියවර ගතයුතු බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය , මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
Read Moreබ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
Read Moreපවතින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම අද (10) දහවල් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
Read Moreරටට අවශ්‍ය අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.
Read Moreඋතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්ත්වගේ අඩුවීමක් හෙට දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreබිල නොගෙවීම නිසා පළාත් පාලන ආයතනවල විදුලිය විසන්ධි කිරීම නොකළ යුතුයි; විකල්ප බලශක්තිය සම්බන්ධතා නොදෙන විදුලිබල මණ්ඩලයේ හිතුවක්කරිකමට දඩ ගැසිය යුත්තේ කාටද ? --- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි
Read Moreශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවයේ නිරත 42 හැවිරිදි දුලාංජලී අනුරුද්ධිකා මහත්මිය ඝාතනය කළ පුද්ගලයා 01/09 දින රාත්‍රී මැලේසියාව බලා පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටිය දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read More1979 වසරේ සිට අඛණ්ඩව 122 වරටත් ජර්මන් ජාතික සමාජ සේවිකාවක වන 81 හැවිරිදි උර්සුලා බේයර් ( Ursula Beier ) මහත්මිය 01/10 දින අලුයම ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය
Read Moreවසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පැවති සියලුම විශ්‍රාමික පාරිතෝෂිත ගෙවීමට අවශ්‍ය සියලු මුදල් ලැබීම නිසා, 2023 වර්ෂය වනවිට ගෙවීමට තිබූ සියලු හිඟ පර්තෝෂිත විශ්‍රාමිකයන් වෙත ගෙවා අවසන් කිරීමට හැකිවූ බවද එය මෙරට විශ්‍රාමිකයන් ලැබූ විශාල ජයග්‍රහණයක් බවද, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2023.01.10 දින ප්‍රකාශ කළේය.
Read Moreරුපියල් කෝටි තුනකට අධික වටිනා කොකේන් ග්‍රෑම් 940 ක් සමග එක් පුද්ගලයෙකු (09) වන දින දහවල වැල්ලවත්ත පොලීසිය දූෂණ මර්දන ඒකකය මගින් පෙඩ්රිකා පාර මහල් නිවාස වාහන අංගනයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වැල්ලවත්ත පොලීසිය පැවසීය.
Read Moreරිඡ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක ඉදිකිරිම් කටයුතු සම්පුර්ණ කිරීම සදහා ඉංජිනේරුවරයෙකු වන නහිල් විඡේසුරිය මහතා රුපියල් බිලියනයක මුල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට පියවර ගෙන ඇත.
Read Moreකොළඹ බදුල්ල මාර්ගයේ බණ්ඩාරවල බදුල්ල අතර ඊයේ (09) රාත්‍රී 9.30 ට පමණ සිදුවූ දැවැන්ත නාය යාම හේතුවෙන් මාර්ගය වැසී ඇති කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු අයහපත් කාලගුණය මධ්‍යයේ සහ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් අද (10) අලුයම දොළහයි තිහ පමණ වන විට තාවකාලිකව නතර කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ. එම්. එල් .උදය කුමාර මහතා පැවසීය.
Read Moreසංචාරක සිම්බාබ්වේ කණ්ඩායහ හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreදෙනෝ දහසක් දෙනා බලා සිටියදී මෝටර් රථයෙන් පැමිණි සහසිකයෙක් කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකගේ ගෙල කපා ඝාතනය කර පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි
Read Moreබදුල්ල මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොකුගස්තොට විතාරණගේ චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
Read Moreඌරගස්මංහන්දිය රන්තොටුවිල ප්‍රදේශයේ නිවසකට හවස් යාමයේ පැන අසූදෙහැවිරිදි විවාහක ගෙහිමි කත බලහත්කාරයෙන් අතවරය කළේ යයි වරදකරුවකුට වසර විස්සක බරපතල වැඩ සහිත සිරදඩුවමක් හා රුපියල් 25000ක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද (9) පස්වරුවේදී නියෝග කළේය.
Read Moreනිරෝගීමත් ජනතාවක් බිහිකිරීමේ අරමුණින් රුපියල් මිලියන 176.5 වැයකොට සබරගමු පළාත් සභාවේ සහ ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා ඉදිකරන ලද රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ අක්ෂි ඒකකය හි නව සිව් මහල් ගොඩනැගිලි සංකීර්ණය අද (09) විවෘත විය.
Read Moreශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන පළමු ස්වාභාවික වායු බලාගාර ව්‍යාපෘතිය වන වත්තල, කෙරවලපිටිය 350MW සොබාදනවි ස්වාභාවික වායු බලාගාර ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීම සඳහා කොළඹ වරායට ගොඩබා ඇති වාෂ්ප ටර්බයින් (ST), වාෂ්ප ටර්බයින් උත්පාදක (STG), ප්‍රධාන පරිවර්තකය සහ තාප ප්‍රතිසාධන වාෂ්ප උත්පාදක (HRSG) උපකරණ 2024 ජනවාරි 03 වැනිදා සිට පෙබරවාරි මස අවසානය දක්වා වරින් වර දින 19ක් පුරා රාත්‍රී ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇත.
Read Moreචීන අග්‍රාමාත්‍ය ලී කියෑං (Li Qiang) විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත චීනය වඩාත් ශුභ ලෙස සලකන ‘මකරාගේ වසර’ සඳහා අලුත් අවුරුදු සුබපැතුම් පිරිනැමීය.
Read Moreජාත්‍යන්තර පාසලක හිටපු ගුරුවරියක් සුඛෝභෝගී නිවාස සංකීර්ණයක අටවන මහලේ බැල්කනියෙන් වැටී මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
Read Moreකළුතර ප්‍රසිද්ධ තරු පන්තියේ සංචාරක හෝටල් කාමරයක් තුල අද අළුයම ඇමරිකන් ජාතික සංචාරකයෙකු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
Read More