saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 2760 hours ago

LATEST

ඉතිහාසයේ ප්‍රථම වරට කැරට් කිලෝවක තොග මිල රු.1000 ඉක්මවයි

calendar_today 2024 ජන 14 - 11:42 remove_red_eye - 348  

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් කිලෝවක තොග මිල (13) දින රාත්‍රියේ සිට රු 1000-1100 අතර මිලකට අලෙවි වු බවත්, චීන ආහාර සදහා උපයෝගි කර ගන්නා බ්‍රකෝලි ඇතුළු අනෙකුත් එලවළු වර්ග වල කිලෝවක මිල රු 7000 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය

විදුලි බිල අඩු වීමට සාපේක්ෂව ජල ගාස්තුද අඩු කළ හැකි වන පරිදි මිළ සූත්‍රයක් ඉතා ඉක්මනින් හදුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

Read More

“මම කාලෙකදී උඩ යනවා. කාලෙකදී යට යනවා. ඒක මගේ ජීවිතේ හැටි. මම යට යනකොට යට විදිහට වැඩ කරනවා. උඩ යනකොට උඩ විදිහට වැඩ කරනවා. මම මහ ඇමති කාලේ උඩ හිටියා. ආයේ මන්ත්‍රී උනාම යට ගියා . හැබැයි මම කියපු දෙයක් වැරදිලා නැහැ. මම කිව්ව දේවල් හරි ගියා නිසා තමයි ජනාධිපති තුමාටත් හරිගියේ”

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 13 වන දින සවස් කාලයේ යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දෙළොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

දෙමල ජාතික සංධානයේ නව නායකයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසුම ලබන 21 ත්‍රිකුණාමලයේදි පැවැත්වෙන බව එම සංධානය කියයි.

Read More

අධික තරබාරු උදරයකින් යුතු කාන්තාවකට මහනුවර පෞද්ගලික රෝහලකදී ලයිපොෂක්සන් තාක්ෂණය භාවිතා කරමින් සාර්ථකව සිදුකළ සැත්කමකදී ඇයගේ උදරයෙන් තෙල් ලීටර 13.5 ක ප්‍රමාණයක් ඉවත් කොට තිබේ .

Read More

මධ්‍යම සහ ඌව පළාත්වල අද දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයිද අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Read More

ලෝක උරුමයක් වූ සීගිරි නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට අසූචි මතින් සීගිරි නැගීමට සිදුවීම නිසා දේශීය සංචාරකයන් සීගිරි නැරඹීමට පැමිණීමෙන් වැළකී සිටින බව ජනතාව පෙන්වා දෙති.

Read More

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් අතර ඊයේ (12) සවස් වරුවේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එම එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා රැඳවියන් පනස් පස් (55) දෙනෙකු මේ වන අරලගංවිල සහ වැලිකන්ද පොලිස් ස්ථාන භාරයේ සිටින බව පොලිසිය පවසයි.

Read More

ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම පිළිබඳ ජනපතිට ප්‍රසාදය. ආසියාවේ ප්‍රමුඛයා බවට පත්වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රසාදය.

Read More

මෙවර (2023/2024) උසස් පෙළ විභාගයේ පෙරේදා පවත්වා ඇති කෘෂි විද්‍යාව විෂයේ දෙවන කොටසේ සියලු මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පිබිදීමත් සමඟ මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එමඟින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ‍ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

Read More

වතු කම්කරුවන්ගේ වැටුප් රු 1700/= දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වතු සමාගම්වල ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් තේ වතු සමාගම් වල අධ්‍යක්ෂක මණ්ඩලය සාකච්ඡා කලද , තේ කිලෝවක් නිෂ්පාදන වියදම ඉහල යාම හමුවේ එම වැටුප් වැඩි කිරිම සිදු කල නොහැකි බවයි.

Read More

මූල්‍ය බංකලොත්භාවයක් ආණ්ඩුව ප්‍රකාශයට පත් නොකළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පවසයි.

Read More

ජාවාරම් කරුවන් නොවන නමුත් මත් ද්‍රව්‍ය සඳහා වැරදි කරුවන් බවට පත්ව දීර්ඝ කාලීන දඩුවම් ලබාදී ඇති පුද්ගලයන්ගේ දඩුවම් ලිහිල් කල යුතු ආකාරය පිළිබඳ අධ්‍යනය කර ඒ සඳහා අවශ්‍ය මාර්ගොපදේශ කඩිනමින් සකස් කර අමාත්‍යමණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දඩුවම් ලබාදීමට බන්ධානාගාර දෙපාර්තමේන්තුවට හෝ පොලීසියට බලයක් නොමැති බැවින් නඩු තීන්දු ලබාදීමේදී පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළි

Read More

ශ්‍රී ලංකා ආර්ථිකය ලබා තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි ( SUZUKI Shunichi) මහතාගේ දැඩි ප්‍රසාදයට ලක් වෙයි.

Read More

තමන්ගේ සාක්කුවට පමණක් මුදල් දමා ගැනීම වෙනුවෙන් වූ බදු සහන ලබා නොදෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

මෙරට කෘෂිකර්මය පිලිබඳව පළකර ඇති කාලගුන අනාවැකි අනුව මෙම වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී උදාවිය හැකි එල්නිනෝ දරුණු නියං තත්වයක් නිසා පොල් වගාවට බරපතල හානි සිදුවිය හැකි බව පොල් වගා කිරීමේ මණ්ඩලයට පවසයි.

Read More

රතු මුහුදේ ආරක්ෂක මෙහෙයුම්වලට ශ්‍රි ලංකාවට සම්බන්ධවූයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීමට සහ නාවික ගමනාගමනය සඳහා පැවතිය යුතු නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් යැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

දිවයිනේ සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මෙම වසරේදී ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසීය.

Read More

මේ වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තරග තුනක් ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් තමන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෙන්ම ආසියානු ක්‍රිකට් සභාපති ජේ ෂා මහතා සමග පැවැති සාකච්ඡාව ධනාත්මක වූ බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

රජයේ ඉඩමක වටිනාකම අඩුවෙන් තක්සේරු කරදීමට රුපියල් 35000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් සබරගමුව පළාත් සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිණීයට මාස 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් 32000/-ක දඩයකටද ඇය යටත් කළේය.

Read More

අද (11) දින රාජාංගනය ජලාශයේ වාන් දොරටු 14ක් විවෘත කළ බව රාජාංගනය වාරිමාර්ග කාර්යාලය පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති තහනම පෙබරවාරි 15දාට ප්‍රථම ඉවත් කිරීමට හැකියාවක් ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

දැන් බලන්න විශේෂයෙන්ම වැට් එක ගහල ප්ලැට් වෙලා තිබෙනවා අපේ රටේ. වැට් එක ගහල ප්ලැට් වුණ අපේ රටේ අද උදේ බන්දුල ගුණවර්ධන නැගිටලා කියනවා අයි එම් එෆ් ක්‍රමවේදය හැර වෙන ක්‍රමවේදයක් නැහැ කියල මහ බැංකු අධිපති කියනවා අපි එය අනුගමනය කළ යුතුයිලු. මරු කතාව.

Read More

පොලිස් නිලධාරීන් බව පවසමින් පෞද්ගලික සම්බාහන ආයතනයකට ඇතුළුවී එම ස්ථානය පරීක්ෂා කර හිමිකරුට තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තිදෙනෙකු අද (11)ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇල්පිටිය පොලිසිය පවසයි.

Read More

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රාජකාරියේ යුතු බන්ධනාගාර නියාමකවරයෙකු හෙරෝයින් මත්කුඩු මිලිග්‍රෑම් 7500ක් සමග බලගොල්ල අඹකොටේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

දේශීය ටින්මාළු කර්මාන්තය නැංවීම සඳහා විදේශයන්ගෙන් ටින්මාළු ගෙන්වීම අද දින (2024.01.11) සිට නැවැත්වීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත උපදෙස් ලබා දෙන ලදි.

Read More

හොරණ සුපිරි වෙළඳ සැලකට ඇතුළු වූ පුද්ගලයකු විනාඩි නමයක් තුළදී රුපියල් ලක්ෂ 13 කට ආසන්න මුදලක් සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි

Read More

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා සත්කරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තිරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් දිගින් දිගටම අසාර්ථකවෙමින් සිටින ශ්‍රි ලංකා හිටපු නායක දසුන් ශානක වෙනුවට නවක ක්‍රීඩක ෂෙවොන් ඩැනියෙල් කණ්ඩායමට කැඳවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.