saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 2751 hours ago

LATEST

අයිස් සමග කොස්තාපල් අල්ලයි

calendar_today 2024 ජන 16 - 11:40 remove_red_eye - 199  

මිහි ජය සෙවන පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

ඉතාලියේදී සැකකටයුතු හදිසියේ මියගිය තම ස්වාමියාගේ සිරුර මාස දහයකට ආසන්න කාලයක් එරටේ මල්ශාලාවක තැන්පත් කර තිබිමෙන් එම සිරුර භාරගෙන අවසන් කටයුතු කිරීමට,තම පුතුට සහ තමාට ඉතාලියට යෑමට තානාධිපති කාර්යාලයෙන් මෙතෙක් තමන්ට වීසා නොදීමෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව මහනුවර, මාවිල්මඩ පටුමග අංක 51/04 ලිපිනයේ පදිංචි එක්දරු මවක වන 48 වියති බී. නිරෝෂා ශාමලී මහත්මිය හැඬු කඳුළින් පැවසුවාය.

Read More

වෛද්‍යවරු හැර අනෙකුත් සෞඛ්‍ය සේවකයන් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වී ඇති රෝහල් කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවීමට පියවර ගන්නා බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

‍09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය වාර අවසාන කිරීම මෙම මස 24 වනදා සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි. ඉන් අනතුරුව ජනපතිවරයා විසින් පෙබරවාරි 07 දා යළිත් පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේස්වෙස්ටන් හා රදැල්ල දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිලිපැනීම හේතුවෙන් පැවැති මාර්ග අවහිරතා අද (16) උදෑසන වනවිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් සහිත තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට නැවත කණ්ඩායමට පැමිණීමට තමන් ආරාධනා නොකළ බවත්, ඔහු ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයකු නොවන බවත් වනිදු හසරංග පැවසීය. එමෙන්ම ඔහුගේ පිතිකරණය පළමු විස්සයි20 තරගය ජය ගැනීමට ඉතා වැදගත් වූ බව ද ඔහු මෙහිදී පැවසීය.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර අද පස්වරු තුනට පමණ දුම්රියක් පීලි පැමිණීමට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Read More

බාලවයස්කාර දරුවකුගේ ඇඟිල්ලක් වෙන් වන අන්දමට කඩුවෙන් කොටා දින 11 තිස්සේ සැඟවී සිටි රාගම ප්‍රදේශයේ පුද්ගලයකු ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදානන මහතා අද (15) නියම කළේය.

Read More

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපන වෙමින් සිටි තවත් තිදෙනෙකු 14 වෙනිදා රාත්‍රියේ පලාගොස් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආසන්නයේදී සැඟව සිටියදී ඉන් රැඳවියන් දෙදෙනකු යුද හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

Read More

උතුරේත් දකුනේත් නැගෙනහිරත් බටහිරත් වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් බර්ගර් ඇතුළු සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව රටේ පවතින බංකොලොත්භාවය නිසා දැඩි ලෙස අසරණ වී ඇති බවත් කෘෂිකර්මාන්තය මත පදනම් වූ ස්වයංපෝෂිත ජීවන රටාවක් පැවැති අප රට මේ ආකාරයෙන් දැඩි බංකොලොත් භාවයකට පත් වූයේ පැවැති රජයේ අදුරදර්ශී සහ අත්තනෝමතික පාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (15දා) දින මන්දාරම්නුවර ජනතාව පෙර දැනුම්දීමකින් තොරව මුණගැසිණි. ප්‍රදේශයට බලපාන කරුණු, යටිතල පහසුකම් හා සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඔවුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සමග බොහෝ අදහස් හුවමාරු කරගත්තේය.

Read More

අවලෝකේතීශ්වර බෝධිසත්වයන් වහන්සේ බවට තමන්ව හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන විකෘති දේශනා කළැයි කියන පුද්ගලයා අද (15) පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දියේගිලී මියගොස් ඇත්තේ මගේ තුන්වන දියණිය යමල් සපුගේ ඉමංගී චතුභාෂිනී. ඇය කළුතර ශාන්ත ජෝන් විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබනවා. එයා කසාද බදින්න පුතා එක්ක යාලුවෝ පිරිසක් ඇවිත් මගේ උපන් දිනයට කේක් කපලා අපි කළුතර මුහුදේ නාන්න ගියා.

Read More

ඉදිරියේදී කොළඹ බලා ධාවනය වීමට නියමිත බස් රථ වල, ආසනයක් වෙන් කරවා ගැනීම සඳහා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේ පිහිටා ඇති පෞද්ගලික බස් සමාගමක කාර්යාලයේ ඉදිරිපිට අද (15දා) උදෑසන දිගු මහජන පෝලිමක් දක්නට ලැබුණි.

Read More

සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එම ප්‍රතිපාදන මගින් ව්‍යාපෘති 9ක වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද එම අධිකාරිය සදහන් කරයි.

Read More

නව තාක්ෂණය භාවිතා කරමින් වේලන ලද කරවළ හා උම්බලකඩ කිලෝග්‍රෑම් 10,000කින් යුත් පළමු කන්ටේනරය අපනයනය කිරීම ඊයේ (14) පහජ්ජාව කරවළ හා උම්බලකඩ නිෂ්පාදනය කරන මෙගාෆිෂ් ආයතනය විසින් සිදු කරනු ලැබීය.

Read More

මැලේසියාවේ පැවති ලෝකයේ හොදම නිරූපන ශිල්පීන් තෝරන ( I am model search international - 2024 ) තරගාවලියේ දී ලෝකයේ හොදම ‌යොවුන් නිරූපන ශිල්පියාට හිමි සම්මානය ඇතුළු තවත් ජයග්‍රහණයන් රාශියක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලංකා නිරූපන ශිල්පීන්ගේ කණ්ඩායම සමත් වී තිබූ අතර ඔවුන් අද (15දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

කැළණිය විශ්වවිද්‍යාලයේ පැවැති ආරාධිත දේශනයක් නිමවා සරසවියෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙක් මෙරට ප්‍රමුඛ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට විරෝධතාවක් දක්වන ලදී.

Read More

සශ්‍රිකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව නව ආරම්භයක් පිළිබඳව ද අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමක් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

උපන්දින සැම කළු ගගේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කලපුවේ අද (14) පස්වරුවේ දිය නැමට ගිය 15 සහ16 හැව්රිදි පාසල් සිසුවියන් දෙදෙනෙකු සහ 17 හැව්රිදි සිසුවෙකු දියේගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .

Read More

සුඛෝපභෝගී වෑන් රථ මෝටර් රථ හා කැබ් රථ වෙළෙඳ පොළේ මිලට වඩා අඩුවෙන් ලබාදෙන බව පවසා රුපියල් දෙකෝටි 51 ක් ලක්ෂයක මුදලක් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි.

Read More

විවිධ පටු ලාභ අපේක්ෂාවෙන් ගිහි පැවිදි පිරිස් සංවිධානාත්මකව බුදුදහමේ ගාම්භීරත්වය මෙන්ම සුනිශීතභාවය විනාශ කරමින් ධර්ම හානියක් මෙන්ම ශාසනික හානියක් සිදුකිරීමේ අන්තවාදී ක්‍රියාදාමයක නිරත වී සිටි බව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.

Read More

හංවැල්ල ජල්තර ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල් කොරියක් මත මත්පැන් සාදයක් පැවැත් වූ දෙමස්සනාගෙන් එක් පුද්ගලයෙකු ගල් කොරියේ අඩි පනහක් පමණ උසින් බිමට වැටී මියගොස් සිටියදී අද (14) දා දහවල් සොයාගත් බව හංවැල්ල පොලිසිය පවසයි .

Read More

අම්පිටිය ගාල්තැන්න මාර්ගයේ දළුක්ගොල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරණියකගේ නිවසක මත්කුඩු උරමින් සිටි පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

ඒහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් පෙන්වා දී ඇත්තේ උතුරේ වැසියන්ට මෙන්ම ශ්‍රීලංකා වාසීන්ට නව බදුප්‍රතිපත්තිය හේතුවෙන් අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත්තේ අතීත අවධිමත්වූ බදුප්‍රතිපත්ති හේතුවෙන් බවටත් නව බදු ප්‍රතිපත්තිය යම් කාලයක් ඉවසාගෙන සිටින්නේ නම් රටේ සංවර්ධනය කරා ගමන් කිරීමට හැකියාවක් ඇති බවටය.

Read More

පොළොන්නරුවවැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය ලබමින් සිටියදී රැඳවියන් අතර (12) සවස් වරුවේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ඇතිවූ ගැටුම්කාරී තතත්වය මත එයින් පැනගිය රැඳවියන් එකොළොස්දෙනෙකු (11) සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

Read More

මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයේ අවලංගු කරන ලද කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය වෙනුවට යළි නව ප්‍රශ්න පත්‍රයක් ලබාදීමේ විශේෂ විභාගය පෙබරවාරි පළමුවනදා( 1)පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා ත්‍රීරෝද රථයක් රුපියල් එක් ලක්ෂ විසිදහසක උකසට තබා බූරු ගසා පරාදවී ඇතිවූ සිත්තැවුලෙන් සරම ඔළුවේ ඔතාගෙන කෝච්චියට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කල පුද්ගලයකු බේරාගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි .

Read More

ගම්පොළ උඩ පළාත ප්‍රදේශයේ රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයන ආදායම පෞද්ගලිකව පරිහරණය කළ බව කියන ගම්පොළ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුට අනීතිකව සිදුකරන එම දේපළ පරිහරණය වහාම නවතා ඉන් ඉවත්වන ලෙස උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය ලිඛිතව දන්වා තිබේ.

Read More

උඩ මළුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් සැරයන්වරයෙකුගේ බැංකු කාඩ් පත සොරා ගෙන රුපියල් 41000කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගත් මානම්පිටිය පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරී කරනු ලබන කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන අද (14දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.