ශිත සෘතුවත් සමගින් කසකස්තාන සංචාරකයන් ලංකාවට එයි
ලොව පුරා ශීත ඍතුව ආරම්භ වී තිබීමත් සමග කසකස්තානයේ සිට එරට සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම ගුවන් යානය ඊයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
සවස 06.00 ට කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට එයාර් අස්තානා ගුවන් සේවයේ කේ.සී.- 167 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ගුවන් ගමන සදහා එයාර් අස්තානා ගුවන් සේවය , එයාර් බස් ඒ.320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි ගුවන් මගීන් 150 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු පැමිණ සිටියහ.
මෙම ගුවන් යානා මින් පසු සෑම සතියකම දින 04 ක් කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.
ගුවන් යානයෙන් පැමිණි කසකස්තාන ජාතික ගුවන් මගීන් උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් ද පියවර ගෙන තිබුණි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

