saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2689 hours ago

LATEST

විමධ්‍යගත අයවැයෙන් කොළඹට කිරි

calendar_today 2024 ජන 17 - 17:19 remove_red_eye - 412  

2024 වසරේ විමධ්‍යගත අයවැය වැඩ සටහන යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ රුපියල් මිලියන 11250 ක ප්‍රතිපාදන වෙන්කරන බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

රට ගොඩනගන දූෂණ විරෝධී සන්ධානය ජනවාරි දහඅටවෙනිදා සවස එකයි දහ අටට පොළොන්නරුව බුද්ධිමණ්ඩපයේදී සුභ මොහොතින් ආරම්භ කරන බවත්, දූෂණයට විරුද්ධව ක්‍රියාකරන හා නැගී සිටීමට අපේක්ෂා කරන සියලුම අයට, මෙන්ම දේශපාලකයින්ට, නායකයින්ට ඒ සඳහා ආරාධනා කරන බව හිටපු වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් යානා ඇණිය සදහා තවත් නවතම ඒ.- 330 - 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කල් බදු පදනම මත ලබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

Read More

දිවයිනේ විශාල ව්‍යසනයක් බවට පත්වී ඇති රිළා උවදුර මර්ධනය කිරීමේ ප්‍රථම නියමු ව්‍යාපෘතිය සිදු කිරීමට මාතලේ දිස්ත්‍රික්කය තෝරාගෙන ඇති බව මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නාලක කෝට්ටේගොඩ මහතා පවසයි.

Read More

රට ගොඩ නැගීමට ජනපති ගෙන යන වැඩ පිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ අඩපණ වූ සංවර්ධන කටයුතු පෙබරවාරි මාසයේ යළි අරඹනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන.

Read More

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ප්‍රධාන ණය හිමියන් ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟත්වය පළ කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

Read More

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි මස 5 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළින් 17 දිනද එළවළු මිල විශල වශයෙන් ඉහළ ගියද එළවළු මිලදී ගැනීම සඳහා වෙළෙන්දන්ගේ පැමිණීම සියයට 75 කින් පමණ අඩුවී තිබෙන බව වෙළෙන්දෝ පවසති.

Read More

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

මෙරට යාපනයේ ඉපිද 1982 දී ඉන්දියාවට සංක්‍රමණයවූ සුප්‍රසිද්ධ වයලින් වාදන ශිල්පී පන්ඩිත් ලක්ෂ්මීනාරායන සුබ්‍රමනියම් මහතාගේ පුත්, ඉන්දියානු සම්භාව්‍ය වයලීන් වාදනයේ නව රජු ලෙස කිරුළ දරන ඉන්දීය සංගීතඥ ආචාර්ය අම්බි සුබ්‍රමනියම් මහතා සංචාරයක් සඳහා අද (17 ) මෙරටට පැමිණිමට නියමිතය.

Read More

මෙවර අ.පො.ස.උසස් පෙළ(2023/2024) විභාගයේ ඉකුත් 08 දා 13 00 පැයේ සිට 15 00 පැය දක්වා පවත්වන ලද අංක 8 දරණ කෘෂි විද්‍යාව පළමුවන ප්‍රශ්න පත්‍රයද වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව විභාග දෙපාර්තමේන්තුව අද සවස නිවේදනය කළේය.

Read More

වනෝද්‍යානය තුළ පිහිටි වැව්, පොකුණු ,විල්ලු ,හා මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් 75%ක පමණ ප්‍රමාණයක් ජලයෙන් යට වීම නිසා වසා දමා තිබූ යාල ජාතික වනෝද්‍යානය අද (16දා)පෙරවරුවේ යළි විවෘත කෙරිණ.

Read More

කෑම වේල පරක්කු වුයේ යැයි කියමින් වසර 13 ක් පුරා දිවා ආහාරය දුන් හෝටල් හිමියාගේ බිරිඳගේ හිසට මන්නයකින් පහර දී බරපතල තුවාල කළ යාචකයෙකු ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියම කළේය.

Read More

ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ට මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවීම බරපතල ප්‍රශ්නයක් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ප්‍රගතිශීලී අදියරක තිබෙන බව කිව යුතුයි. විශේෂයෙන් ඉන්දියාවේ දකුණු කොටසෙහි වේගයෙන් වර්ධනය වන කාර්මික කලාපය වෙත ශ්‍රී ලංකාවේ අතිරික්ත විදුලිය අපනයනය කිරීමට එමගින් අවස්ථාව සැලසෙනවා.

Read More

ඩෙංගු රෝගී තත්ත්වයෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද (16) මියගිය බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය.

Read More

වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35000 ක දීමනාව සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටද ලබා දෙන ලෙස රජයට බල කරමින් දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක පැය 24ක සංකේත වැඩ වර්ජනයට හාත්පසින් වෙනස් ආකාරයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලේ කාර්ය මණ්ඩලය රෝගීන්ට සුපුරුදු සේවය සපයන ආකාරය අද (16) දක්නට ලැබිණි.

Read More

පොළොන්නරුව මාදුරුඔය, කුඩාඔය, පිඹුරත්තෑව, පූනානි විල්ලූව, පිටාර ගැලීම හේතුවෙන් මහවැලි බී කලාපයේ නෙළුම්වැව, පන්සියතුන කලාපය, අරලගංවිල, වැලිකන්ද, රුවන්පිටිය, නාමල්ගම, අසේලපුර ඇතුළු පහත් බිම්වල කුඹුරුවල පැලගොයම ගංවතුරට යටවීමේන් අක්කර දාහ දාහක පමණ ප්‍රමාණය පැළගොයමසම්පූර්ණයෙන්ම කුණු වී විනාශ වී ඇති බව මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් සඳහන් කරති.

Read More

 මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීම් සිදුකිරීමට සුදුසු අවස්ථාවක නෙවෙයි. අත්හදා බැලීම් සිදුකිරීමට යෑමෙන් සිදුවන්නේ රට තවතවත් අගාධයට ඇද වැටීමයි...  හැමදාම මේ රටේ ජනතාව ජනාධිපතිවරු තේරුවේ ජාතික ප්‍රශ්න විසඳීම මූලික කරගෙනයි. අද රටත් ජනතාවත් මුහුණ දෙන බැරෑරුම්ම ප්‍රශ්නය වන ආර්ථිකය ස්ථාවර කිරීමට සුදුසුම කෙනා තමයි වත්මන් ජනාධිපතිවරයා...  වත්මන් ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුත්තේ “ජාතික අපේක්ෂකයා” ලෙසයි...

Read More

මාතලේ රත්තොට පුස්සැල්ල නවෝද්‍යා විද්‍යාලයේ එකොළහ වසරෙහි ඉගෙනුම ලැබූ සිසුවෙකු එම විද්‍යාලයේ තැඹිලි ගසට නැග තැඹිලි කැඩීමට යාමේදී විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි රත්තොට පොලිසිය පවසයි.

Read More

ඉදිරි පැය 36ක කාලය තුළදි දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒසේම හිමිදිරි පාන්දර නුවර එළිය දිස්ත්‍රික්කයෙ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිතවීමේ හැකියාවක්ද ඇති බව එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

නොසිතන අයුරින් දිනෙන් දින ඉහළ යන එළවළු මිල හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල්, හෝටල්, ආපනශාලා පවත්වාගෙන යන පිරිස් හා සෙසු ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටිති.

Read More

මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් රාජ්‍ය ආයතන හතරකට පමණක් අදාලවන ලෙස විවිධ මෝටර් වාහන 30 ක් ආනයනය කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා දී තිබේ.

Read More

’’මාව ඉස්පිරිතාලෙන් ගෙනත් ගැරේජ් එකකට දැම්මා. මගෙ ඉනෙන් පහළ පණ නැති වෙලා හිටියෙ. මට එතනම මළ මුත්‍රා පහ උනා. මාව එහෙදි බලා ගත්තෙ ලංකාවෙන් සෞදි අරාබියට වැඩට ගිහිල්ලා හිටිය අයියලා, අක්කලා පිරිසක්. පස්සෙ ඔවුන් මං ගැන සමාජ මාධ්‍යයට සහ ශ්‍රී ලංකාවෙ ජනමාධ්‍ය ආයතන වලට කිව්වා. එහෙම නොවෙන්න මට එන්න වෙන්නෙ පෙට්ටියෙන්’’

Read More

මිහි ජය සෙවන පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

ඉතාලියේදී සැකකටයුතු හදිසියේ මියගිය තම ස්වාමියාගේ සිරුර මාස දහයකට ආසන්න කාලයක් එරටේ මල්ශාලාවක තැන්පත් කර තිබිමෙන් එම සිරුර භාරගෙන අවසන් කටයුතු කිරීමට,තම පුතුට සහ තමාට ඉතාලියට යෑමට තානාධිපති කාර්යාලයෙන් මෙතෙක් තමන්ට වීසා නොදීමෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව මහනුවර, මාවිල්මඩ පටුමග අංක 51/04 ලිපිනයේ පදිංචි එක්දරු මවක වන 48 වියති බී. නිරෝෂා ශාමලී මහත්මිය හැඬු කඳුළින් පැවසුවාය.

Read More

වෛද්‍යවරු හැර අනෙකුත් සෞඛ්‍ය සේවකයන් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වී ඇති රෝහල් කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවීමට පියවර ගන්නා බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

‍09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය වාර අවසාන කිරීම මෙම මස 24 වනදා සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි. ඉන් අනතුරුව ජනපතිවරයා විසින් පෙබරවාරි 07 දා යළිත් පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේස්වෙස්ටන් හා රදැල්ල දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිලිපැනීම හේතුවෙන් පැවැති මාර්ග අවහිරතා අද (16) උදෑසන වනවිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.