රනිල්ට සහාය දෙන පොහොට්ටුවේ මන්ත්‍රීන්ට වෙනමම පක්ෂයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (2024.08.20) කොළඹදී පැවැත්විණි.
ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මෙම නව දේශපාලන පක්ෂය හරහා අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට එහිදී තීන්දු වී ඇත.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියයකට ආසන්න පිරිසක් සහභාගි වූහ.
නව දේශපාලන පක්ෂය සඳහා නම් කීපයක්ම එහිදී යෝජනා වී ඇත. ඉදිරියේදී බිහිවන නව දේශපාලන පක්ෂය සඳහා ව්‍යවස්ථාව මේ වන විටත් සකස් කර ඇති බැවින් ඒ ව්‍යවස්ථාව අනුව ඉදිරියේදී කටයුතු කිරීමට ද එහිදී මන්ත්‍රීවරු තීරණය කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
