කාන්තාවන් එක්ව කරන අලුත්ම සූදුවක් ආඳාඋල්පතින් නිතියේ රැහැනට
ලොතරැයි ටිකට් පත් දිනුම් අංක වලට මුදල් ඔට්ටු ඇල්ලූ කාන්තාවන් 14 දෙනෙකු ඊයේ (19) ආදාඋල්පත 13 කනුව ප්රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි .
මොවුන් සන්තකයේ තිබී මුදල් රුපියල් 7950ක්, දවසේ සීට්ටුව ලෙසින් නම් කර කොටු සදහන් කර තිබූ කඩදාසි කොළ කීපයක් ද අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .
රිදීමාලියද්ද ගලේයාය , බටුයාය , ආදාඋල්පත 13 කනුව ප්රදේශයේ පදිංචි අවුරුදු 28-48 අතර වයසේ පසුවෙන කාන්තාවන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය .
ලැබුණු තොරතුරක් මත රිදීමාලියද්ද පොලිසියේ නිලධාරීන් වෙස්වලාගෙන ගොස් ආදාඋල්පත 13 කනුව ප්රදේශයේ සිදු කල වැටලීමකදී ලොතරැයි මංඩලයේ දිනුම් අදින ලොතරැයි ටිකට් පත් වල සදහන් දිනුම් අංක වලට මුදල් ඔට්ටු අල්ලමින් සිටි මෙම කාන්තාවන් පිරිස අත්අඩංගුවට ගනු ලැබූ බවද පොලිසිය සදහන් කළේය .
බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත පොලිස් අධිකාරි බුද්දික ගුණසේකර සහකාර පොලිස් අධිකාරි ජී.ඩබ්ලිව් එස් බී.පලිපාන යන මහත්වරුන්ගේ උපදෙස් මත රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක රුවන් චන්දික වීරකෝන් මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .
ඇල්ල ප්රසාද් රුක්මාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
