රාජ්‍ය බුද්ධි සේවාව මඟින් ලද බුද්ධි තොරතුරකට අනුව, නාවික හමුදා බුද්ධි අංශය විසින් සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ එක් දින යාත්‍රාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.
නැහෙනහිර හා ඌව පළාත්වලත් පොළාන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි භාවිතය මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර තිබෙනවා යහපත් ලෝකයක් වෙනුවෙන් ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටළු කඩිනමින් විසඳාගත යුතුයි. ප්‍රධාන බලවතුන්ගේ තරගය වෙළෙද හා ආර්ථික ඒකාබද්ධතාව පසුපසට ගමන් කරවමින් තිබෙනවා. නොබැඳි ජාතීන් තවදුරටත් දුර්වල රාජ්‍යයන්ගේ එකතුවක් නොවේ – ජනපති නොබැදි ජාතීන්ගේ සමුළුවේ 19 වන රාජ්‍ය නායක සැස
Read Moreශ්‍රී ලංකාවේ යුක්තිය පසෙදිලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ගෙන එනු ලබන නව නීති සහ රෙගුලාසි අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන ආකාරයෙන් විනිවිදභාවය ආරක්ෂා කරමින් ගෙන එන ලබන බව අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද 19 එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc- Andre-Franche අමතමින් පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වෙමින් පැවතියත් ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය.
Read Moreසිය නෑනා ඇසිඩ් ගසා බරපතල තුවාල සිදු කොට මරණයට පත් කළේ යයි වැරදිකරුවකුවූ අයෙකුට බරපතල වැඩ සහිත සත් අවුරුදු සිරදඩුවමක් හා රුපියල් 25000ක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ(18) නියෝග කළේය.
Read Moreපැණි බීම පානයක් සඳහා සිහිය නැතිවෙන බෙහෙතක් කලවම් කර පානය කිරීමට ලබාදී සිහිය නැති වූ විගස කනකර පැළඳි රන් ආභරණ දුරකථන සහ මුදල් පසුම්බියේ ඇති මුදල් කොල්ලකන තවලන්තැන්න හා වටවල ප්‍රදේශයේ පදිංචි අනියම් යුවලක් (17) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එස්.රාජසිංහ මහතා පැවසිය.
Read Moreවිදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
Read Moreනුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම් හා වර්තමාන තත්ත්වය හමුවේ ඉදිරියේදී එළවළු මිල තවත් වැඩි වන බවත් , මැයි මාසයෙන් පසුව එළවළු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවන බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.
Read Moreමාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කටයුතු කණ්ඩායම්, වෘත්තීය සමිති ආදී පාර්ශ්වකරුවන් රැසක් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ගණනාවක් සමඟ සිදු කළ සාකච්ඡාවලදී පැහැදිලි නිගමනයකට පැමිණි බවත් ඒ අනුව රජය ඉදිරිපත් කරන මාර්ගගත සුර්ක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත තමා ඇතුළු පිරිස තරයේ ප්‍රතික්ෂේප කර ඒ සඳහා විරෝධතාව පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreයුක්තියේ මෙහෙයුම ආරම්භ කර ගත වූ මාසය තුළ සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව හා අපරාධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 40,950 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. යුක්තිය මෙහෙයුම ආරම්භ කර අද (17දා) දිනට මාසයකි.
Read Moreමෙරට සංගීත ක්ෂ්‍රේත්‍රයට විශාල මෙහෙයක් සිදුකල ප්‍රවීන සංගීතඥ ආර්.මුත්තුසාමි මහතා ගේ සේයාරුවක් මෙම ජනවාරි 19දා ගුවන්විදුලියේ කුමාරතුංග මැදිරියේදී විවෘතවීමට නියමිතය.
Read Moreඒ වගේම විදේශිකයින්ට අවශ්‍ය රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන ලබන අප්‍රේල් මාසය වන විට ගුවන්තොටුපලේදීම ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එසේම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝම්බර් මාසය වන විට විසඳනවා. ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනවා.
Read Moreබදු වැඩිකිරීම් හේතුවෙන් ජනතාවගෙන් ඇති විය හැකි අප්‍රසාදය පිළිබඳවද අවධානය යොමු කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව විදේශ ආයෝජනවලට හුරුවී ඇති බවත් ඒ සඳහා රට විවෘත බවත් සඳහන් කළේය.
Read Moreඅත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීමට වෙළෙන්දන්ගේ පැමිණීම සීග්‍රයෙන් ම අඩු වීමත් සමඟ 18 දින එළවලු මිල පහත වැටෙමින් පවතින බව වෙළෙන්දෝ පවසති.
Read Moreශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් තුළ පෞද්ගලික ආයෝජනය සිදු කරන ලෙස ආරාධනා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ, මූල්‍ය සේවා සහ බලශක්තිය වැනි ප්‍රධාන අංශවලද ආයෝජන අවස්ථා පවතින බව සඳහන් කළේය.
Read Moreජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් පවත්වන බවට ආරංචිය පතුරවමින් ජනතාගේ අදහස් සොයා බලන බවත් ස්වාධින අපේක්ෂකයන්, යූඇන්පී අපේක්ෂකයන් කවුද කියා ජනාධිපතිට සහ පොහොට්ටුවට මේ වන විට පටලැවි ඇති බවත් පළාත් පාලන මැතිවරණය හෝ පවත්වන්න කොන්දක් නොමැති මේ ආණ්ඩුව මහමැතිවරණ ජනාධිපතිවරණ ගැන පුරසාරම් දොඩන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරකින ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය මෙන්ම ජනතාව ද මුහුන දීමට සූදානම් බව යි.
Read Moreනොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට සහ G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China) සඳහා සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
Read Moreජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍යයෙන් පමණක් මේ වන විට රටේ ජනාධිපති වි අවසන් බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම නලින් බණ්ඩාර මහතා පැවසිය.
Read Moreමේ දිනවල රාත්‍රී හා අලුයම් කාලයේ පවතින අධික සීතල සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් සීතලට ඔරොත්තු දෙන උණුසුම් ඇඳුම් හා අත් ආවරණ පැළැද පැමිණෙන ලෙස ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ වෛද්‍ය කඳවුරු ප්‍රධානි වෛද්‍ය සජිත් මංජුල මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreඋතුරේ ගොවීන් මහකන්නයේ කුඹුරු හෙක්ටයාර් 110,000 ක වී වගා කොට ඇති අතර ඉන් අපෙක්ෂිත අස්වැන්න මෙට්‍ට්‍රික් ටොන් 350,000 ක් බව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
Read Moreප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙරට කිරි ගව ගොවිපළ 14,294ක් ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි සිට සැප්තැම්බර් මස 30 දක්වා වූ මාස නවයක කාලසීමාවක් තුළදී වැසී ගොස් ඇති බව සත්ත්ව නිෂ්පාදන හාසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පාංශු සම්පත් සැලසුම් අධ්‍යක්ෂ කාර්යාලය මගින් 2024-01-15 දින ජාතික විගණන කාර්යාලයට නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇති වී තිබෙන රෝගී තත්වය මත ඔහු ජයවර්ධන පුර රෝහලෙහි ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා අද කළ විමසීමකදී සඳහන් කළේය.
Read Moreරහස් පොලිස් අත්අඩංගුවේ පසුවන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යන්නේ නම් අධිකරණයෙන් අවසර ගත යුතු බවට අභියාචනාධිකරණය රහස් පොලීසියට ඊයේ (17දා) නියම කළේය.
Read Moreවිදෙස් රටවල සැඟව සිට මෙරට අපරාධ මෙහෙයවන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහාඑම විදෙස් රටවල් සමග සාකච්ඡා කොට වැඩපිළිවෙලක්සකසා ගන්නා ලෙසත්අපරාධ මර්ධනය සඳහා දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමවැඩපිළිවෙලටමහා සංඝරත්නයේ ආශීර්වාදය හිමිවන බවත්මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් පැවසීය .
Read Moreලංවිම විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම මගින් අලි ඇතුන් 50 දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
Read More’’ඉදිරියේ එන මැතිවරණ වලට පොදුජන පෙරමුණ ට හොදින් මුහුණු දෙන්න පුළුවන්. අභියෝග කිසි ප්‍රශ්නයක් නෑ. දිනන්න පුළුවන් අපේක්ෂකයෙකු ජනාධිපති වරණයේදී ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂය හැමදාමත් කයිවාරු ගැහුවාට වැඩ බෑ’’
Read Moreනිෂ්පාදන ආර්ථිකයක් එක් දිනකින් ගොඩ නැංවිය නොහැකි බවත් ඒ සඳහා සමස්ත ජාතිය ම කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවත් පැවසූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන අමාත්‍යාංශය සතු අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍ර 19 තුළ ම ඉඩකඩ පවතින පරිදි එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකි වගාවන් සිදු කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව සඳහන් කළේ ය.
Read More