රු කෝටි 123ක බදු පැහැර ඇති සමාගම් 10කට නඩු
රුපියල් කෝටි 123කට අධික බදු මුදල් නොගෙවා පැහැර හරින ලද ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන 10කට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ (20දා) නඩු 10ක් පවරා ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ විගණන අංශයේ නිලධාරියෙක් ඊයේ (20දා) පැවසීය .
මහරගමට ආසන්න ප්‍රධාන සුඛෝපභෝගී වෙළෙඳ සංකීර්ණයක පිහිටි ආයතනයකට එරෙහිව අසූ හය කෝටි දාහත් ලක්ෂයකට (861,700,000) අධික බදු මුදල් නොගෙවා පැහැර හරින ලදැයිද, මීගමුව ප්‍රදේශයේ වාහන ගෙන්වා බෙදාහරින ආයතනයකට එරෙහිව රුපියල් තිස් දෙකෝටි හැට අට ලක්ෂයකට (326,800,000) අධික මුදල් නොගෙවා පැහැර හරින ලදැයි ද චෝදනා කරමින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
විගණන නිලධාරියා තවදුරටත් සඳහන් කළේ රුපියල් දෙකෝටි අනූ එක් ලක්ෂයකට අධික (29,100,000) බදු මුදල් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් බෞද්ධාලෝක මාවතේ පිහිටි ආයතනයකට එරෙහිව ද ඊට අමතරව බත්තරමුල්ල මාලබේ ප්‍රදේශයේ පිහිටි විශාල ප්‍රමාණයේ ලීසිං ආයතනයකට එරෙහිව රුපියල් එක්කෝටි හැත්තෑ හය ලක්ෂයකට (17600000) අධික බදු මුදල් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් ද ඊට අමතරව මොරටුව ප්‍රදේශයේ හා කඩුවෙල ප්‍රදේශයේ ව්‍යාපාර ආයතන දෙකකට ද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ නඩු පවරා ඇති බවයි.
චන්දන සමරවික්‍රම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
