විශ්‍රාමක මේජර්ගේ නිවසින් ජීව උණ්ඩ සොයා ගනියි
විශ්‍රාමික යුද හමුදා මේජර්වරයෙකුගේ මතුගම තඹරැටිය නිවසේ සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
එම නිවසේ තිබී විදේශීය රටක නිෂ්පාදිත දශම 22 වර්ගයේ ජීවඋණ්ඩ 125 ක් 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 125 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ගිණි අවි හා ජීව උන්ඩ ළඟ තබාගෙන සිටින පුද්ගලයකු පිළිබඳ ලද තොරතුරකට අනුව මතුගම තඹරැටිය කොමිටියාවත්ත විශ්‍රාමික යුද හමුදා මේජර්වරයාගේ නිවස පරීක්ෂාව කිරීමේදී නිවසේ අල්මාරියක් තුළ සඟවා තිබූ මෙම ජීව උණ්ඩ තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් එම නිවස වටලන අවස්ථාවේදී විශ්‍රාමික යුද හමුදා මේජර්වරයා නිවසේ සිට නැතැයි පොලිසිය කියයි.
මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
