saravita-anim2

2025 ජුනි මස 30 වන සඳුදා

2025 ජුනි මස 30 වන සඳුදා

Latest News - timelapse 2757 hours ago

LATEST

ලක්ෂ 1220ක කුෂ් රේගුවේදී අත්අඩංගුවට

calendar_today 2023 ඔක් 07 - 07:32 remove_red_eye - 218  

රුපියල් දොලොස් කෝටි විසි ලක්ෂයක් වටිනා ’’ කුෂ් ’’ නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 18 බරැති තොගයක් කැනඩාවේ සිට ත්‍යාග ලෙස සදහන් කරමින්, ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ලිපිනයකට එවා තිබියදී පෑලියගොඩ මිඩ්කෝ ගුදම් බඩු ගබඩාවේ සේවය කරන රේගු නිලධාරීන් පිරිසක් විසින් 10/06 දින සවස අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ස

වෙරිටේ රිසර්ස් ආයතනය සිදු කළ සමීක්ෂණයක් අනුව මෙරට ජනගහනයෙන් සියයට 28කට පමණක් අයි.එම්.එෆ් ගිවිසුමෙන් වාසි සිදුවන බවත් එම අගය අයි. එම්. එෆ්. එකේ දෙවැනි වාරිකය නොලැබී යාමත් සමඟ තවත් පහළ වැටී ඇති බවත් හියුමන් ෆ්ලයිට් ඇන්ඩ් බ්‍රෙර්ය් ඩේ‍රයින් ඉන්ඩෙක්ස් එකට අනුව අප රට 2007-2023 අතර කාලයේ දළ වශයෙන් 7.23ක ශ්‍රේණිගත කිරිමක සිටියත් මේ මොහොත වන විට එය 8.4ක් වී ඇති බවත් රටවල් 177ක සාමාන්‍ය අගය ද 5.42ක් බවත් අපේ රටේ අගය ලෝකයේ අගය පවා අභිබවා ගොස් ඇති බවත් විප

Read More

බිබිල බදුල්ලගම්මන කුඩාකිවුල ප්‍රදේශයේ මැණික් පතලක් කඩා වැටීමෙන් එයට යටවීමෙන් පුද්ගලයකු ඊයේ (5) රාත්‍රි මියගිය බව බිබිල පොලිසිය පවසයි .

Read More

මොනරාගල පොලිස් වසමට අයත් සිරිගල මොණරකැළේවත්ත (උඩකොටස) පදිංචි මාස 04 වයසැති තම දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට දැරියගේ 31 හැවිරිදි පියා ඉකුත් (05) වෙනිදා මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

සිය දියණිය සමග කැස්බෑව හල්පිට පදික මාරුව මතින් ගමන් ගත් පෙර පාසල් ගුරුවරියක් මෝටර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.

Read More

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇතැයි කොළඹ ජාතික රෝහල් වාර්තා පවසයි.

Read More

සිය ජංගම දුරකථනයට රීලොඩ් ලබා නොදීම හේතුවෙන් කඩ හිමියාගේ නිවස බිද, 27 ලක්ෂයකට අධික දේපල සොරා ගත් පුද්ගලයකු කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

ගුවන් ගමන් ප්‍රමාද කිරීම මගින් ගොඩනැගෙමින් පවතින සංචාරක ආර්ථිකය යළි බිඳ වැට්ටවීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවේද යන්න පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට නිර්දේශ කරන ලදී.

Read More

කලු දුමාරය පිටකරන වාහන වැටලීමට වායු විමෝචන අරමුදලෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි වාහන වායු විමෝචන භාරකාර අරමුදල තීරණය කර තිබේ.

Read More

ඉදිරි දින කිහිපය තුළ කොළඹ මර්මස්ථාන වලට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වන බවට ලැබී ඇති තොරතුර සම්බන්ධයෙන් සනාථ කළහැකි සාක්කි ඉදිරිපත් වී නැතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේකර මහතාට අද (05) දැනුම් දුන්නේය.

Read More

කුරුඳුවත්ත තුරග තරග පිටිය අසල දී තරුණයකු පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගොස් පහර දී රන් මාලයක් ද කොල්ල කා කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දමා ගිය රාජගිරිය පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

Read More

රු මිලියන 05 වඩා දේපල වැරදි සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් දේශිය අදායම් බදු දෙපාර්තුමේන්තුව දැනුවත් කිරිමට පොලිස්පතිවරයා විසින් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත (05) දින දැනුම් දි ඇත.

Read More

උඩරට ද්‍රවිඩ ජනතාවට නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් ලබාදීම කඩිනම් කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

Read More

මහියංගන පෙරහැරට සහභාගි වීමට පැමිණ සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්න වැඩිදුර ප්‍රතිකාර සිදුකිරීම සඳහා මහනුවරට රැගෙන යාමට තීරණය කළ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැවසීය .

Read More

තම සේවා කාලයේ වසර දාහතරක් තුළ එකම නිවාඩුවක්වත් ලබා නොගත් විදුහල්පතිවරයෙක් පිළිබඳ පුවතක් හොරණ අධ්‍යාපන කලාපයේ පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයේන් වාර්තා වෙයි.

Read More

රැඳවුම් නියෝග මත රඳවා සිටින සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නැමති සංවිධානාත්මක අපරාධකරු දුන් ප්‍රකාශ මත මුල්ලේරියාව කුමාර මාවතේ කැලෑවක සඟවා තිබූ පිස්තෝල ගිනි අවි දෙකක් සොයා ගත් බවබස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවැති සාකච්ඡා සාර්ථක වී තිබේ.

Read More

කදාණ පොලිස් බල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුගේ නිවසට 05දා උදෑසන වෙඩි තැබීමක් සිදු කර ඇතැයි පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදවාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බවත්, අභියෝග හමුවේ රට හැර යනවාද නැද්ද යන්න උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

අවාරයේ හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රී පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊයේ (04) දින සිට මුදල් අය ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අසාධාරණ ක්‍රියාවක් බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවැසූහ.

Read More

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය නිරුවත අළෙවි කළ 33 හැවිරිදි සුරූපී විවාහක කාන්තාවක් මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 10 යි විනාඩි 27 ක ප්‍රමාද වීමකට ලක් වී තිබේ.

Read More

දුම්රිය නියාමකවරයෙක් හා දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීයෙකු අතර ඇතිවූ ගැටුමට හේතුව දුම්වැටියක් මුල්කරගත් කරුණක් බව වාර්තා වෙයි. මෙම ගැටුම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඒ අනුව ඊයේ දිනයේදී පමණක් දුම්රිය ගමන්වාර 78ක් අවලංගු වූයේය.

Read More

චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 පිරිමි සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (4) පස්වරුවේ සමත් වූහ.

Read More

මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16 ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

Read More

වැඩ වර්ජන හෝ වෙනත් කිුයාමාර්ග ගනිමින් රාජකාරියට වාර්තා නොකරන සියලුම දුම්රිය සේවකයින් අදාල ගැසට් නිවේදනයේ සඳහන් පරිදි සේවය අතහැර ගියා සේ සලකන බව රජය නිවේදනය කරයි.

Read More

පවතින අයහපත් කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) වසා තැබීමට තීරණය කල බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ මහතා පැවසීය.

Read More

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 150 කින් ඉහළ දැමූ බවත් රුපියල් 3,835 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල රුපියල් 3,985 ක් දක්වා ඉහළ ගිය බවත් ලාෆ් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.

Read More

වෙඩි වැදුණු සීතා ඇතින්නට කළ ස්කෑන් පරීක්ෂණයේදී එම ඇතින්නට වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ යොදා ගෙන බවට තහවුරු වී තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.