ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් උත්සවය අදට (04දා) යෙදි තිබේ. මෙවර ජාතික උත්සවය කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් එක්ව සිටියි.
යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකාවෙ නිදහස් දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති අතර එයට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන නියෝජිතයන් අධිකරණයට කරුණු දක්වා තිබේ.
Read Moreරිමාන්ඩ් බාරයට පත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රෝගී තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreඉන්දියාව් සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 2058.3 ක් යුධ හමුදා බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුරකට අනුව පෙබරවාරි 02 දින අළුයම 0500 ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreසී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ලබන 15 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාළිගාකන්ද අධිකරණයෙන් නියෝගය කළේය.
Read Moreවෙළෙඳ, සංචාරක, ධීවර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අවධානය. කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී හෝටල් සඳහා මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් තුළ ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳ ජනපති පහදයි. මියන්මාරයේ මිනිස් ජාවාරම හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වා ගැනීමට ජනපති තායිලන්තයේ සහාය ඉල්ලයි.
Read Moreඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 පෙබරවාරි 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreමේ වසරේ ජනවාරි මාසයේදී සංචාරකයන් 208 253ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ ඇතුළත් කළ දත්ත සටහක දැක්වෙයි. එය පසුගිය වසරේ ජනවාරි (102545) හා සැසදීමේදී සියයට 103ක වර්ධනයකි.
Read Moreටෙස්ට් ලෝක ශූරතාවලියේ තරග දෙකකට, එක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මාසයේදි බංග්ලදේශයේ සංචාරය කිරීමට නියමිතය.
Read More19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය ලකුණු 119ක් පරාජය වීමෙන් අනතුරුව ශ්‍රි ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට ගිය අතර දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබ ගත්තේය.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreසංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 80ක් රැස්කරගෙන සිටියේය.
Read Moreඑම සිසුවා පාසලේ කනිෂ්ඨ රග්බි ක්‍රීඩකයෙකු වශයෙන්ද කටයුතු කොට ඇති අතර ඔහු තම දෙමව්පියන්ගෙන් ජංගම දුරකථනයක් ඉල්ලා සිටියත් දෙමව්පියන් එය ලබාදීම ප්‍රතික්ෂේප කොට ඇති බවට පොලිස් පරීක්ෂණවරිදි අනාවරණය වී තිබේ .
Read More2023 අ.පො.ස. (උ.පෙළ) උත්තර පත්‍ර ඇගයීම් සඳහා පසුගිය වර්ෂයේ දී ලබාදුන් දීමනාව වන රු.2,000/- ක සංයුක්ත දීමනාව මෙවර ද ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read Moreකොවිඩ් වසංගත සමයේ , එනම් 2020 මාර්තු මාසයේ සිට තාවකාලිකව සිය ගුවන් ගමන් මෙහෙයුම් අත්හිහිටුවා තිබූ කැතේ ෆැසිපික් ගුවන් සේවාව , යළිත් තම ගුවන් ගමන් මෙහෙයුම් 02/01 දින සිට සක්‍රීය කරමින් මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read More2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද දින (02) නිකුත් කෙරේ.
Read Moreලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස වෙනස් නොකිරමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව ලිට්‍රො ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලට අදාළව පසුගිය මස පැවැති අගයන් මේ මාසයේදීත් ක්‍රියාත්මක වෙනු ඇත.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුව ඔහු මෙසේ එම ප්‍රකාශය ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
Read Moreඅපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පුද්ගලයින් 05 දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාගේ බිරිඳ සහ පියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඋතුරු මැද පළාත තුළ සිදුවන ගව සොරකම් වැළැක්වීම සදහා ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් සහ සිවිල් ආරක්ෂක බලකා නිළධාරීන්ගේ සහාය ලබාගනිමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සැලසුම් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සදහන් කරයි.
Read Moreවන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා කැලෑවලින් හා පෞද්ගලික දැව ප්‍රවාහනයෙන් හිඟ ආදායම වශයෙන් ලැබිය යුතු මුදල 2023 දෙසැ.මස 31 වැනිදා වනවිට රුපියල් එකසිය අසූ අට කෝටි පනස් එක් ලක්ෂ අසූ දහස් තුන්සීය හැත්තෑ දෙක දක්වා ඉහළ ගොස් තිබූ බව ජනවාරි 30 දින නිකුත් කරන ලද විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreසමගි ජන බලවේගය සමග එක් වූ හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා මව්බිම ජනතා පක්ෂය සමග එකතු වූ බවට වන පුවත අසත්‍ය පුවතක් බව සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් ඇතැමුන් විවේචනාත්මක ප්‍රකාශ සිදුකළත් ඒ සියලූ ප්‍රකාශ පදනම් විරහිත බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ නව තෙත් බිම් තුනක් රැම්සාර් සම්මුතිය යටතේ තෙත් බිම් ලෙස ප්‍රකාශයට පත් කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
Read Moreඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තු වැඩිවීමක් නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු වැඩිකිරීමට ප්‍රමාණවත් අයුරින් කිලෝමීටරයක ධාවන පිරිවැය ඉහළ නොයන බැවින් මෙසේ බස් ගාස්තු ඉහළ නොයන බව කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.
Read Moreමෙරට පාසල්වල 1-5 ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක් පමණ සිටින බවත් ඔවුන් වෙත පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත් ඒ අනුව දිනකට ඒ වෙනුවෙන් වෙන්ව ඇති මුදල රුපියල් 110ක් දක්වා වැඩිකරමින් එළඹෙන මාර්තු මාසයේ සිට එම ප්‍රාථමික ශ්‍රේණිවල සියලු දරුවන්ට දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එසේම හෙට දිනයේදී ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.
Read More76 වන නිදහස් දිනය හේතුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා උදව් කරන දීර්ඝ කාලීන මිතුරෙකු වන ඇමරිකනු එක්සත් ජනපද රජය විසින් ශ්‍රි ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක ප්‍රධානයක් ලබා දී ඇති බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.
Read Moreසිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාල සම්මුඛ පරීක්ෂණ 2024.02.03 දින හම්බන්තොට හෙද විදුහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා සදහන් කරයි.
Read More