saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2604 hours ago

LATEST

අපිට ආයෙත් හිඟන ජාතියක් වෙන්න බෑ

calendar_today 2024 පෙබ 05 - 20:15 remove_red_eye - 388  

සියලු ජනතාවට අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගීමට කැප වෙනවා – ජනපති. ආණ්ඩුවේ වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනපති සියලු පාර්ශ්වයන්ට නැවත ඇරයුම් කරයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ රෝගී තත්වයන් සඳහා ඔහු පාවිච්චි කරන විදේශිය ඖෂධ වර්ගම පාවිච්චි කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තාවේ.

Read More

ඉන්දීය රජයේ නිල ආරාධනාවක් අනුව ඉන්දීය සංචාරයකට එක්ව සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.

Read More

මේ මොහොතේදී ජනාධිපති අපෙක්ෂකත්වයට වත්මන් ජනාධිපතිවරයාට වඩා සුදුස්සකු තම පක්ෂයේ සිටීනම් ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදීම සුදුසුයි... සුදුස්සකු නැතිනම් ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටම ලබාදෙන්න... මේ මොහොතේදී පක්ෂයට වඩා රට ගැන සිතා අභියෝගවලට මුහුණදිය හැකි අනාගතවාදී නායකයකු පත්කරගත යුතුයි... රනිල් වික්‍රමසිංහ මහත්තයා රටට දේශපාලන සිස්ටම් එකක් හැදුවා.. රාජපක්ෂලා හොරා කෑව කියන ජනතා විමුක්ති පෙරමුණට 88/89 තමන් කරපුව අමතකයි... මලක

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල පැවැති වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් විසින් නිෂ්පාදනය කරනු ලබන ආහාර වලින් පසුගිය වර්ෂයේදී (2023) පමණක් රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක පමණ මුදලක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් උපයා ගෙන ඇති බව අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මහතා පැවසීය.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ රටේ සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සමාන අවස්ථා අත්පත්කරදීම බවත්, එහි එක් පියවරක් වශයෙන් එළඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බවත්, ඒ අනුව නව තාක්ෂණය සමග සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

කන්දකාඩු පුනරුත්ථාපන කදවුරේ පෙරේදා 4 වෙනි දින සවස 6 පමණ රැදවියන් හා යුද හමුදා සෙඔලුන් අතර සිදුවු ගැටුමකින් රැදවියන් 10 දෙනෙක් හා යුදහමුදා සෙබළෙකු තුවාල ලබා පොලොන්නරුව රොහලට අතුලත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි .

Read More

කළුතර සහ පානදුර ප්‍රදේශවල මහමග ගමන්ගත් කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල යතුරුපැදි වලින් ගොස් කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.

Read More

පාන් කියා ගන්නවත් ඉන්න බැරි ජනතාවට පාන් කෑල්ලක්වත් කන්න තිබෙන අවස්ථාව පාන්වලට ගැසෙට්ටු ගසා නැති නොකරන්න යයි සිය සංවිධානය ඊට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා අද(5) ඇල්පිටියේදී කීවේය.

Read More

එකම පවුලේ මව පියා හා තුන් හැවිරිදි දියණියක් ගමන් ගත් තීරෝද රථයක් හොරණ පානදුර මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ගැටීමෙන් මව මියගොස් දැරිය හා පියා බරපතල තුවාල ලබා ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

Read More

ඇඹිලිපිටිය තෝරකොලයාය හරහා මිද්දෙණිය ප්‍රධාන මාර්යේ කුබුගොඩආර හුලංදාඔය පාලම ලොරියක් සමග අද පෙරවරුවේ කඩා ඇත.

Read More

බෙලිඅත්තේදී වෙඩි තබා පුද්ගලයන් 05 දෙනෙකු ඝාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධ තවත සැකකරුවෙක් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නිදහස් දින පානදුර මුහුදේ ගහගෙන ගිය තරුණ ජෝඩු තුනකගේ ජීවිත දිවි බේරාගැනීමට පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත්ව ඇත.

Read More

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සිව් දෙනෙකු අද (05දා) අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

කෝටිපති ව්‍යාපාරිකයකුගේ නවගමුව නිවස ඉදිරිපිට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු දුරකථන අංකයක් සඳහන් කර මල්වඩමක් තැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කීපයක් විශේෂ විමර්ශන ආරම්භ කර ඇතැයි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 04 වෙනිදා සවස හයට පමණක්ම රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් රඳවියන් දහදෙනෙකු සහ හමුදා සෙබලෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබන බව වැලිකන්ද පොලිසිය කියයි.

Read More

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් අද (4) මෘත දේහයක් රැගෙන යන අයුරින් බොරැල්ල කනත්තට ඇතුළු වී විරෝධතාවයක් පැවැත්වූහ.

Read More

පාන් ගෙඩියක නියමිත බර නොමැතිනම් හා මිල ප්‍රදර්ශණය නොකරන වෙළද සල් ( 05) වන සදදා දින සිට වටලමින් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. නලීන් ප්‍රනාන්දු මහතා එලෙස පැවසුවේ ජාඇල දඩුගම ඒ මහතාගේ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්.

Read More

කාශ්‍යප වගේම තාක්ෂණය දියුණු කරන්න පුළුවන් මානවම්ම වගේ සෙල් ලිපි වල ලියපුවා පුස්කොල පොත් වල ලියන්න වෙනසක් කළා වගේ ලෝකය ඩිජිටල් කරනය කරන්න පුළුවන් නායකයෙක් අපිටත් ඉන්නවා. ඒ තමයි වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. එහිදී ඔබට තිබෙනවා ආණ්ඩුව උදව් කළාද අරයා උදව් කලාද කියලා හිතන්නේ නැතිව ඔබෙන් පටන් ගන්න.

Read More

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හතරවෙනිදා අලුයම පැනගිය රැඳවියන් දහඅට දෙනෙකුගෙන් කීප දෙනෙකු සෝමාවතීය පුදබිමේ නවතා තිබු බස්‍ රථයක් පැහැර ගෙන යාමට උත්සහ දැරිමේදි,එහි ආරක්ෂක අංශයේ නිලධාරියකු එය වැළැක්වීමට ලියාපදිංචි ගිනි අවියකින් අහසට වෙඩි තැබීමෙන් පසු ඔහුට අයත්, රුපියල් පනස්දාහක මුදලක් හා ජංගම දුරකතන දෙකක් පැහැර ගෙන පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

Read More

මාරාන්තිකව අසනීපව පවතින රට ගොඩනැගීම සඳහා සිටින හොඳම වෛද්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඒ අනුව ඔක්තෝබර් 14 වන දින නව ජනාධිපතිවරයෙකු මේ රටේ පත්වෙන බවත් ඔක්තෝම්බර් මාසයේ පළමු සතියේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ඉඩම් යෞවන ක්‍රීඩා කටයුතු පිළිබඳව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

එමෙන්ම සියලු පාසල්වල 2024 පාසල් වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර පෙබරවාරි 19 දින සිට ආරම්භවන අතර එය සිංහල හා දෙමළ පාසල්වල අප්‍රේල් 10 දක්වාත් මුස්ලිම් පාසල්වල මාර්තු 7 දක්වාත් පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

පසුගිය සතියේ ඉහල ගිය කැරට් කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 700 කින් පමණ පහත වැටී ඇති බවත් අනෙකුත් එළවළු වර්ග වල මිල ද රුපියල් සියයත් එකසිය පහනත් අතර මිලකින් පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් කියා සිටී.

Read More

මම පක්ෂය කඩන්නෙත් නෑ... රාජපක්ෂලා⁣ට විරැද්ධ වෙන්නෙත් නෑ.. රනිල්ගේ ගොට්ටෙක් වෙන්නෙත් නෑ.. මම හැමදාම වැඩ කළේ මගේ හෘද සාක්ෂියට අනුවයි... මේ මොහොතේ රනිල් හැර රටට වෙන විකල්පයකුත් නෑ...

Read More

රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන. නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අත්අඩංගුවෙන් මිදී පලායාමට කුමන්ත්‍රණය සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.

Read More

තම නිවසේ දූරියන් ගහට පැමිණෙන රිලවුන් පලවා හැරීම සඳහා අනාරක්ෂිත ලෙස ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් වයස අවුරුදු (47) ක තිදරුපියකු මියගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.

Read More

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය නැවත ක්‍රීඩාවලට ආරම්භ කිරීම හා පුද්ගලයන් මිලියන දෙකක් සඳහා ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීම ජාතික වැඩපිළිවෙළ 05 දින පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹෙන බව ක්‍රීඩා යෞවන කටයුතු හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ දැවැන්ත වංචා නිසා හිටපු සෞඛ්‍ය ඇමතිවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇති අතර මේ ක්‍රමවේදය තුළ යුක්තිය සාධාරණත්වය ඉටු වේ කියා අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් උත්සවය අදට (04දා) යෙදි තිබේ. මෙවර ජාතික උත්සවය කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් එක්ව සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.