දරුවන් අතර දියවැඩියාව හා රුධිර පීඩනය ඉහළ යෑමක්
දියවැඩියාව (Type 2) සහ හේතුවක් නොමැතිව අධික රුධිර පීඩනය මෙරට දරුවන් අතර මේ වන විට ඉහළ යමින් පවතින බව, ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ අධ්‍යයනාංශයේ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය.
එසේම අක්මාවේ රෝගී තත්ත්ව සහ පෙණහලු රෝගද මෙරට දරුවන් අතර ඉහළ යමින් පවතින බව ඇය පෙන්වා දුන්නාය.
ඒ අනුව බෝ නොවන රෝගවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, එහිදී සෞඛ්‍යවත් ආහාර රටාවකට දරුවන් නැඹුරු කිරීම අත්‍යවශ්‍ය වන බවත් මහාචාර්යවරිය අවධාරණය කර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (15ද) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මීට අමතරව දරුවන් අතර දක්නට ලැබෙන මානසික රෝගද නිරන්තරයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මේ අතර මේ පිළිබඳ දැනුම්වත් කිරීමට යුනිසෙෆ්, අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝන නොවන රෝග ඒකකය එක්ව පාසල් ළමයින් අතර දැනුම - මිනුම තරගයක් සංවිධානය කර ඇති අතර, එහි අවසන් වටය එළඹෙන 25වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

