saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2546 hours ago

LATEST

හත්වන නාවික හමුදාපති බැසිල් සමුගනියි

calendar_today 2024 පෙබ 17 - 16:22 remove_red_eye - 765  

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කල කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර, අද දින (2024 පෙබරවාරි 17) අභාවප්‍රාප්ත විය.

2024 වර් ෂයේ කොරියානු භාෂාව විභාගයට අදාළ අයදුම් පත්‍රයක් මේ වන විට අන්තර් ජාලය සංසරණය වන අතර එම අයදුම් පත්‍රය කොරියානු භාෂා විභාගයට කිසිදු සම්බන්ධයක් නොමැති ව්‍යාජ අයදුම් පත්‍රයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධාරණය කර සිටියි.

Read More

මෙරට රජයේ රෝහල් වල පවතින රෝගී තදබදය අඩුකරීමට නම්, ප්‍රාථමික සෞඛ්‍යය සංරක්ෂණ වැඩසටහන් සේම, ප්‍රාථමික සෞඛ්‍යය සේවාව ශක්තිමත් කල යුතු බවත් ,එය සිදු කිරීමට හැකිබවට දැඩි විශ්වාසයක් තමන් තුළ පවතින බවත්, එම තදබදය ද්විතීක රෝහල් වලින් ක්‍රමානුකූලව අඩු කර ගැනීමට හැකිවුවහොත් එය විශාල ජයග්‍රහණයක් බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කලේය .

Read More

එප්පාවල කටියාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කායවර්ධන ශිල්පියකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් එප්පාවල, ප්‍රියංකරගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙලෙස ජීවිතක්ෂය‌ට පත්ව ඇත්තේ එප්පාවල කටියාව යාය 06 පදිංචි ඩී.එම් විරාජ් ඉමංක නම් 34 හැවිරිදි දෙදරු පියෙකි.

Read More

කලක් රෝගාතුරව සිටි හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83කි. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුවදුක් විමසීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද මීට දින කිහිපයකට පෙර ඔහුගේ නිවසට ගියේය.

Read More

නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිනිය වන ආරියලතා ගලප්පත්ති මහත්මිය ගමන් කරමින් තිබු සොඛෝප බෝගී මෝටර් රථයකට යටමින් 17 දින පෙරවරුවේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී මගියෙකු මියගිය බව දඹුල්ල පොලිසිය කියයි.

Read More

මහකනදරාව වැව මූලාශ්‍ර කරගත් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණදී සිටින ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

Read More

රේගු නිලධාරීන් විසින් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් 02/15 දින ආරම්භ කරනු ලැබූ ’’ අකුරට වැඩ කිරීමේ ’’ වෘත්තීය ක්‍රියාමාර්ගය 02/16 දින මුදල් අමාත්‍යාංශය විසින් ලිඛිතව ලබා දුන් සාධනීය විසදුම් නිසා අත්හිටුවීමට පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්.එස්.කුමානායක මහතා සහ රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා පැවසීය .

Read More

බුද්ධ ශාසනය ආරක්ෂා කරමින්, එය සුරක්ෂිත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම ජනපති කැපවී සිටිනවා- ජනාධිපති ලේකම්. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

Read More

දෙහිවල සත්වෝද්‍යානයට ජනවාරි මාසයේ සිට දින හතලිහකදී ලැබුණු ටිකට්පත් ආදායම මිලියන පනස්දෙකක් බවත් නැරඹීමට පැමිණි නරඹන්නන් සංඛ්‍යාව එක්ලක්ෂ හැටදහසක් බවත් දෙහිවල සත්වෝද්‍යාන ගිණුම් වාර්ථා සඳහන්කර සිටී.

Read More

ආදුරුප්පු වීදිය පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි ඝාතන සිද්ධියක සැකකරුවන් දෙදෙනකුට. වස මිශ්‍ර කිරි තේ ලබාදුන් ප්‍රධාන සැකකරු සහ හිටපු පාමසි සේවකයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) මහත්මිය අතර හමුවක් අද (16) ජනාධිපති කාර්යාලයේ දී සිදුවුනා.

Read More

බීමත්ව රාජකාරියේ නිරතව සිටි බවට නිකවැරටිය මූලස්ථාන පොලීසියේ නිලධාරීයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

Read More

සෞඛ්‍යය සේවාවේ වෘතීය සමිති 72ක් ඒකාබද්ධවී සිදුකල වැඩවර්ජනය පසුගියදා තාවකාලිකව නවතා දැමුනා. සෞඛය අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග සිදුකල සාකච්ඡාවේදී ඊට අදාල වෘතීය සමිති සංගම් නියොජිතයන් කිසිදු එකඟතාවයකට පත්ව තිබුනේ නැහැ.

Read More

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දී ගුවන් හමුදා නිලධාරියකු දුම්රියක ගැටීමෙන් ඊයේ 15 සවස මියගිය බව බම්බලපිටිය පොලිසිය කියයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යංශයට ඔක්සිජන් ලබාගැනීමට තිබූ මුදල්වලින් රුපියල් කෝටි 14 1/2ක් මෙම ඖෂධ මිලදී ගැනීමට සඳහා සැපයුම්කරුට දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට ඊයේ (15) දැනුම් දුන්නාය.

Read More

කළ යුතු සුළු සුළු වැඩ කිරිම වෙනුවෙන් විමධ්‍යගත අරමුදල් ලැබෙන තෙක් බලා නොසිටින ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ඉහළ කොත්මලා ජලාශයේ තලවකැලේ සමුපකාර ප්‍රධාන කාර්යාලය ආශ්‍රිත දැඩි ගැඹුරකින් යුත් ස්ථානයකට මෙම තරුණිය වැටී ඇති අතර, ඇය ජලාශයේ දලගමින් සිටින අයුරු දැක ඇති නගර වැසියන් ක්ෂණිකව ක්‍රියාත්මකවීම හේතුවෙන් ඇයගේ ජීවිතය ගලවා ගැනීමට හැකි වී තිබේ.

Read More

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබුණු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසින් කර්මාන්ත කරගෙන යාම සඳහා ලබාගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් නොකළ හොත් ඉදිරි කාලයේදී කර්මාන්ත සිය ගණනක් මූල්‍ය ආයතන විසින් අත්පත් කර ගන්නා බව ශ්‍රි ලාංකික ක්ෂුද්‍ර, සුළු, කුඩා හා මධ්‍ය වානිජ මණ්ඩලය සඳහන් කරයි.

Read More

සංවිධානාත්මක අපරාධ සිදුකරන හා මත්ද්‍රව්‍ය ජාවරමට සම්බන්ධ ව සිට මෙරටින් පලාගොස් සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 42ක් මේ වන විට නිකුත් කර තිබෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

Read More

කාන්තා පොලිස් කොස්තාපල්වරියට ලිංගික අතරව කළ බවට ඉදිරිපත් වී ඇති චෝදනා අනුව කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

Read More

2022 වසරේ ඉන්ධන තොග පවත්වාගෙන යාමේ සහ ගබඩා කිරීමේ අලාභය ලෙස රුපියල් බිලියන 28 ක් වාර්තා කර ඇති බවත් එය 2023 වසර වන විට රුපියල් බිලියන 4 දක්වා අඩුව ඇති බවද

Read More

විධායක ජනපතිධුරය තමන් භුක්ති විද අවසන් බවත් එය අහෝසි කිරීම හොඳ දෙයක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසි ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට තිබේ .

Read More

2023 වර්ෂයේ දී ලංකා විදුලිබල මණ්ඩලය විසින් නව විදුලි සැපයුමක් ලබාදීමේදී අයකර ගනු ලබන පාරිභෝගික තැන්පතු මුදල වෙනුවෙන් රුපියල් කෝටි 112 කට ආසන්න මුදලක් පොලී ලෙස ගෙවා ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයට නිවේදනය කරයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක, දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

Read More

වසර පහකට පසුව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන නිසාවෙන් අතිවිශාල ජනතාවක් ක්‍රිඩා තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙමින් සිටිති.

Read More

වසර 37ක් පුරාවට මෙරට දේශප්‍රේමී ජනතාව තුල පැවති සිහිනයක් සබෑ කරමින් පළාත් සභාවලට ලබා දුන් පොලිස් බලතල ඉන් ඉවත්කිරීමට අවස්ථාව උදාවී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

අනුරාධපුර උතුරු ජල සම්පාදන පානීය ජල ව්‍යාපෘතියේ පළමු අදියර අද (15දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජපන් දූත පිරිසක් අතින් විවෘත කෙරුණු අතර ඊට විරෝධය පල කරමින් දේශවාසීහු පිරිසක් එම ජල පවිත්‍රාගාරය ඉදිරිපිටට පැමිණ ඔවුන්ගේ දැඩි විරෝධය පල කලහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.