ෆේස්බුක් ගණුම් මිලියන 50කට වැඩි ප්රමාණයක් සයිබර් ප්රහාරයකට ලක්ව ඇති බව ෆේස්බුක් සමාගම පවසයි.
මෙම ප්රහාරය සම්බන්ධයෙන් දැනුවත් වෙමින් මේ පිළිබඳ පොලීසිය වෙතද දැනුම්දීමක් සිදුකර ඇති බව එම සමාගම කියයි.
මීට ගොදුරු වූ ගිණුම් මිලියන 40ක් පමණ යළි ප්රතිස්ථාපනය කිරීම (රීසෙට්) කිරීමට කටයුතු යෙදූ අතර, තවත් මිලියන 10කට පමණ පෙර ආරක්ෂා වීමේ පියවර ගෙන ඇති බවයි.
මෙම සිදුවීමත් සමග ෆේස්බුක් සමාගමේ කොටස් අගය ඊයේ (28දා) වනවිට 3%කින් පමණ යළි කඩා වැටී තිබේ.
මෙම ප්රහාරයත් සමග ෆේස්බුක් හා සබැඳි AirBnB සහ Tinder යන වෙබ් අඩවිද මෙම සයිබර් ප්රහායරට ගොදුරුව ඇති බව විශ්වාස කෙරෙයි.