ඇමෙරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරීඩා හි මියාමි ප්රදේශයේදී කඩා වැටුණු මහල් නිවාස සංකීර්ණයේ සුන්බුන් අතර තිබී තවත් මළ සිරුරු සොයාගෙන තිබේ.
ඒ අනුව මුදාගැනීමේ කණ්ඩායම් මේ වනවිට මළ සිරුරු 36ක් සොයාගෙන ඇති බව නිවේදනය කරයි.
පසුගිය ජුනි 24දා අලුයම චැම්ප්ලේන් ටවර්ස් දකුණ ගොඩනැගිල්ලෙන් අඩක් මෙසේ කඩා වැටුණු අතර, එම අනතුරින් 12කට පසු පුද්ගලයින් 109 දෙනෙකු තවමත් අතුරුදන් ලැයිස්තුවේ සිටිති.
මේ අතර ෆ්ලොරීඩාව වෙත පැමිණෙන සුළි කුණාටුවක් හේතුවෙන් මෙම ගොඩනැගිල්ලේ අවදානම් තත්ත්වයේ පැවති ඉතිරි කොටසද කඩා ඉවත් කිරීමට බලධාරීන් පසුගියදා කටයුතු කළේය.