ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා මහල් නිවාස කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ සතියකට අධික කාලයක් පුරා සිදුවන මුදාගැනීමේ මෙහෙයුම්වදී තවත් මළ සිරුරු දෙකක් සොයා ගැනීමත් සමගිනි.
මියාමි-ඩේඩ් නගරාධිපති ඩැනියෙලා ලෙවින් කැවා පැවසුවේ ගොඩනැගිල්ල කඩාවැටීමෙන් අතුරුදන් වූ පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව මේ වනවිට විශ්වාස කරන බවයි.
ඒ අනුව මෙම ගොඩනැගිලි අනතුර හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 121ක් ලෙස සැලකෙන අතර, මළ සිරුරු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවෙයි.