සුන්බුන් අතරින් සිරුරු 14ක් සොයා ගැනීමෙන් පසු ෆ්ලොරිඩාවේ මහල් නිවාස ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 79ක් දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසති.
මියාමි-ඩේඩ් ප්‍රාන්තයේ නගරාධිපති ඩැනියෙල් ලෙවින් පැවසුවේ, "එය අප සැමට ඉතා ගැඹුරින් බලපාන හද කම්පා කරවන තොරතුරක්." බවයි.
මියගිය 79 දෙනාගෙන් 53 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 61 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇතැයි නගරාධිපතිවරයා පැවසීය.
මියාමි බීච් නගරයට උතුරින් පිහිටි සර්ෆ්සයිඩ් හි මහල් 12කින් යුත් චැම්ප්ලේන් ටවර්ස් පසුගිය ජුනි 24 වැනි දින කඩා වැටුණේ නිවැසියන් එහි නිදා සිටියදීය.