ෆයිසර්-බයෝඑන්ටෙක් කොවිඩ්-19 එන්නත මාත්‍රා බිලියන 2ක් ඉදිරි හා මාස 18 තුළ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට ලබාදෙන බව ෆයිසර් හි ප්‍රධාන විධායක ඇල්බට් බෝර්ලා G-20 ගෝලීය සෞඛ්‍ය සමුළුවේදී කියා සිටියේය.
"ෆයිසර් සහ බයෝඑන්ටෙක් අපගේ කොවිඩ්-19 එන්නත මාත්‍රා බිලියන දෙකක් ඉදිරි හා මාස 18 තුළ මධ්‍යම හා අඩු ආදායම්ලාභී රටවලට ලබාදීමට පොරොන්දු වී තිබෙනවා" යැයි බෝර්ලා පැවසීය. "මෙම වසරේදී මාත්රාවලින් බිලියනයක් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. 2022 දී තවත් මාත්‍රාවන් මෙම රටවලට ලබා දීමට අපි පොරොන්දු වෙනවා."
මෙය ගෝලීය වශයෙන් තවත් ජීවිත බේරා ගැනීමේ හැකියාව වේගවත් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව බෝර්ලා පැවසීය.
ඉදිරි මාස 18 තුළ ෆයිසර් සිය කොවිඩ්-19 එන්නත මාත්‍රාව බිලියන 6 ක් නිපදවීමට සැලසුම් කර ඇති බව බෝර්ලා වැඩිදුරටත් පැවසීය.