වයස අවුරුදු 12 ත් 15 ත් අතර නව යොවුන් වියේ දරුවන් සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් කොවිඩ්-19 මර්දන එන්නත යුරෝපා සංගම් ඖෂධ නියාමකයා විසින් අනුමත කර ඇති බව යුරෝපීය ඖෂධ ඒජන්සිය පවසයි.
"ඔබ දන්නා පරිදි මෙම එන්නත දැනටමත් වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා ලබා දී තිබෙනවා. වයස අවුරුදු 12 ත් 15 ත් අතර වයස්වල පසුවන අයටද එන්නත ආරක්ෂිත බව පෙන්වන දත්ත දැන් අප සතුව තිබෙනවා" එහි ජෛව සෞඛ්‍ය තර්ජන සහ එන්නත් ක්‍රමෝපාය පිළිබඳ ප්‍රධානී වෛද්‍ය මාකෝ කැවාලරි පැවසීය.
ඒ අනුව වයස අවුරුදු 12 ත් 15 ත් අතර අයට එන්නත භාවිත කිරීම සඳහා අවසාන අනුමැතිය නිකුත් කරන යුරෝපා ඖෂධ ඒජන්සියේ විද්‍යාත්මක කමිටුවේ අනුමැතිය දැන් යුරෝපීය කොමිසමට යවනු ලැබේ. එවිට සෑම යුරෝපීය සාමාජික රටකටම නව යොවුන් වියේ සිට එන්නත භාවිත කළ යුතුද නැද්ද යන්න තීරණය කළ හැකි බව කියයි.
වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමයින් තුළද එන්නත ලබාගැනීමෙන් පසුව බහුලව දක්නට ලැබෙන අතුරු ආබාධ වයස අවුරුදු 16 සහ ඊට වැඩි අයට සමාන බවද කියයි.