චීනයේ ප්‍රමුඛතම ගෝලීය තාක්ෂණික සමාගමක් වන හුවාවේ සමාගම ඉලක්ක කරමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක බලය පාවිච්චි කිරීමට එරෙහිව දැඩි පියවර ගන්නා බව චීනයද පවසා තිබේ.
චීනයේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලූ කැන්ග් පවසා සිටියේ චීන සමාගම් වෙත ඒකාපාර්ශ්වීය සම්බාධක පැනවීමට එරෙහිව ඔවුන්ද ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ට්‍රම්ප් පරිපාලනය පසුගිය බදාදා දිනයේදී එක්සත් ජනපද පරිගණක පද්ධති තුළ හුවාවේ නිෂ්පාදන යොදාගැනීම අවහිර කරමින් මෙම නව නීති පැනවීම සිදුකළේ එම සමාගමේ නම සඳහන් නොකරමිනි. හුවාවේ නිෂ්පාදන ඔත්තු බැලීමේ කාර්යයක නිරත වන බව ඔවුන්ගේ මූලික න්‍යාය විය.
කෙසේ වෙතත්, මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන හුවාවේ සමාගම, මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදය හොඳාකාරවම දන්නා බවද අවාධාරණය කරයි.
ජාතික ආරක්ෂාව යැයි පවසමින් වෙළෙඳාම කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවටද චීනය ජනපති ට්‍රම්ප් වෙත චෝදනා කරයි.
ඒ අනුව, මෙවැනි අනවශ්‍ය පීඩනයක් ව්‍යාපාර වෙත එල්ල නොකරන ලෙසත්, සහයෝගයෙන් ව්‍යාපාර කටයුතු කිරීමට එළැඹෙන ලෙසත් චීනය ඇමෙරිකාවට අවධාරණය කරයි.