එක්සත් ජනපදයේ හාවඩ් සහ යේල් විශ්වවිද්‍යාල වෙත විදේශ රාජ්‍යයන්ගෙන් පැමිණ ඇතැයි කියන සැකකටයුතු අරමුදල් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එක්සත් ජනපද අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසා සිටියේ මෙම සුපිරි ගණයේ අධ්‍යාපන ආයතන විසින් තමන් වෙත ලැබෙන විදේශ අරමුදල් සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර වාර්තා තමන් වෙත ලබා නොදෙන බවයි.
මෙසේ එම විශ්වවිද්‍යාල විසින් අරමුදල් ලබාගෙන ඇති රාජ්‍යයන් අතර සෞදි අරාබිය සහ චීනයද වන බවත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.
කෙසේ වෙතත් රජය විසින් නගන මෙම චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට සූදානම් බව අදාළ අධ්‍යාපන ආයතන දෙක විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
එක්සත් ජනපද නීතියට අනුව විදේශයන්ගෙන් ලැබෙන එක්සත් ජනපද ඩොලර් 250,000 ඉක්මවන සියලුම ආකාරයේ අරමුදල් හෝ ත්‍යාග මුදල් රජය වෙත වාර්තා කිරීමට සියලුම අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල බැඳී සිටියි.