බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරියට දාව උපන් බිළිඳාගේ නම ආර්චී හැරිසන් මවුන්ට්බැට්න්-වින්ඩ්සර් ලෙස යෙදූ බව ලොව පුරා මේ වනවිටත් බොහෝ දෙනෙක් දන්නා කරුණකි.
කෙසේ වෙතත්, සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය රාජකීය පරපුරේ මෙතෙක් භාවිත නොවූ නමක් සිය පුතුට යොදා තිබේ.
එමෙන්ම, මෙම නම වෙනුවෙන් ඔට්ටු තබා තිබූ කිසිවෙකුත් එවැනි නමක් විශ්වාස නොකළ අතර, එය බොහෝදෙනෙකු විස්මයට පත්කළ නමක් විය.
ඒ අනුව, ආර්චී යන්නෙහි අර්ථය නියම හෝ නිර්භීත වන අතර, එය බ්‍රිතාන්‍යය තුළ ජනප්‍රිය නමකි. එය එංගලන්තයේ සහ වේල්සයේ වඩාත් ජනප්‍රිය නම් අතර 18 වැනි ස්ථානයේ පසුවෙයි.
ඇමෙරිකාවේ ආර්චී යන නමට වඩා හැරිසන් යන නම ජනප්‍රිය වෙයි. හැරිසන් යන්නෙහි මූලික අර්ථය ලෙස සඳහන් වී ඇත්තේ, හැරීගේ පුත්‍රයා යන්නයි.
එමෙන්ම, සම්ප්රදාය අනුව බිලිඳාගේ මුත්තණුවන්ගේ නමක් වන ෆිලිප් හෝ චාර්ල්ස් යන නමක්, පුත් කුමරාගේ මැද නම ලෙස භාවිත නොකර තිබීමද විශේෂත්වයක් වන අතර, සිය අලුත උපන් බිලිඳාට රාජකීය තනතුරු නාමයක් භාවිත නොකිරීමටද හැරී සහ මේගන් තීරණය කර ඇත.
එහිදී, ආදිපාදවරයෙකුගේ පළමු පුත්‍රයා වන හෙයින් සාම්ප්‍රදායිකව ආර්චී කුමරා, ඩම්බාර්ට්න්හි අර්ල්වරයා ලෙස හැඳින්විය යුතු වුවත්, හැරී සහ මේගන්ගේ තීරණය අනුව ඔහු ආර්චී දරුවා හෙවත් මාස්ටර් ආර්චී ලෙස හැඳින්වෙනු ඇත.