විවාහ මංගල්‍යයේ සිටම රාජකීය සම්ප්‍රදායන් බිඳ දමමින් කටයුතු කළ සසේක්ස් ආධිපාදවරියා සහ ආදිපාදවරිය සිය කුළුඳුල් දරුවාගේ උපතේදීද ඒ ආකාරයෙන්ම කටයුතු කර තිබේ.
ඒ අනුව, හැරී කුමරු සහ මේගන් කුමරිය පුත් කුමරෙකු ලබා ඇති බව අද උදෑසන ලොවට හෙළි කෙරුණත්, දරුවා මෙළොව එළිය දකින තුරු එය රහසක් ලෙස තබාගැනීමට ඔවුන් කටයුතු කිරීමෙන් රාජකීය සම්ප්‍රදායන් කඩා ඇත.
මීට මසකට පෙර සසෙක්ස් මන්දිරය හරහා නිවේදනයක්ද නිකුත් කරමින් ඔවුන් පවසා තිබුණේ සිය කුළුඳුල් දරු උපත හා සම්බන්ධ තොරතුරු අතිශය පෞද්ගලික මට්ටමින් සිදුකිරීම ඔවුන් කැමැත්තෙන් පසුවන බවයි.
ඒ අනුව, දරුවා ඉපදී පැය 8කට පසුව මේගන් දරු ප්‍රසූතිය සඳහා පැමිණි බව ලොවට අනාවරණය වූ අතර, බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙ.ව. 5.26ට දරුවා මෙළොව එළිය දැක ඇත.