නේපාලයේ, හිමාල කඳු තරණය කරමින් සිටියදී හිම කුණාටුවකට හසුව මියගිය කඳු නගින්නන් ඇතුළු ඔවුන්ගේ සහායකයන්ගේ මළ සිරුරු රැගෙන ඒමට හැකිවී තිබේ.
මියගිය අය අතර දකුණු කොරියානු කඳු නගින්නන් 5 දෙනෙකු සහ ඔවුන්ගේ සහායට ගිය නේපාල ජාතික ෂර්පාවරු 4 දෙනෙකු වෙති.
පොළොව මට්ටමින් මීටර් 7,193ක් උස ගුර්ජා කඳුකරය ආශ්රිත කඳවුරක තිබියදී ඔවුන්ගේ මළ සිරුරු හමුවුණු බව නේපාල බලධාරීන් පවසයි.
පසුගිය සිකුරාදා ඇති වූ මෙම දරුණු හිමකුණාටුව හේතුවෙන් මොවුන්ගේ අස්ථි බිඳීම්, හිසට සිදුවූ තුවාල ආදිය දැකගැනීමට හැකිවූ බවද පවසයි.
වසර දෙකක කාලය තුළ නේපාලයේ කඳු තරණයන් ආශ්රිතව අසන්නට ලැබුණු දරුණුතම සිදුවීමක් ලෙස මෙය සැලකෙයි.
මෙම සිද්ධියත් සමග ඔවුන්ගේ මළ සිරුරු හෙලිකොප්ටර් ආධාරයෙන් ලබාගැනීමට උත්සාහ කළත් පැවිත අයහපත් කාලගුණය හේතුවෙන් ඒ වෙත ගොඩබැසීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට නොහැකි විය.