හුබෙයි පළාත හැරුණු විට චීනයේ නව කොරොන වෛරසය ආසාදිතයන්ගේ ප්‍රමාණය පසුගිය පෙබරවාරි 3 සිට අඛණ්ඩව දින 15ක් ශීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙන බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
ඊයේ දිනයේදී චීනය පළාත් මට්ටමේ කලාප 31ක නව කොරෝනා වෛරස් රෝගීන් 56ක් තහවුරු කරගෙන තිබුණේ පෙබරවාරි 03දා වාර්තා වූ රෝගීන් 890ක ප්‍රමාණය පෙබරවාරි 16දා වනවිට 79ක් දක්වා අඩුවෙමිනි.
මෙම පළාත්වල රෝහල්වලින් පිටව යන රෝගීන්ගේ ප්‍රමාණය, අලුතින් වෛරසය ආසාදනය වන ප්‍රමාණය ඉක්මවා යන බවද එම වාර්තා පෙන්වා දෙයි.
නව කිරීටක වෛරස් රෝගයේ කේන්ද්‍රස්ථානය වන හුබෙයි පළාත අඟහරුවාදා නව රෝගීන් 1,693 ක් තහවුරු කර ඇති අතර එම සංඛ්‍යාව පළාතේ 61,682 ක් දක්වා ඉහළ ගොස් තිබේ.