හිටපු ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරික් අවුරුදු 91ක් ආයු වළඳා සිය දිවි ගමනට සමුදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඊජිප්තු වසන්තය සමග 2011 වසරේදී හමුදා පාලනය විසින් හිටපු ජනාධිපතිවරයා ධුරයෙන් පහ කිරීමට පෙර, ඔහු දශක තුනකට අධික කාලයක් එරට පාලනය කළේය.
විප්ලවය අවස්ථාවේදී විරෝධතාකරුවන් ඝාතනය කිරීමට වැරදිකරු වූ හිටපු ජනාධිපතිවරයාට සිර දඬුවම් නියම වුවද, 2017 මාර්තු මාසයේදී එම නඩු තීන්දුව යළි සලකා බලමින් ඔහු නිදහස් කෙරිණි.
පසුගිය ජනවාරි මාසයේදී ඔහු ශල්‍යකර්මයකට බඳුන් වු අතර, එහිදී ඔහු සුවය ලැබූවත් ඔහු අද (25දා) සිය දිවියට සමුදී ඇති බව සඳහන් වෙයි.