හක්ඛානි ජිහාඩ් ත්රස්ත ජාලයේ ආදිකර්තෘ ලෙස සැලකෙන ජලාලුදීන් හක්ඛානි වසර කිහිපයක් අසනීප තත්ත්වයේ පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇෆ්ගන් තලේබාන් සංවිධානය නිවේදනය කරයි.
තලේබාන් සහ අල්-කයිඩා ත්රස්ත සංවිධාන සමග සෘජු සබඳතා පැවැත්වූ හක්ඛානි, ඇෆ්ගනිස්තානයේ වඩාත් ප්රබල ත්රස්ත සාමාජිකයෙකු ලෙස කලක් කටයුතු කළ අයෙකු බව විදෙස් වාර්තා පවසයි.
2001 වසරේ සිට ඔහුගේ පුත්රයා මෙම ත්රස්ත සංවිධානයේ නායකත්වය උසුලමින් කටයුතු කර ඇත.
මෑත කාලයේදී ඇෆ්ගන් සහ නේටෝ හමුදා ඉලක්ක කරමින් එල්ල වූ ත්රස්ත ප්රහාර රැසක් පිටුපස හක්ඛානි ත්රස්ත ජාලය පැවති බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මොහුගේ මරණය සිදුවූ දිනයක් හෝ ස්ථානයක් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා නොවෙයි.