ලොව වටා හුදකලා යාත්රණයේ යෙදීමේ තරගයකට සහභාගී වෙමින් සිටියදී සුළ කුණාටුවකට හසුව අනතුරට පත්ව සිටි ඉන්දීය ජාතික නාවිකයාගේ ජීවිතය බේරාගෙන තිබේ.
අභිලාෂ් ටොමී නමැති මෙම නාවිකයාගේ යාත්‍රාව කැඩීගොස් ඔහුගේ කොන්දටද බරපතළ හානිවී තිබියදීත් ඔහු තම දිවි රැකගැනීමට සමත්ව ඇත්තේ යාත්රණයේ මෙන්ම නාවුක පුහුණවේදී ලද හසල දැනුම හා අත්දැකීම් නිසා බව පැවසෙයි.
දරුණු සුළි කුණාටුවක් හේතුවෙන් ඉන්දියානු සාගරය මධ්‍යයේදී මෙම අනතුරට ඔහු මුහුණදී තිබුණේ පසුගිය සැප්තැම්බර් 21 වැනිදාය.
ඉන් අනතුරුව, කෙසේ හෝ තරග සංවිධාකයන් වෙත තමා මුහුණදී ඇති අනතුර කියා පෑමට ඔහු සමත්වූ අතර, ඔහු සොයා අසල්වැසි රටවල් මෙන්ම තරග සංවිධායකයන්ද මෙහෙයුම් දියත් කළේය.
මේ වනවිට ටොමී රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.